Category: News

නව ක්‍රිකට් විනිසුරුවන් 51 දෙනකුට සහතික පත් ප්‍රදානය කෙරේ

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරන ලද පස්වැනි මට්ටමේ (Level 5) විනිසුරු විභාගය සමත් වූ නව ක්‍රිකට් විනිසුරුවන් 51 දෙනකුට සහතික පත් ප්‍රදානය කිරීම පසුගියදා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන මූලස්ථානයේදී සිදු කෙරිණි. මෙම විනිසුරුවන් කණ්ඩායමට පිරිමි විනිසුරුවන් 47 දෙනකු සහ කාන්තා විනිසුරුවන් සිව්දෙනකු ඇතුළත් වන අතර, ඔවුන් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් විනිසුරුවරයකු ලෙස කටයුතු කිරීම […]

ශ්‍රී ලංකා පිතිකරුවෝ වාර්තාගත ලකුණු 430 හඹා ගොස් ජය ගනිති

හැරී බෘෘක්ගේ වාර්තාගත ද්විත්ව ශතකය අපතේ යවමින් එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් ඉතිහාසයේ දෙවැනි ඉහළම ලකුණු හඹා යාම සාර්ථක කරගත් ශ්‍රී ලංකාව, රාවල්පිණ්ඩිහිදී පැවැති තරගයෙන් එංගලන්තයට එරෙහිව කඩුලු 2 ක විශිෂ්ට ජයක් අද (22 දා) රාත්‍රියේ වාර්තා කළේය. එංගලන්තය කඩුලු 4ක් දැවී රැස් කළ ලකුණු 429ට පිළිතුරු ලෙස ශ්‍රී ලංකාව කඩුලු 6ක් දැවී ලකුණු 430ක් රැස් කළේ තරගයේ […]

“ක්‍රිකට් ක්‍රීඩාව කඩා වැටීමට අපි ඉඩ තියන්නේ නෑ ” – ක්‍රීඩා අමාත්‍ය

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කඩා වැටීමට රජය ඉඩ නොතබන බවට ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ සහතිකයක් ලබා දුන්නේය. ක්‍රීඩාව දියුණු කිරීම සඳහා අවශ්‍ය නීතිමය පියවර දැනටමත් ආරම්භ කර ඇති බව ද ඔහු සඳහන් කළේය. අද (21) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ, ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රතිසංස්කරණය කිරීම සහ සංවර්ධනය කිරීම අරමුණු කරගත් නව පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් […]

CIC Holdings partners Rumesh Tharanga on his journey towards Olympic glory in 2028

Diversified conglomerate CIC Holdings PLC (CSE: CIC) has partnered with Sri Lankan national athlete Rumesh Tharanga Pathirage as his Official Nutritional & Wellness Partner, supporting his journey towards the 2028 Olympic Games and his ambition to bring home Sri Lanka’s first-ever Olympic gold medal. The partnership reflects a shared commitment that extends beyond conventional sports […]

නිස්සංක ඉවතට, උදාර ඇතුළට! ශ්‍රී ලංකා එක්දින සංචිතයේ වෙනසක් සිදු කිරීමට සිදුවේ

පාකිස්තානයේ පැවැත්වෙන, ශ්‍රී ලංකාව, පාකිස්තානය සහ එංගලන්තය සහභාගී වන එක්දින ත්‍රිකෝණාගික තරගාවලිය සඳහා පැතුම් නිස්සංක වෙනුවට ලහිරු උදාරව නම් කර තිබේ. එක්දින තරගාවලියට සූදානම් වෙමින් සිටියදී අඟහරුවාදා දිනයේදී නිස්සංක තම කකුලේ වේදනාවක් පිළිබඳව පැමිණිලි කිරීම හේතුවෙන්, තේරීම් කමිටුවට සංචිතයේ වෙනසක් සිදු කිරීමට සිදුවිය. ශ්‍රී ලංකාව 2-1ක් ලෙස පරාජයට පත් වූ විස්සයි20 තරගාවලියට, ​​ආබාධයකින් සුවය ලබමින් […]

ලිමන්සාගේ තුන් ඉරියව් දස්කම් හමුවේ ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවෝ කඩුලු 8ක ජයක් ලබති

පාකිස්තානයේ පැවැත්වෙන වයස අවුරුදු 19න් පහළ කාන්තා විස්සයි20 තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ බංග්ලාදේශයට එරෙහිව අද (14) පැවැති තරගයෙන් කඩුලු 8ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවෝ සමත් වූහ. ෆයිසලාබාද්හි ඉක්බාල් ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේදී පළමුව පන්දුවට පහර දුන් බංග්ලාදේශ යොවුන් කණ්ඩායම ඕවර 17.3කදී ලකුණු 58කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ සමත් වූහ. එහිදී […]

