චමරි අතපත්තු එංගලන්තයේ 20/20 තරගාවලියට තෝරාගනී

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩිකා චමරී අතපත්තුට එංගලන්තයේ පැවැත්වෙන කාන්තා පන්දුවාර 20/20 තරගාවලියට සහභාගීවීමේ අවස්ථාව හිමිව තිබේ.

මීට පෙර ශ්‍රී ලංකා ක්‍රීඩිකාවකට වෙනත් රටක පැවැත්වෙන පන්දුවාර 20/20 තරගාවලියකට සහභාගීවීමේ අවස්ථාව හිමිව නැත.

එංගලන්තයේ පැවැත්වෙන කියා පන්දුවාර 20/20 තරගාවලියේදී චමරී අතපත්තු යොක්ශයර් කණ්ඩායම නියෝජනය කිරීමට නියමිතවේ.

මෙවැනි තරගාවලි ඔස්ට්‍රේලියාවේ හා එංගලන්තයේ දී පැවැත්වෙන අතර මීට පෙර විදෙස් ක්‍රීඩිකාවන් ලෙස මේවාට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් සම්බන්ධ කරගෙන නොමැත.

එංගලන්තයේ දී පැවැති ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේදී චමරි අතපත්තු ලකුණු 178 ක් රැස්කිරීමත් සමග ඇය කෙරෙහි කාගේත් අවධානය යොමුව ඇත.

ඔස්ට්‍රේලියාවේ පැවැත්වෙන කාන්තා බිග් බෑෂ් ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කිරීමේ අරමුණින් පසුවූ චමරිට මේ ලද අවස්ථාව පුදුම සහගත අත්දැකීමක් බව ඇය සඳහන් කරයි.

මෙම තරගාවලියේදී, ලබා ගන්නා අත්දැකීම් තුළින් ක්‍රීඩා දිවියේ ඉදිරිගමනට වැඩි පිටුවලක් වනු ඇති බව චමරී විශ්වාසය පළ කරයි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *