Category: Sinhala

Colombo Marathon 5,000කට වැඩි ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිසකගේ සහභාගීත්වයෙන් සැප්තැම්බර් 13 වනදා ගාලු මුවදොර අසලින්

තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශය, ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව 50 වන ජාතික ක්‍රීඩා උළෙලට සමගාමීව සංවිධානය කරන කොළඹ මැරතන් (Colombo Marathon 2026) ජාත්‍යන්තර මැරතන් තරගාවලිය එළඹෙන 2026 සැප්තැම්බර් මස 13 වනදා කොළඹ ගාලු මුවදොර (Galle Face Green) පරිශ්‍රයේදී පැවැත්වේ. මේ වන විටත් ප්‍රධාන තරග ඉසව් සඳහා 1,200කට අධික ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිසක් ලියාපදිංචි වී සිටිති. ඒ අතරට […]

හර්ෂිතාගේ පිතිහරඹයෙන් ශ්‍රී ලංකාව අපරාජිතව අවසන් පූර්ව තරගයට

ලකුණු 44කට කඩුලු 5ක් බිඳ වැටී තරගය බංග්ලාදේශය දෙසට හැරෙමින් තිබියදී ශ්‍රී ලංකාව වෙනුවෙන් සටන භාරගත් හර්ෂිතා සමරවික්‍රම, පීඩනය මැද ඉනිම ගොඩනඟමින් 19 වැනි පන්දුවාරයේ අවසන් පන්දුවට එල්ල කළ දැවැන්ත හයේ පහරින් තරගයේ වාසිය සම්පූර්ණයෙන්ම ශ්‍රී ලංකාව දෙසට හරවා ගත්තාය. ඒ වන විට අවසන් පන්දුවාරයේදී ජයග්‍රහණය සඳහා ශ්‍රී ලංකාවට අවශ්‍යව තිබුණේ ලකුණු 2ක් පමණක් වූ […]

ආබාධ හේතුවෙන් එංගලන්ත එරෙහි විස්සයි-20 තරගාවලියෙන් කුසල් සහ බිනුර ප්‍රනාන්දු ඉවතට – නායකත්වය චරිත්ට

එංගලන්තයට එරෙහිව පැවැත්වීමට නියමිත විස්සයි-20 ජාත්‍යන්තර තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කිරීමට නියමිතව සිටි කුසල් මෙන්ඩිස් සහ බිනුර ප්‍රනාන්දු ආබාධ හේතුවෙන් තරගාවලියෙන් ඉවත්ව තිබේ. කුසල් මෙන්ඩිස් තරගාවලියට සහභාගිනොවීම හේතුවෙන් එංගලන්තයට එරෙහි විස්සයි-20 තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය චරිත් අසලංක විසින් දරනු ඇත. 2026 ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය අතරතුරදී ආබාධවලට ලක්වූ මෙම ක්‍රීඩකයන් දෙදෙනා මේ […]

කැළණිය විශ්වවිද්‍යාලයේ සිසුන්ට ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් ක්‍රීඩා මාධ්‍යකරණය පිළිබඳ වැඩසටහනක්

කැළණිය විශ්වවිද්‍යාලයේ ජන සන්නිවේදන අධ්‍යයන අංශයයටතේ ඉගෙනුම ලබන සිසුන් 160 දෙනෙකුට ක්‍රීඩා මාධ්‍යකරණය සහ ජාත්‍යන්තර ක්‍රිකට් තරගයක මාධ්‍ය මෙහෙයුම් පිළිබඳ ප්‍රායෝගික අත්දැකීමක් ලබාදීම අරමුණු කරගනිමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් විශේෂ අධ්‍යාපනික වැඩසටහනක් පවත්වන ලදී. අධ්‍යයන කාර්ය මණ්ඩල සාමාජිකයින් සමඟ පැමිණි සිසුන් කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති ශ්‍රී ලංකා – ඉන්දියා වයස අවුරුදු […]

කඩුලු ත්‍රිත්වයක් සමගින් චමරිගෙන් වාර්තාගත පන්දු යැවීමක් – නිලක්ෂිකාටත් ගෞරවයක්

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් විස්සයි-20 තරග ඉතිහාසයේ කඩුලු ත්‍රිත්වයක්ද සමඟ ඉනිමක හොඳම පන්දු යැවීම සටහන් කරමින් ශ්‍රී ලංකා විස්සයි-20 නායිකා චමරි අතපත්තු ලකුණු 5කට කඩුලු 7ක් දවාගනිද්දී, ඉන්දුනීසියාවට එරෙහිව පැවැති තරගයෙන් ලකුණු 75ක දැවැන්ත ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අද (02දා) රාත්‍රියේ සමත් විය. ලකුණු 5කට කඩුලු 7ක් දවාගනිමින් කඩුලු ත්‍රිත්වයක්ද සම්පූර්ණ කළ […]

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ශූරියන්ගේ කුසලාන තරගාවලියට

ඉදිරියේදී පැවැත්වීමට නියමිත අයි.සී.සී. කාන්තා ශූරියන්ගේ කුසලාන තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ස්වයංක්‍රීයව සුදුසුකම් ලබා ඇති අතර, තරගාවලියේ සත්කාරකත්වය සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් ගනු ලැබූ තීරණය පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය (SLC) සිය අවධානය යොමු කරයි. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් ඉදිරි කාන්තා ශූරියන්ගේ කුසලාන තරගාවලියේ සත්කාරකත්වය සම්බන්ධයෙන් ගත් තීරණය අනුව […]

