කුසල් මෙන්ඩිස්ගේ වේගවත් ලකුණු 72ක ඉනිමත්, දුෂ්මන්ත චමීරගේ කඩුලු 4ක විශිෂ්ට පන්දු යැවීමත් ප්‍රධාන කොට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහි පළමු එක්දින තරගයෙන් ලකුණු 41ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකාව සමත් විය. මෙම එක්දින තරග ජය සනිටුහන් වූයේ ශ්‍රී ලංකා කණ්ඩායමක් වසර 13 කට පසු බටහිර ඉන්දීය කොදෙව් දේශයේදී වාර්තා කරගන්නා ලද පළමු ජය ලෙසිනි. […]
Sri Lanka National Men’s Tour of New Zealand 2027
Sri Lanka’s National Men’s team will tour New Zealand during January and February 2027 for an all-format cricket series. The tour will comprise three One-Day Internationals (ODIs), three Twenty20 Internationals (T20Is), and two Test matches.
කුසල් දඟ පන්දු යවන්නන්ට හොඳට බැට් කළා… ඒක තමයි ටර්නිං පොයින්ට් එක” – පැතුම්
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව ජැමෙයිකාවේ සබීනා පාර්ක් ක්‍රීඩාංගණයේ පැවැති පළමු එක්දින තරගයේ හැරවුම් ලක්ෂ්‍යය වූයේ කුසල් මෙන්ඩිස් දඟ පන්දු යවන්නන්ට එරෙහිව දැක්වූ පිතිහරඹය බව ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක පවසයි. තරගයෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ කුසල් මෙන්ඩිස්ගේ ඉනිමත් සමඟ තරගයේ වාසිය ශ්‍රී ලංකාව දෙසට හැරුණු බවයි. “කුසල් දඟ පන්දු […]
දේශීය දක්ෂතා මත නවකයන්ට ‘ඒ’ කණ්ඩායමේ දොරටු විවෘත වෙයි
ඉන්දියාව, ඇෆ්ගනිස්තානය සහ ශ්‍රී ලංකාව යන රටවල ‘ඒ’ කණ්ඩායම්වල සහභාගිත්වයෙන් දඹුල්ලේදී පැවැත්වීමට නියමිත තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහාත්, එම තරගාවලියෙන් අනතුරුව ශ්‍රී ලංකා ‘ඒ’ සහ ඉන්දියා ‘ඒ’ කණ්ඩායම් අතර පැවැත්වෙන තරග දෙකකින් සමන්විත සිව්දින ක්‍රිකට් තරගාවලිය සඳහාත් ශ්‍රී ලංකා ‘ඒ’ සංචිත නම් කර තිබේ. යෞවන කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශයේ අනුමැතියෙන් පසුව ජාතික තේරීම් කමිටුව විසින් […]
Sri Lanka tour of West Indies | 1st Practices ahead of 1st ODI
Click the picture for more pictures in Flicker !
