කරාතේ ශූරතාවලියට සහභාගි වීමට නොහැකි වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යවරයා හමුවෙයි.

ආසියානු කනිෂ්ඨ කරාතේ ශුරතාවලිය සඳහා සහභාගි වීමට වීසා ලබා ගත නොහැකි වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් හා ඔවුන්ගේ දෙමව්පියන් පිරිසක් අද තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ අමාත්‍යවරයා හමු විය. තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ දී අද (04දා) එම පිරිස අමාත්‍යවරයා හමු වී තමන්ට සිදුවූ අසාධාරණය පිළිබඳව අමාත්‍යවරයා හමුවේ කරුණු දැක්වීය.

මෙම අවස්ථාවේදී තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යවරයා පැවසුවේ ඔවුන්ට සිදුවී ඇති අසාධාරණය පිළිබඳව විධිමත් පරීක්‍ෂණයක් පවත්වා, වගකිවයුත්තන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවයි.

මෙම ක්‍රීඩක ක්‍රීඩකාවන්ට සිදුව ඇති අසාධාරණය වෙනුවෙන් හැකි උපරිම මැදිහත්වීම, තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යංශය ලෙස සිදුකරන බව ද අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළේය.

 

Back To Top