පඩික්කාල්ගේ ශතකයෙන් ඉන්දියාවට ශක්තිමත් ආරම්භයක්

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ශ්‍රී ලංකා–ඉන්දියා පළමු ටෙස්ට් තරගයේ පළමු දිනය වර්ෂාව හේතුවෙන් පන්දුවාර 73කට සීමා වූ නමුත්, දේව්දත් පඩික්කාල්ගේ විශිෂ්ට ශතකයත් සමඟ ඉන්දියාව දිනය අවසන් කළේ කඩුලු 2ක් දැවී ලකුණු 288ක් රැස්කරමිනි. පන්දු 178කට මුහුණ දෙමින් හතරේ පහර 12ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී රැස් කරන ලද ලකුණු 131ක ඉනිම, පඩික්කාල්ගේ ටෙස්ට් ක්‍රිකට් […]

ගාලු පිටියේ ටෙස්ට් අර්ධ ශතකය – මුහුදත් ගාලු කොටුවත් අතර ලියැවුණු ටෙස්ට් ඉතිහාසයේ මතකයන්

ගාලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය යනු ශ්‍රී ලංකාවේ තවත් එක් ක්‍රිකට් ක්‍රීඩාංගණයක් පමණක් නොවේ. ගාලු කොටුවේ ඓතිහාසික පවුරුත්, ඉන්දියානු සාගරයේ නිල්වන් රළ පෙළත් අතර පිහිටි මේ ක්‍රීඩාංගණය ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ අමරණීය මතක රැසක් සඟවාගෙන සිටින ස්ථානයකි. ලෝකයේ වෙනත් බොහෝ ක්‍රීඩාංගණවලට වඩා ගාලු පිටිය සුවිශේෂී වන්නේ එහි ස්වභාවික සුන්දරත්වය නිසා පමණක් නොව, ලෝක ක්‍රිකට් ක්‍රීඩාවේ […]

කුසල් වෙනුවට දික්වැල්ල සංචිතයට

ඉන්දියාවට එරෙහිව ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අගෝස්තු 15 වැනිදා ආරම්භ වීමට නියමිත පළමු ටෙස්ට් තරගය සඳහා 16 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව විසින් නම් කර තිබේ. ආබාධ තත්ත්වයන් හේතුවෙන් නිත්‍ය පිතිකරුවන් වන පැතුම් නිස්සංක සහ කුසල් මෙන්ඩිස් මෙම සංචිතයට ඇතුළත් නොවන අතර, ඔවුන් වෙනුවට නිශාන් මධුෂ්ක සහ නිරෝෂන් දික්වැල්ල සංචිතයට […]

ආසියානු කුසලානය රැකගැනීමේ මෙහෙයුමට චමරිගේ කණ්ඩායම සූදානම්

2024 වසරේ දිනාගත් කාන්තා ආසියානු කුසලාන ශූරතාව තවදුරටත් තමන් සතුව රඳවා ගැනීමේ අරමුණින් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම මෙවර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වෙන 2026 කාන්තා ආසියානු කුසලාන විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය සඳහා සූදානම් වෙමින් සිටී. චමරි අතපත්තුගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩිකාවන් 15 දෙනකු ඇතුළත් වන අතර, පාකිස්තානයට එරෙහිව මෑතකදී පැවැති විස්සයි-20 තරගාවලිය සඳහා […]

අවුරුදු 20 න් ලෙදර් පන්දුව අතට ගෙන ලෝක කුසලාන වීරවරියක් වූ ‘වස්කඩුවේ නිලක්ෂි‘

ක්‍රිකට් තරුවක් බිහිවෙන්නේ සෑම විටම ක්‍රිකට් ක්‍රීඩාවටම වෙන්වූ පාසලකින් නොවේ. දැවැන්ත ක්‍රීඩාංගණයක පුහුණුව ලබමින්, කුඩා වියේ සිටම පුහුණුකරුවන්ගේ ඇසට හසුවී ජාතික කණ්ඩායමට පැමිණීමද අනිවාර්ය නියමයක් නොවේ.සමහරවිට ඒ ගමන ආරම්භ වන්නේ ගමේ පුංචි පිට්ටනියකිනි.අයියලා සමඟ ක්‍රිකට් ගසන පුංචි දැරියකගෙනි. ක්‍රිකට් බෝලයක් අතට ගැන්මට පෙර, මලල ක්‍රීඩා ඉසව්වක්, එහෙමත් නැත්නම් වොලිබෝලයක් අතට ගත් ක්‍රීඩිකාවකගෙනි. එසේත් නැත්නම්, ජීවිතය වෙනස් කළ […]

ශ්‍රව්‍යාබාධිත කාන්තා ඓතිහාසික T20 ක්‍රිකට් තරගාවලියේ ජය ඉන්දියාවට

ශ්‍රී ලංකා – ඉන්දීය ප්‍රථම ශ්‍රව්‍යාබාධිත කාන්තා ඓතිහාසික T20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් මොරටුවේදී පැවැත්වේ ශ්‍රී ලංකා සහ ඉන්දීය ශ්‍රව්‍යාබාධිත කාන්තා ක්‍රිකට් කණ්ඩායම් අතර පැවැත්වුණු ප්‍රථම ඓතිහාසික විස්සයි-20 (T20) ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (ජූලි 13) මොරටුව ද සොයිසා ක්‍රීඩාංගනයේදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්වුණු […]

Back To Top