ශෂිනිගේ පාඩුව මැද නව බලාපොරොත්තු සමඟ චමරිගේ කණ්ඩායම එංගලන්තයට
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම කාන්තා විස්සයි-20 ලෝක කුසලාන තරගාවලිය සඳහා එංගලන්තය බලා පිටත්වීමට සූදානම් වන අවස්ථාවක, කණ්ඩායමට විශාල පාඩුවක් සිදුකරමින් දක්ෂ යොවුන් දඟ පන්දු යවන්නිය වන ශෂිනි ගිම්හානි ආබාධයක් හේතුවෙන් තරගාවලියෙන් ඉවත් කර තිබේ. එංගලන්තයේ පැවැත්වීමට නියමිත කාන්තා විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර පැවැති අද (02 දා) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති මාධ්‍ය […]
ශ්‍රී ලංකා ක්‍රිකට් නව කොන්ත්‍රාත්තුවට ක්‍රීඩකයින් 46 ක් – නවකයින්ටත් අවස්ථාව
2026–2027 දින දර්ශනය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ ක්‍රීඩකයින් අතර අත්සන් තැබෙන වන ජාතික ක්‍රීඩක ගිවිසුම් යටතේ ක්‍රීඩකයන් 46 දෙනෙකුට කොන්ත්‍රාත්තු ප්‍රධානය කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබේ. මෙම නව ගිවිසුම් 2026 වසරේ අප්‍රේල් 01 වැනිදා සිට 2027 වසරේ මාර්තු 31 වැනිදා දක්වා ක්‍රියාත්මක වේ. ක්‍රීඩකයින්ගේ දක්ෂතා, ස්ථාවරත්වය, ශාරීරික යෝග්‍යතාව, අනාගත හැකියාවන් […]
උප නායකයා වුණත් මම තවමත් කණ්ඩායමේ සාමාන්‍ය ක්‍රීඩකයෙක් – කමිඳු මෙන්ඩිස්
ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ විශේෂ අවස්ථාවක් සනිටුහන් කරමින්, කමිඳු මෙන්ඩිස් ජාතික කණ්ඩායමේ ටෙස්ට්, එක්දින සහ විස්සයි-20 යන අංශ තුනේම උප නායකයා ලෙස නම් කර තිබේ. වයස අවුරුදු 19 න් පහළ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දැරූ කමිඳු, ජාතික කණ්ඩායමේ මෙවන් වගකීමකට පත්වන්නේ පළමු වතාවටය. මෙම නව වගකීම පිළිබඳ අදහස් දක්වමින් කමිඳු පැවසුවේ, “මේක වෙනස් වගකීමක්. හැබැයි […]
ආබාධයෙන් සුවය ලැබූ විශ්මිට ලෝක කුසලාන වරම්
එංගලන්තයේ පැවැත්වීමට නියමිත අයි.සී.සී. පන්දුවාර විස්සයි-20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා වන ශ්‍රී ලංකා කාන්තා සංචිතය නම් කර ඇති අතර, ආබාධයකට ලක්ව සුව ලබා සිටින ආරම්භක පිතිකාරිනී විශ්මි ගුණරත්නව යළි සංිතයට කැදවීමට පියවර ගෙන තිබේ. ඇතෙහි ඇතිවූ ආබාධයක් හේතුවෙන් විශ්මිට ඉකුත්දා බංග්ලාදේශයේ පැවැති එක්දින සහ විස්සයි-20 තරගාවලියට ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමිවිය. එම තරගාවලිය අහිමි වුවද […]
Sri Lanka Tour of West Indies 2026 | Departure Ceremony
Click the picture for more pictures in Flicker !
සනත් ජයසූරිය ඉල්ලා අස්වෙයි!
ශ්‍රී ලංකා ක්‍රිකට් ඉහළ කාර්ය සාධන මධ්‍යස්ථානයේ උපදේශක ධුරයෙන් ඉල්ලා අස්වීමට හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරිය මහතා තීරණය කර තිබෙනවා.ඒ අනුව අලුතින් පත් කරන ලද ක්‍රිකට් පරිවර්තන කමිටුවට ලිපියක් යොමු කරමින් ඔහු කියා සිටියේ, ඉහළ කාර්ය සාධන මධ්‍යස්ථානයේ කටයුතු කිරීමත්,මාතර දිස්ත්‍රික් ක්‍රිකට් සංගමයේ සභාපති ධුරයත් යන දෙකම දැරීම සම්බන්ධයෙන් ඇති විය හැකි ගැටලු […]
ශ්‍රී ලංකා ක්‍රිකට් වලට නව තේරීම් කමිටුවක්!
ශ්‍රී ලංකා ක්‍රිකට් සදහා නව තේරීම් කමිටුවක් පත් කර තිබෙනවා.ඒ අනුව හිටපු තේරීම් කමිටු සභාපති කපිල විජේගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සාමාජිකයින් 5 දෙනෙකුගෙන් යුත් නව තේරීම් කමිටුවක් පත් කර තිබෙනවා. මෙම කමිටුවට කපිල විජේගුණවර්ධන, බ්‍රෙන්ඩන් කුරුප්පු, අමල් සිල්වා, වරුණ වරාගොඩ සහ වෙනිසා ද සිල්වා යන පිරිස ඇතුළත්. ඒ අනුව ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පත්කළ තේරීම් කමිටුව […]

