කණ්ඩායම් 3 ක් පූර්ණ ජයග්‍රහණ වාර්තා කරති

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ප්‍රධානතම සිව්දින ක්‍රිකට් තරගාවලියේ පළමු සතියේ අවසන් දිනය වූ අද (22) දිනයේදී රොෂාන් විජේනායක සහ ෂෙවෝන් ඩැනියෙල් ශතක වාර්තා කරමින් පිත්තෙන් දස්කම් දැක්වූ අතර, දුවිඳු තිලකරත්න කඩුලු හයක් දවාගනිමින් පන්දුවෙන් කැපී පෙනුණි.

බදුරලිය ක්‍රිකට් සමාජය නියෝජනය කරන රොෂාන් විජේනායක පොලිස් ක්‍රීඩා සමාජයට එරෙහිව පැවැති තරගයේ දෙවැනි ඉනිමේදී පන්දු 203කට මුහුණ දෙමින් හතරේ පහර 10ක් සමඟ ලකුණු 115ක් රැස් කළේය. එම ඉනිම හේතුවෙන් බදුරලිය කණ්ඩායමට තරගයේදී ඉනිමක සහ ලකුණු 142ක ජයක් හිමි විය.

එස්.එස්.සී. කණ්ඩායමේ ආරම්භක පිතිකරු ෂෙවෝන් ඩැනියෙල් ද මුවර්ස් ක්‍රීඩා සමාජයට එරෙහිව දෙවැනි ඉනිමේදී පන්දු 176කට මුහුණ දෙමින් හතරේ පහර 9ක් සහ හයේ පහරක් සමඟ ලකුණු 102ක් රැස් කළේය. කෙසේ වෙතත්, එම තරගයෙන් එස්.එස්.සී. කණ්ඩායමට ඉනිමක සහ ලකුණු 43ක පරාජයක් අත්විය.

පන්දු යැවීමේදී මුවර්ස් ක්‍රීඩා සමාජයේ වමතින් දඟ පන්දු යවන දුවිඳු තිලකරත්න එස්.එස්.සී. කණ්ඩායමේ දෙවැනි ඉනිමේදී ලකුණු 90කට කඩුලු 6ක් දවාගනිමින් කැපී පෙනුණි.

මේ අතර, බ්ලූම්ෆීල්ඩ් සමාජය නියෝජනය කරන අසිත වන්නිනායක පාණදුර ක්‍රීඩා සමාජයට එරෙහිව පැවැති තරගයේ දෙවැනි ඉනිමේදී ලකුණු 99ක් රැස් කළේය. පන්දු 237කට මුහුණ දුන් ඔහුගේ ඉනිමට හතරේ පහර 6ක් ඇතුළත් විය. ඒ අනුව ශතකයට එක් ලකුණක් මෙපිටින් සිටියදී ඔහු දැවී ගියේය.

අර්ධ ශතක වාර්තා කළ පිතිකරුවන් අතරින් කුරුණෑගල තරුණ ක්‍රිකට් සමාජයට එරෙහිව කවින් බණ්ඩාර ලකුණු 74ක් රැස් කළේය. බදුරලිය කණ්ඩායමේ අයන සිරිවර්ධන ලකුණු 84ක් ලබාගත් අතර, බී.ආර්.සී. කණ්ඩායමේ රිසිත් උපමාල් ලකුණු 56ක් සහ ප්‍රමෝද් මදුවන්ත ලකුණු 63ක් රැස් කළහ. එම කණ්ඩායමේ නිශාන් පීරිස් නොදැවී ලකුණු 54ක් ලබාගැනීමට සමත් විය.

පන්දු යැවීමේදී පොලිස් ක්‍රීඩා සමාජයේ නලින් ප්‍රියදර්ශන බදුරලිය කණ්ඩායමට එරෙහිව ලකුණු 61කට කඩුලු 5ක් දවාගනිමින් දස්කම් දැක්වීය.

එමෙන්ම, නුගේගොඩ ක්‍රීඩා සමාජයේ සුමින්ද ලක්ෂාන් මෙම සතියේ කැපී පෙනෙන පන්දු යැවීමක් වාර්තා කළේය. එන්.සී.සී. කණ්ඩායමට එරෙහිව පළමු ඉනිමේදී ලකුණු 59කට කඩුලු 7ක් දවාගෙන සිටි ඔහු එම ඉනිම අවසන් වන විට කඩුලු 8ක් දවාගැනීමට සමත් විය. එය ඔහුගේ පළමු පෙළ තරග දිවියේ ඉනිමක හොඳම පන්දු යැවීම බවට පත්විය.

