Category: News

පැතුම් නැතුව දිල්ලිය දිනුව පංජාබ් තරගය!

2026 IPL තරගාවලියේ 55වෙනි තරගය ඊයේ දිල්ලි කැපිටල්ස් කණ්ඩායම සහ පංජාබ් කිංග්ස් කණ්ඩායම අතර පැවැත්වුණා.එම තරගයෙන් කඩුලු 3ක ජයක් ලැබීමට දිල්ලි කැපිටල්ස් කණ්ඩායම සමත් වුණා.ඊයේ දිල්ලි කැපිටල්ස් කණ්ඩායම තරගයට එක් වුණේ ප්‍රධාන වෙනස්කම් පහක් සහිතව,පෙර තරගයේදී අර්ධ ශතකයක් ලබාගත් පැතුම් නිස්සංකටද ඊයේ තරගය අහිමි උනා. මුලින්ම පන්දුවට පහර දුන් පංජාබ් කිංස් කණ්ඩායම කඩුලු 5කට ලකුණු […]

උතුරු නැගෙනහිර ක්‍රිකට් ඉතිහාසයට නව පිටුවක් එක් කරමින් මන්නාරමේ සජින්තිනි ශ්‍රී ලංකා කාන්තා ‘ඒ‘ කණ්ඩායමට

මන්නාරම් දිස්ත්‍රික්කයට පමණක් නොව උතුරු නැගෙනහිර පළාත් ක්‍රිකට් ඉතිහාසයටද නව පිටුවක් එක් කරමින් මන්නාරම් දිස්ත්‍රික්කයේ පේසාලෙයිහි ශාන්ත පාතිමා විදුහල නියෝජනය කළ සතීෂ්කුමාර් සජින්තිනි, නවසීලන්ත කාන්තා ‘ඒ’ කණ්ඩායමට එරෙහිව හෙට (12දා) ආරම්භ වන තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා කාන්තා ‘ඒ’ කණ්ඩායමට තේරී පත්ව තිබේ. මෙම තරගාවලිය සඳහා ඇය කැඳවීමත් සමඟ […]

මුම්බායි පිළේ Play-offs ගමන අවසන් කළ බැංගලෝරයේ ජය!

2026 IPL තරගාවලියේ 54වෙනි තරගය ඊයේ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සහ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම අතර රායිපූර්හීදී පැවැත්වුණා.අවසන් පන්දුවාරයේ අවසන් පන්දුව තෙක් පැමිණි තරගය ජය ගැනීමට රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සමත් වුණා,ඒ කඩුලු 2කින්.ඒ අනුව මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට මෙවර IPL තරගාවලියේ Play-offs වටයට තිබූ අවස්ථාව නිල වශයෙන් අවසන් උනා. තරගයේ මුලින්ම පන්දුවට පහර දුන් මුම්බායි ඉන්දියන්ස් […]

ජයමාවතේ යන චෙන්නායි සුපර් කිංග්ස් !

IPL තරගාවලියේ 6වෙනි ජයග්‍රහණය වාර්තා කිරීමට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම අද සමත් වුණා.ඒ ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායමට එරෙහිව පැවති මෙවර IPL තරගාවලියේ 53වෙනි තරගය කඩුලු 5කින් ජය ගනිමින්. පළමුවෙන් පන්දුවට පහර දුන් ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේදි කඩුලු 8කට ලකුණු 203ක ලකුණු පුවරුවක් නිර්මාණය කිරීමට සමත් වුණා.කෙසේවෙතත් පන්දු 33කින් ලකුණු 85ක් රැස් කරමින් […]

පාසල් ක්‍රීඩා පිටි නවීකරණයට මිලියන 450ක්!

ශ්‍රී ලංකාව පුරා පවතින පාසල් ක්‍රීඩා පිටි නවීකරණය කිරීමට සහ පාසල් සදහා උසස් තත්වයේ උපකරණ ලබා දීම මගින් රට තුළ ක්‍රීඩා විප්ලවීකරණයක් ඇති කිරීම සදහා රුපියල් මිලියන 450ක් (ඩොලර් මිලියන 1.5) වෙන් කර තිබෙනවා. මෙම වැඩසටහනේ අරමුණ වන්නේ ග්‍රාමීය සහ නාගරික පාසල් අතර පරතරය අවම කිරීම,සියලුම පාසල් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ඉහළ සහ සමාන මට්ටමේ පහසුකම් සදහා […]

Massive LKR 450 Million Investment for School Sports!

