තරුණ ශ්‍රී ලංකා කණ්ඩායම ලොව අංක එකේ විස්සයි විස්ස කණ්ඩායම පරදවයි!
[vc_row][vc_column][vc_column_text]වසර දහයකින් පසු පකිස්ථානයේ සංචාරය කරන ශ්‍රී ලංකා කණ්ඩායම 2-0ක් ලෙස එක්දින තරඟාවලිය පරාජයට පත් වීමෙන් අනතුරුවඊයේ දින ආරම්භ වුනු තරග තුනකින් සමන්විත විස්සයි විස්ස තරගාවලියේ පළමු තරගයෙන් ලකුණු 64ක විශිෂ්ට ජයක් ලබා ගැනීමට සමත්විය. මෙය 2013න් පසු පකිස්ථානය එරෙහිව ලබා ගත් ප්‍රථම ජයග්‍රහණයයි. [/vc_column_text][vc_column_text]ශ්‍රේණිගත කිරිම් වල ප්‍රථම ස්ථානයේ රැදී සිටින සිය අවසාන සීමිත පන්දුවාර තරග 8ම නොකඩවා ජයග්‍රහණය කර ඇති පකිස්ථානයකණ්ඩායම තරුණ අත්දැකීම් අඩු ශ්‍රී ලංකා කණ්ඩායම හමුවේ පරාජයට පත් වීම සියල්ලගේ අවධානයට ලක් විය. පකිස්ථාන කණ්ඩායම් නායක සෆ්‍රාස් අහමඩ් කාසියේ වාසිය දිනා ප්‍රථමයෙන් පන්දු යැවීමට තීරණයක කල අතර ශ්‍රී ලංකාව වෙනුවෙන් මුල්වරට දසුන් ශානක කණ්ඩායමට නායකත්වය ලබා දුන්නේය. භානුක රාජපක්ෂ සහ මිනෝද් භානුක ජාත්‍යන්තර විස්සයි විස්ස වරම් ඊයේ දින ශ්‍රී ලංකාව වෙනුවෙන් ලබා ගනිද්දී පකිස්ථාන කණ්ඩායමටකලකට පසු උමාර් අක්මාල් සහ අහමඩ් ශෙසාඩ් එක් වීම විශේශත්වයක් විය. ආරම්භක පිතිකරුවන් ලෙස පිටියට පැමිණි ධනුශ්ක ගුණතිලක සහ අවිශ්ක ප්‍රනාන්දු අතරින් තෙවන තරගයේදීද ශතකයක් රැස් කලධනුශ්ක ගුණතිලක ඉතා සාර්ථක ආරම්භයක් ශ්‍රී ලංකා කණ්ඩායමට ලබා දුන්නේ පවර් ප්ලේ අවස්ථාවෙන් උපරිම ඵල නෙලාගනිමිනි. මුල් පන්දුවාර 6 අවසානයේ අනුකම්පා විරහිත ප්‍රහාරයක් එල්ල කල ශ්‍රී ලංකා පිල ලකුණු 64ක් ලබා ගැනීමට සමත් වූ අතර ඊට වැඩිදායකත්වයක් සැපයූ ධනුශ්ක ගුණතිලක පන්දු 26කදී ලකුණු 43ක් ලබා සිටියේය. ඉනිමේ මුල් කඩුල්ල ලෙස සාර්ථක ඉනිමක් දියත් කල ධනුශ්ක ගුණතිලක ලකුණු 57කට දැවී ගියේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවීමෙනි. පන්දු 38ක් පමණක් වැය කල එම ඉනිමට හතරේ පහරවල් අටක් සහ එක් හයේ පහරක් එක් විය. මුලු ලකුණු ප්‍රමාණය 84 සිට 120 දක්වා දෙවන කඩුල්ලට සබඳතාවය ගොඩ නැගූ අවිශ්ක ගුණතිලක සහ භානුක රාජපක්ෂ අතරින්අවිශ්ක ප්‍රනාන්දු ඉනිමේ දෙවන කඩුල්ල ලෙස ලකුණු 30කට දැවී ගියේය. සිය ජාත්‍යන්තර ක්‍රිකට් දිවියට සාර්ථක ආරම්භයක් ලබාගත් භානුක රාජපක්ෂ ලකුණු 32ක් රැස් කලේ පන්දු 22ක් වැය කරමිනි. එම