එම තරගයේ දෙවැනි ඉනිමේදී ද ලකුණු 45කට කඩුලු 4ක් දවාගත් සුමින්ද, ඉනිම් දෙකේදීම ලකුණු 104කට කඩුලු 12ක් දවාගනිමින් තරගයකදී සිය පළමු පෙළ හොඳම පන්දු යැවීම වාර්තා කළේය. එම දක්ෂතාව හමුවේ නුගේගොඩ කණ්ඩායමට ඉනිමක සහ ලකුණු 133ක විශිෂ්ට ජයක් හිමි විය.

සූරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී

නුගේගොඩ ක්‍රීඩා හා සුබසාධක සමාජයට ඉනිමක සහ ලකුණු 133ක ජයක්.

නුගේගොඩ ක්‍රීඩා සමාජය – පළමු ඉනිම කඩුලු 7ක් දැවී 618 (පන්දුවාර 158.3යි) – ලොහාන් ද සොයිසා 144, අක්‍රම් මුතාලිබ් 136, කෙවින් පෙරේරා 63, සම්මු අශාන් 136, අනුක් ප්‍රනාන්දු 40, රාහුල් ගුණසේකර 22, සුමින්ද ලක්ෂාන් නොදැවී 50, කවිඳු පතිරත්න 101/3, ශක්ති උදාර 167/3

එන්.සී.සී. – පළමු ඉනිම සියලු දෙනා දැවී 287 (පන්දුවාර 91යි) – ජීවක සශීන් 21, ගවිරු සෙන්හස් 62, විනුක රූබසිංහ 33, අහන් වික්‍රමසිංහ 76, කවින් බණ්ඩාර 61, ලොහාන් ද සොයිසා 40/2, සුමින්ද ලක්ෂාන් 59/7

එන්.සී.සී. – දෙවැනි ඉනිම සියලු දෙනා දැවී 198 (පන්දුවාර 68යි) – විනුක රූබසිංහ 23, කවින් බණ්ඩාර 74, ශක්ති උදාර 25, රාහුල් ගුණසේකර 33/3, සුමින්ද ලක්ෂාන් 45/4

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී

පොලිස් ක්‍රීඩා සමාජයට ඉනිමක සහ ලකුණු 142ක ජයක්.

පොලිස් ක්‍රීඩා සමාජය – පළමු ඉනිම කඩුලු 6ක් දැවී 612 (පන්දුවාර 167යි) – තිලකරත්න සම්පත් 169, දුලාශ් උදයංග 98, භානුක රාජපක්ෂ 39, ප්‍රියමාල් පෙරේරා නොදැවී 151, සුපුන් මදුශංක 39, නිපුන් ප්‍රේමරත්න නොදැවී 79, මාලින්ද පුෂ්පකුමාර 170/2, චානක රුවන්සිරි 124/2

බදුරලිය ක්‍රිකට් සමාජය – පළමු ඉනිම සියලු දෙනා දැවී 129 (පන්දුවාර 46යි) – ඩිල්ශාන් ද සොයිසා 31, විනුර දුල්සර නොදැවී 43, නිපුන් ප්‍රේමරත්න 51/4, නලින් ප්‍රියදර්ශන 22/2, සුපුන් මදුශංක 12/2

බදුරලිය ක්‍රිකට් සමාජය – දෙවැනි ඉනිම සියලු දෙනා දැවී 341 (පන්දුවාර 84.2යි) – රමේෂ් නිමන්ත 25, හිරුන් කපුරුබණ්ඩාර 49, රොෂාන් විජේනායක 115, අයන සිරිවර්ධන 84, මාලින්ද පුෂ්පකුමාර 22, හිමේෂ් රාමනායක 32/2, ප්‍රවීන් ජයවික්‍රම 86/2, නලින් ප්‍රියදර්ශන 61/5

කොළඹ එන්.සී.සී. ක්‍රීඩාංගණයේදී

මුවර්ස් ක්‍රීඩා සමාජයට ඉනිමක සහ ලකුණු 43ක ජයක්.

එස්.එස්.සී. – පළමු ඉනිම සියලු දෙනා දැවී 244 (පන්දුවාර 69.5යි) – ෂෙවෝන් ඩැනියෙල් 41, චරිත් අසලංක 30, දසුන් ශානක 41, මල්ෂ ප්‍රනාන්දු නොදැවී 71, සංතුෂ් ගුණතිලක 45/2, රමේෂ් මෙන්ඩිස් 65/4, දුවිඳු තිලකරත්න 47/3

