පාකිස්තානයේ පැවැත්වෙන, ශ්රී ලංකාව, පාකිස්තානය සහ එංගලන්තය සහභාගී වන එක්දින ත්රිකෝණාගික තරගාවලිය සඳහා පැතුම් නිස්සංක වෙනුවට ලහිරු උදාරව නම් කර තිබේ. එක්දින තරගාවලියට සූදානම් වෙමින් සිටියදී අඟහරුවාදා දිනයේදී නිස්සංක තම කකුලේ වේදනාවක් පිළිබඳව පැමිණිලි කිරීම හේතුවෙන්, තේරීම් කමිටුවට සංචිතයේ වෙනසක් සිදු කිරීමට සිදුවිය. ශ්රී ලංකාව 2-1ක් ලෙස පරාජයට පත් වූ විස්සයි20 තරගාවලියට, ආබාධයකින් සුවය ලබමින් […]
ලිමන්සාගේ තුන් ඉරියව් දස්කම් හමුවේ ශ්රී ලංකා යොවුන් ක්රීඩිකාවෝ කඩුලු 8ක ජයක් ලබති
පාකිස්තානයේ පැවැත්වෙන වයස අවුරුදු 19න් පහළ කාන්තා විස්සයි20 තුන්කොන් ක්රිකට් තරගාවලියේ බංග්ලාදේශයට එරෙහිව අද (14) පැවැති තරගයෙන් කඩුලු 8ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට ශ්රී ලංකා යොවුන් ක්රීඩිකාවෝ සමත් වූහ. ෆයිසලාබාද්හි ඉක්බාල් ක්රීඩාංගණයේ පැවැති මෙම තරගයේදී පළමුව පන්දුවට පහර දුන් බංග්ලාදේශ යොවුන් කණ්ඩායම ඕවර 17.3කදී ලකුණු 58කට සීමා කිරීමට ශ්රී ලංකා පන්දු යවන්නියෝ සමත් වූහ. එහිදී […]
අංජල ටෙස්ට් දොරටුව අභියසට – එෂාන් මාලිංගත් ටෙස්ට් සංචිතයට
පාකිස්තානය සමඟ පැවැත්වීමට නියමිත තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්රිකට් තරගාවලිය සඳහා නම් කළ ශ්රී ලංකා සංචිතයට යොවුන් කඩුලු රකින්නකු සහ පිතිකරුවකු වන අංජල බණ්ඩාර ඇතුළත් කර තිබේ. සීමිත පන්දුවාර තරග රටාව තුළ දස්කම් දැක්වූ වේග පන්දු යවන්නකු වන එෂාන් මාලිංගට ද ටෙස්ට් සංචිතයේ ස්ථානයක් හිමිවීම මෙවර සංචිතයේ කැපී පෙනෙන කරුණු අතර වේ. කුසල් මෙන්ඩිස්ගේ නායකත්වයෙන් […]
හොංකොං සික්සර්ස් යන ශ්රී ලංකා පිලේ නායකත්වය සංගීත් කුරේට
ඔක්තෝබර් 30 වැනිදා සිට නොවැම්බර් 01 වැනිදා දක්වා හොංකොංහිදී පැවැත්වීමට නියමිත 2026 හොංකොං සික්සර්ස් ක්රිකට් තරගාවලිය සඳහා ක්රීඩකයන් හත්දෙනකුගෙන් සමන්විත ශ්රී ලංකා කණ්ඩායමට ක්රීඩා අමාත්යාංශයේ අනුමැතිය හිමිව තිබේ. සංගීත් කුරේට අමතරව සචිත ජයතිලක, රවිඳු ප්රනාන්දු, විශේන් හැළඹගේ, මුදිත ලක්ෂාන්, මොවින් සුබසිංහ සහ චමිඳු විජේසිංහ මෙම සංචිතයට ඇතුළත් වෙති. නයකත්වයට අමතරව සංගීත් කුරේ කඩුලු රකින්නා ලෙස […]
මෙන්ඩිස්ලා ශ්රී ලංකාව ජයග්රහණය කරා රැගෙන යති