අංජල ටෙස්ට් දොරටුව අභියසට – එෂාන් මාලිංගත් ටෙස්ට් සංචිතයට

පාකිස්තානය සමඟ පැවැත්වීමට නියමිත තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කළ ශ්‍රී ලංකා සංචිතයට යොවුන් කඩුලු රකින්නකු සහ පිතිකරුවකු වන අංජල බණ්ඩාර ඇතුළත් කර තිබේ. සීමිත පන්දුවාර තරග රටාව තුළ දස්කම් දැක්වූ වේග පන්දු යවන්නකු වන එෂාන් මාලිංගට ද ටෙස්ට් සංචිතයේ ස්ථානයක් හිමිවීම මෙවර සංචිතයේ කැපී පෙනෙන කරුණු අතර වේ. කුසල් මෙන්ඩිස්ගේ නායකත්වයෙන් […]

හොංකොං සික්සර්ස් යන ශ්‍රී ලංකා පිලේ නායකත්වය සංගීත් කුරේට

ඔක්තෝබර් 30 වැනිදා සිට නොවැම්බර් 01 වැනිදා දක්වා හොංකොංහිදී පැවැත්වීමට නියමිත 2026 හොංකොං සික්සර්ස් ක්‍රිකට් තරගාවලිය සඳහා ක්‍රීඩකයන් හත්දෙනකුගෙන් සමන්විත ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩා අමාත්‍යාංශයේ අනුමැතිය හිමිව තිබේ. සංගීත් කුරේට අමතරව සචිත ජයතිලක, රවිඳු ප්‍රනාන්දු, විශේන් හැළඹගේ, මුදිත ලක්ෂාන්, මොවින් සුබසිංහ සහ චමිඳු විජේසිංහ මෙම සංචිතයට ඇතුළත් වෙති. නයකත්වයට අමතරව සංගීත් කුරේ කඩුලු රකින්නා ලෙස […]

මෙන්ඩිස්ලා ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරා රැගෙන යති

කුසල් මෙන්ඩිස්ගේ නොබිඳුණු ලකුණු 87ත්, කමිඳු මෙන්ඩිස්ගේ නොදැවුණු ලකුණු 40ත් එක්වූ විශිෂ්ට පිතිහරඹයෙන් ශ්‍රී ලංකාව පාකිස්තානයට එරෙහිව අද (13 දා) පැවැති තෙවැනි විස්සයි-20 තරගයෙන් කඩුලු අටක පහසු ජයක් වාර්තා කළේය. තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 56කදී ලකුණු 98ක නොබිඳුණු සම්බන්ධතාවක් ගොඩනැගූ මෙන්ඩිස් යුගලය, ලකුණු 169ක ඉලක්කය පන්දුවාර 17.1කදී සපුරා ගනිමින් ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරා රැගෙන ගියේය. රාවල්පිණ්ඩිහිදී […]

Sri Lanka U19 Youth Tour of Pakistan 2026

The Sri Lanka Women’s U19 Team will tour Pakistan in October 2026 for a Tri-Nation Tournament. The T20 Tri-Nation Tournament will also involve Pakistan and Bangladesh. DATE Sri Lanka Matches VENUE 3rd October Sri Lanka vs Pakistan Faisalabad 5th October Sri Lanka vs Bangladesh Faisalabad 8th October Sri Lanka vs Bangladesh Faisalabad 9th October Sri […]

බෘක් – බට්ලර් ප්‍රහාරයෙන් විස්සයි-20 එංගලන්තය පෙරමුණට

එංගලන්ත පිතිකරුවන්ගේ දැවැන්ත ප්‍රහාරය හමුවේ කිසිදු පිළිතුරක් සොයාගත නොහැකි වූ ශ්‍රී ලංකා කණ්ඩායමට සවුත්හැම්ප්ටන්හි යුටිලිටා බෝල් ක්‍රීඩාංගණයේදී පැවැති පළමු විස්සයි-20 ජාත්‍යන්තර තරගයෙන් ලකුණු 119ක දැවැන්ත පරාජයක් අත්විය. ඒ සමගම තරග 3 කින් සමන්විත විස්සයි-20 තරගාවලියේ 1-0 ක් ලෙස පෙරමුණට පැමිණීමට සත්කාරක එංගලන්ත කණ්ඩායමට හැකියාව ලැබිණ. කාසියේ වාසිය දිනා පළමුව පන්දු යැවීමට තීරණය කළ ශ්‍රී ලංකා […]

Back To Top