මුවර්ස් ක්‍රීඩා සමාජය – පළමු ඉනිම කඩුලු 9ක් දැවී 524 (පන්දුවාර 106යි) – සිතාර ගිම්හාන් 61, ජනිෂ්ක පෙරේරා 50, රවිශාන් ද සිල්වා 30, සොහාන් ද ලිවේරා 54, සදීර සමරවික්‍රම 20, රමේෂ් මෙන්ඩිස් 147, ෂෙහාන් ප්‍රනාන්දු 28, සංතුෂ් ගුණතිලක 94, දුනිත් වෙල්ලාලගේ 131/3, දසුන් ශානක 87/2, මල්ෂ ප්‍රනාන්දු 137/3

එස්.එස්.සී. – දෙවැනි ඉනිම සියලු දෙනා දැවී 237 (පන්දුවාර 71යි) – ෂෙවෝන් ඩැනියෙල් 102, රොන් චන්ද්‍රගුප්ත 29, රනුද සෝමරත්න 34, රමේෂ් මෙන්ඩිස් 82/3, දුවිඳු තිලකරත්න 90/6

කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී

තරගයේ විසඳුමක් නැත

බී.ආර්.සී. – පළමු ඉනිම සියලු දෙනා දැවී 336 (පන්දුවාර 115.2යි) – සමින්ද ප්‍රනාන්දු 30, හෂාන් දුමිඳු 52, ප්‍රමෝද් මදුවන්ත 58, රමින්ද විජේසූරිය 109, නිශාන් පීරිස් නොදැවී 28, චාමිකර එදිරිසිංහ 101/4, සමීර සඳමාල් 42/3

කුරුණෑගල තරුණ ක්‍රිකට් සමාජය – පළමු ඉනිම සියලු දෙනා දැවී 368 (පන්දුවාර 130.4යි) – ගයාන් මනීෂාන් 98, අභිෂේක් ලියනාරච්චි 45, දුනිත් ජයතුංග 46, ගයාන් වීරසිංහ 54, නවීන් ප්‍රනාන්දු 47, දිනුෂ්ක මාලන් 22, නිශාන් පීරිස් 74/6, චානුක ඩිල්ශාන් 117/2

බී.ආර්.සී. – දෙවැනි ඉනිම කඩුලු 6ක් දැවී 311 (පන්දුවාර 80.2යි) – හේෂාන් ප්‍රනාන්දු 35, හෂාන් දුමිඳු 42, රිසිත් උපමාල් 56, ප්‍රමෝද් මදුවන්ත 63, රමින්ද විජේසූරිය නොදැවී 28, නිශාන් පීරිස් නොදැවී 54, චාමිකර එදිරිසිංහ 109/3, සමීර සඳමාල් 67/2

කුරුණෑගල තරුණ ක්‍රිකට් සමාජය – දෙවැනි ඉනිම කඩුලු 4ක් දැවී 90 (පන්දුවාර 32යි) – අභිෂේක් ලියනාරච්චි 25, ගයාන් වීරසිංහ 46, චානුක ඩිල්ශාන් 45/3

රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී

තරගයේ විසඳුමක් නැත.

බ්ලූම්ෆීල්ඩ් ක්‍රිකට් සමාජය – පළමු ඉනිම සියලු දෙනා දැවී 309 (පන්දුවාර 86යි) – කසුන් අබේරත්න 80, ලහිරු මදුශංක 119, ශානික්‍ය දේශප්‍රිය 40, තරින්ද නිර්මාල් 30, අසංක මනෝජ් 80/4, දුෂාන් විමුක්ති 55/3

පානදුර ක්‍රීඩා සමාජය – පළමු ඉනිම සියලු දෙනා දැවී 322 (පන්දුවාර 115යි) – විශ්ව චතුරංග 57, ශාලිත් ප්‍රනාන්දු 95, රවීන් යසස් 53, පැතුම් කුමාර 36, ටෝනි ග්‍රේග් 61/2, සහන් නානායක්කාර 71/2, තරින්ද නිර්මාල් 68/3

බ්ලූම්ෆීල්ඩ් ක්‍රිකට් ක්‍රීඩා සමාජය – දෙවැනි ඉනිම කඩුලු 7ක් දැවී 262 (පන්දුවාර 87යි) – අසිත වන්නිනායක 99, මිනෙත් ප්‍රේමරත්න 20, කසුන් අබේරත්න නොදැවී 30, ලහිරු මදුශංක 40, තරින්ද නිර්මාල් නොදැවී 21, අසංක මනෝජ් 42/2, දුෂාන් විමුක්ති 75/4

පානදුර ක්‍රීඩා සමාජය – දෙවැනි ඉනිම කඩුලු 3ක් දැවී 160 (පන්දුවාර 43යි) – ඔෂද ප්‍රනාන්දු 49, විශ්ව චතුරංග 30, ශාලිත් ප්‍රනාන්දු නොදැවී 31, රවීන් යසස් නොදැවී 31, තරින්ද නිර්මාල් 66/2

Back To Top