ඉනිමටදර්ශනීය හතරේ පහරවල් දෙකක් සහ හයේ පහරවල් දෙකක් අන්තර්ගත විය. ඉනිමේ ආරම්භක භාගයේදී ශ්‍රී ලංකා පිලට ලකුණු 180ක් පමණ ලබාගැනීමේ පෙරනිමිති පෙන්නුම් කලද අවසාන පන්දුවාර 5 ශ්‍රී ලංකා පිලටවාසිදායක නොවන ලෙස තබා ගැනීමට පකිස්ථාන පන්දු යවනන්න් සමත් වූ අතර අවසාන භාගයේ සාර්ථක වූ එකම පිතිකරුවා වූයේ පන්දු10කදී යෝධ හයේ පහරවල් දෙකක් සමගින් ලකුණු 17ක් ලබාගත් දසුන් ශානක පමණි. පහලස්වන පන්දුවාරයේ අවසාන පන්දුවෙන් සහ අට වන පන්දුවාරයේ මුල් පන්දු දෙකෙන් පිලිවෙලින් භානුක රාජපක්ෂ, දසුන් ශානක සහශෙහාන් ජයසූරිය දවාගත් මොහමඩ් හස්නයින් කඩුලු ත්‍රිත්වයක් වාර්තා කිරීමට සමත් විය. ඊට අමතරව ශඩාබ් කාන් එක් කඩුල්ලක් දවාගත්තේය. ලකුණු 166ක ජයග්‍රාහි ඉලක්කය හඹායෑමට පැමිණි පකිස්ථාන පිතිකරුවන් හට ආරම්භයේ සිටම දැඩි පීඩනය එල්ල කිරීමට ශ්‍රී ලංකා පන්දුයවනනනන් සහ පන්දු රකින්නන් සමත් වූ අතර දෙවන පන්දුවාරයේම පකිස්ථාන ප්‍රධානතම පිතිකරු බාබර් අසාම් සහ උමාර් අක්මාල් දවාගැනීමට නුවන් ප්‍රදීප් සමත් වෙමින් ශ්‍රී ලංකාවට සාර්ථක ආරම්භයක් ලබා දුන්නේය. පස්වන පන්දුවාරයේ ඉසුරු උදානගේ පන්දුවක් කෙලින්ම කඩුල්ලේ වැදි අහමඩ් ශෙසාඩ් දැවී ගිය අතර පකිස්ථාන ලකුණු පුවරුව 26/3ක්ලෙස දිස් විය. පකිස්ථාන ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ය යම් තරමක බලාපොරොත්තුවක් එක් කරමින් පිටියේ එක් වූ නායල සෆ්‍රාස් අහම්ඩ් සහ ඉෆ්තිකාර් අහමඩ්ලකුණු 42ක් සබඳතාවයක් ගොඩනගිමින් පකිස්ථාන ඉනිම යලි ගොඩ නැගුවද ඉෆ්තිකාර් අහමඩ් ගේ දැවී යාමත් සමහ නැවත අසීරුඅවස්ථාවකට පකිස්ථානය මුහුණ දුන්නේය. ඉන් පසු පැමිණි කිසිදු පිතිකරුවෙක්ට ලකුණු රැස් කිරීමට සහ පිටියේ රැදී සිටීමට කිසිදු ඉඩකඩක් ලබා නොදුන් පන්දු යවනන්න් දිගින්දිගටම පීඩනය එල්ල කර කඩුලු දවාගත්තේය. ලකුණු 101කට පකිස්ථාන ඉනිම නිමා කිරිමට සිදු වූ අතර සෆ්‍රාස් සහ ඉෆ්තිකාර් අහම්ඩ් හැරෙන්න කිසිදු පිතිකරුවෙක්ට ලකුණු 20 සීමවපසු කිරිමට අපොහොසත් විය. දසුන් ශානකගේ නිවැරැදි හා දක්ෂ මග පෙන්වීම යටතේ නිසි කලමනාකාරයකින් පන්දු යවන්නන් භාවිත කල නිසා ලකුණු 101කට ඉනිමසීමා කිරිමට ශ්‍රී ලංකා පිල සමය්හ් විය. නුවන් ප්‍රදීප් සහ ඉසුරු උදාන කඩුලු 3 බැගින් දවාගනිද්දී වනිදු හසරංග කඩුලු දෙකක් සහ කසුන් රාජිත එක් කඩුල්ලක් දවා ගත්තේය. තරගයේ වීරයා සම්මානය විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කල ධනුශ්ක ගුණතිලකට හිමි වූ අතර දෙවන විස්සයි විස්ස ජාත්‍යන්තර තරගයඔක්තෝබර් 7 ලාහෝර්හිදී පැවත්වීමට නියමිතය.[/vc_column_text][/vc_column][/vc_row]