කුසල් මෙන්ඩිස්ගේ නොබිඳුණු ලකුණු 87ත්, කමිඳු මෙන්ඩිස්ගේ නොදැවුණු ලකුණු 40ත් එක්වූ විශිෂ්ට පිතිහරඹයෙන් ශ්රී ලංකාව පාකිස්තානයට එරෙහිව අද (13 දා) පැවැති තෙවැනි විස්සයි-20 තරගයෙන් කඩුලු අටක පහසු ජයක් වාර්තා කළේය. තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 56කදී ලකුණු 98ක නොබිඳුණු සම්බන්ධතාවක් ගොඩනැගූ මෙන්ඩිස් යුගලය, ලකුණු 169ක ඉලක්කය පන්දුවාර 17.1කදී සපුරා ගනිමින් ශ්රී ලංකාව ජයග්රහණය කරා රැගෙන ගියේය. රාවල්පිණ්ඩිහිදී […]
Sri Lanka tour of England Practices ahead of 1st ODI
Click the picture for more pictures in Flicker !
Sri Lanka tour of England | 2nd T20I
Click the picture for more pictures in Flicker !
Sri Lanka tour of England |1st T20I
Click the picture for more pictures in Flicker !
බෘක් – බට්ලර් ප්රහාරයෙන් විස්සයි-20 එංගලන්තය පෙරමුණට
එංගලන්ත පිතිකරුවන්ගේ දැවැන්ත ප්රහාරය හමුවේ කිසිදු පිළිතුරක් සොයාගත නොහැකි වූ ශ්රී ලංකා කණ්ඩායමට සවුත්හැම්ප්ටන්හි යුටිලිටා බෝල් ක්රීඩාංගණයේදී පැවැති පළමු විස්සයි-20 ජාත්යන්තර තරගයෙන් ලකුණු 119ක දැවැන්ත පරාජයක් අත්විය. ඒ සමගම තරග 3 කින් සමන්විත විස්සයි-20 තරගාවලියේ 1-0 ක් ලෙස පෙරමුණට පැමිණීමට සත්කාරක එංගලන්ත කණ්ඩායමට හැකියාව ලැබිණ. කාසියේ වාසිය දිනා පළමුව පන්දු යැවීමට තීරණය කළ ශ්රී ලංකා […]
ICC Men’s Player of the Month revelead for August 2026
Sri Lanka’s Sonal Dinusha has been rewarded for his iconic performance during the home ICC World Test Championship series against India. Sonal Dinusha has been named the ICC Men’s Player of the Month for August 2026. This marks Dinusha being crowned with the accolade for the first time in his career. Having played only three […]
පදක්කමක් සොයා ශ්රී ලංකා කාන්තා පිල ජපානය බලා පිටත්වෙයි
ජපානයේ අයිචි-නාගෝයා නගර ආශ්රිතව පැවැත්වෙන 2026 ආසියානු ක්රීඩා උළෙලේ කාන්තා ක්රිකට් තරගාවලියට සහභාගි වීම සඳහා ශ්රී ලංකා කාන්තා ක්රිකට් කණ්ඩායම අද (14) රාත්රියේ ජපානය බලා පිටත්ව ගියේය. ආසියානු ක්රීඩා උළෙලේ කාන්තා ක්රිකට් තරගාවලිය සැප්තැම්බර් 17 සිට 22 දක්වා පැවැත්වෙන අතර, ශ්රී ලංකා කණ්ඩායමේ පළමු අභියෝගය ලෙස මැලේසියානු කණ්ඩායම හමුවීමට නියමිතය. ශ්රී ලංකා කණ්ඩායමේ ඉදිරි ගමන […]
Asia Cup 2026 | Fan’s | Finals | Sri Lanka Vs India
Click the picture for more pictures in Flicker !