The government has launched a project worth LKR 450 million to encourage school children across the island to engage in sports. The inaugural event, chaired by the Minister of Youth Affairs and Sports, Mr. Sunil Kumara Gamage, was held today (08th) at the Department of Sports Development, where the official distribution of sports equipment to […]

The Story of the ICC Women’s T20 World Cup So Far

Nine editions of the ICC Women’s T20 World Cup have provided breathtaking action for nearly two decades.  Here is a look back at each chapter of the tournament’s story so far. 2009 Winner: England Runners-up: New Zealand The inaugural edition of the ICC Women’s T20 World Cup was held in England as an eight-team tournament at the same time as the men’s tournament. England, Australia, […]

ඉමේෂා දුලානි අප්‍රේල් මාසයේ දක්ෂතම ක්‍රීඩිකාවන් අතරට!

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් මාසිකව තෝරාගනු ලබන එම මාසයේ දක්ෂතම ක්‍රීඩිකාවන් තිදෙනා අතර ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ මුල්පෙළ පිතිකාරිණියක වන ඉමේෂා දුලානි තේරීපත්ව තිබෙනවා. 24වන වියේ පසුවන ඉමේෂා පසුගිය දිනවල බංග්ලාදේශයේදී බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව දැක් වූ පිතිකරණ දක්ෂතාමතයි ඇයව මෙම නාමයෝජනා තුන අතරට තෝරාගෙන ඇත්තේ. ඇය විසින් අප්‍රේල් මාසයේදී බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව එක්දින තරග […]

දඟ පන්දු සාම්ප්‍රදායට අභියෝග කළ කවිඳු සහ චමෝද්

මෙවර නැෂනල් සුපර් ලීග් සිව්දින තරගාවලිය තවත් සුවිශේෂීතාවක් එක් කරගත්තේ, තරගාවලියේ වැඩිම කඩුලු ලාභීන් අතර පෙරමුණ ගැනීමට වේග පන්දු යවන්නන් දෙදෙනෙකු සමත් වීමත් සමඟින්. ගතවූ වසර ගණනාවක් පුරා මෙවැනි ආකෘතීන්හි දේශීය තරගාවලිවල වැඩිම කඩුලු ලාභීන් ලෙස බොහෝවිට ඉදිරියට පැමිණියේ දඟ පන්දු යවන්නන් බව නොරහසක්. ශ්‍රී ලංකාවේ තණතීරු ස්වභාවයත්, දතරගවල දී දඟ පන්දුවට ලැබෙන සහායත් එයට […]

වයසට වඩා වගකීම කරට ගත් කවිඳු පතිරත්න

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයෙන් පස්වැනි වතාවටත් පැවැති නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලිය අවසන් වුණේ ධනංජය ද සිල්වාගේ නායකත්වයෙන් යුත් දඹුල්ල කණ්ඩායම ශූරතාව දිනාගනිමින්. හැබැයි තරගාවලිය පුරාම වැඩි අවධානය දිනාගත්තේ එම කණ්ඩායම් ජයග්‍රහණයටත් වඩා, තරුණ තුන් ඉරියව් ක්‍රීඩක කවිඳු පතිරත්නගේ දක්ෂතා ඉස්මතු වෙමින්. ශ්‍රී ලංකා ක්‍රිකට් අනාගතයට සුදුසු ක්‍රීඩකයින් තෝරාගැනීමේ වැදගත් වේදිකාවක් ලෙස සැලකෙන […]

කාලගුණය අභිබවා සචින් මැලේ පිල ජයග්‍රහණය කරා ගෙන යයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ගවනර්ස් කප් අන්තර් සමාජ එක්දින ක්‍රිකට් තරගාවලියේ අද (08) පානදුර මහජන ක්‍රීඩාංගණයේ පැවැති මැලේ ක්‍රිකට් සමාජය සහ කෘෘෂේඩර්ස් ක්‍රීඩා සමාජය අතර තරගයේ දී   පස්වරුවේ පැවැති ඇඳිරි කාලගුණය අභිබවා යමින් මැලේ ක්‍රිකට් සමාජය ඩක්වර්ත් ලුවිස් ක්‍රමය යටතේ ලකුණු 11ක ජයක් අත්කර ගත්තේය. මුලින් පන්දුවට පහර දුන් කෘෘෂේඩර්ස් ක්‍රීඩා සමාජය පන්දුවාර […]

ජාතික මලල ක්‍රීඩා වරණ පරීක්ෂණ කාලසටහන නිකුත් කෙරේ.

2026 වසර සදහා සංචිත තුනක් යටතේ මලල ක්‍රීඩා සදහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් තෝරාගැනීම සදහා කාලසටහන් නිකුත් කර තිබෙනවා. ඒ ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ක්ෂේත්‍රයේ 2026 වසරට නියමිත ඉදිරි ප්‍රධාන ජාත්‍යන්තර තරගාවලි ඉලක්ක කර ගනිමිනුයි ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය විසින් මෙය ප්‍රකාශයට පත් කර ඇත්තේ. මෙම වරණ පරීක්ෂණයේදී හරහා ප්‍රධාන ජාත්‍යන්තර සංචිත තුනක් සදහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් […]

Back To Top