දෙවන තරගයත් ජයග්‍රහණය කරමින් තරගාවලියේ ජය ශ්‍රී ලංකා පිලට!
[vc_row][vc_column][vc_column_text]ශ්‍රී ලංකාවේ පකිස්ථාන සංචාරයේ දෙවන විස්සයි තරගයේ ලකුණු 35ක විශිෂ්ට ජයක් ලබාගත් ශ්‍රී ලංකා පිල 2-0ක් ලෙස තවත් තරග එකක්ඉතිරිව තිබියදී තරගාවලියේ ජය තහවුරු කරගත්තේයග පකිස්ථානයේ විස්සයි විස්ස තරගාවලි ජයක් ලබාගත් එකම රට බවට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වියග තම දෙවන ජාත්‍යන්තර තරගයෙන්ම විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කල භානුක රාජපක්ෂගේ ලකුණු 77 සහ වනිදු හසරංග හා […]
SLT SpeedUp Sawariya 2019 – Awards Ceremony
[vc_row][vc_column][vc_column_text][/vc_column_text][/vc_column][/vc_row]
SLT SpeedUp Sawariya 2019 Men’s – Day 5
[vc_row][vc_column][vc_column_text][/vc_column_text][/vc_column][/vc_row]
Asia Rugby 7s Men’s – SL Vs China
[vc_row][vc_column][vc_column_text][/vc_column_text][/vc_column][/vc_row]
Asia Rugby 7s Men’s – SL Vs Japan
[vc_row][vc_column][vc_column_text][/vc_column_text][/vc_column][/vc_row]
Asia Rugby 7s Men’s – SL Vs UAE
[vc_row][vc_column][vc_column_text] [/vc_column_text][/vc_column][/vc_row]
SLT SpeedUp Sawariya 2019 Women’s – Day 2
[vc_row][vc_column][vc_column_text][/vc_column_text][/vc_column][/vc_row]
SLT Cycle Sawariya 2019 – Junior Race
[vc_row][vc_column][vc_column_text][/vc_column_text][/vc_column][/vc_row]
SLT SpeedUp Sawariya 2019 -Women’s
[vc_row][vc_column][vc_column_text][/vc_column_text][/vc_column][/vc_row]
SLT SpeedUp Sawariya 2019 – Day 4
[vc_row][vc_column][vc_column_text][/vc_column_text][/vc_column][/vc_row]
SLT SpeedUp Sawariya 2019 – Day 3
[vc_row][vc_column][vc_column_text][/vc_column_text][/vc_column][/vc_row]

