“පාකිස්තානු තරගයට පෙර අසේල ගුණරත්න සිටියෙ අාබාදයෙන්.අපි සිටියෙ බයෙන්.” – අසංක ගුරුසිංහ

ශ්‍රී ලංකා කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක අසේල ගුණරත්න පාකිස්තානය සමග පැවති තරගයට පෙර ආබාද තත්වයකින් පසුවූ බව  ශ්‍රී ලංකා කණ්ඩායම් කලමණාකාරු අසංක ගුරුසිංහ අද මාධ්‍යවෙත හෙළිකළේය.

අසේල උරහිස් අාබාද තත්වයකින් පසුවූ බවත් ඔහුව ක්‍රීඩා කරවීමට තීරණය කලේ තරගය දින උදෑසන බවත් ඔහු වැඩි දුරටත් පැවසුවේය.

ඔහුගේ ආබාද තත්වය සැලකිල්ලට ගෙන ධනංජය ද සිල්වා ද පිතිකරුවෙකු ලෙස යොදා ගැනීමට තීරණය කර තිබේ. පිතිකරුවන් තිදෙනෙකුගේ අවශ්‍යතාව තිබීම මත එම තිරණය ගැනීමට සිදුවූ බවද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

කෙසේ නමුත් අසේල පන්දු යැවීම සදහා අඩුවෙන් යොදා ගැනීමට එම අාබාද තත්වය සාධකයක් නොවූ බව පැවසූ නායක ඇන්ජලෝ මැතිව්ස් තව දුරටත් ප්‍රකාශ කරේ පන්දු යවන්නන් සම්බන්ධයෙන් තමා තීරණ ගන්නේ තරගයෙ   අවස්තාවේ ස්වභාවය මත බවයි.

"ආබාද නිසා ශ්‍රී ලංකාව පකිස්තානෙට මුහුණ දුන්නෙ බයෙන්." – අසංක කියන කතාව.අසේල ගැනත් නොකියූ කතාවක් හෙළිකරයි.

Posted by Ceylon Sports on Wednesday, June 14, 2017

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *