පිතිකරණයෙන් මෙන්ම පන්දු යැවීමෙන් ද සිය ආධිපත්‍යය තවදුරටත් තහවුරු කළ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම, 2026 අයි.සී.සී. නැගී එන කාන්තා කණ්ඩායම් කුසලාන තරගාවලියේ සුපිරි හය වටයේදී නෙදර්ලන්ත කණ්ඩායම කඩුලු 9කින් පරාජය කරමින් සිය අපරාජිත ගමන තවදුරටත් ඉදිරියට ගෙන ගියේය.
අද (22) එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අජ්මාන්හි කර්වාන් ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායිකා හර්ෂිතා සමරවික්‍රම පළමුව පන්දුවට පහරදීමේ අවස්ථාව නෙදර්ලන්ත කණ්ඩායමට ලබා දුන්නාය.
එම තීරණය නිවැරදි බව තහවුරු කළ ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ නෙදර්ලන්ත ඉනිම ලකුණු 57කට සීමා කිරීමට සමත් වූහ. ශ්‍රී ලංකා පන්දු යැවීමේදී කවීෂා දිල්හාරි සහ නිමාෂා මීපගේ කඩුලු 2 බැගින් දවාගනිමින් කැපී පෙනුණහ.
ජයග්‍රහණය සඳහා ලකුණු 58ක පහසු ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 7.2කදී එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 58ක් රැස්කරමින් තරගයේ ජය තහවුරු කර ගත්තේය.
ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභිනිය වූ විශ්මි ගුණරත්න නොදැවී ලකුණු 29ක් රැස්කළ අතර, නායිකා හර්ෂිතා සමරවික්‍රම නොදැවී ලකුණු 21ක් ලබා ගනිමින් කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියාය.
ඒ අනුව සුපිරි හය වටයේ මේ දක්වා සහභාගි වූ තරග දෙකම ජයගනිමින් තරගාවලියේ සිය අපරාජිත ගමන තවදුරටත් ඉදිරියට ගෙන යාමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත් වී සිටියි.
නෙදර්ලන්ත කාන්තා කණ්ඩායම – 57 (පන්දුවාර 17.4යි) – ස්ටෙරේ කාලිස් 26, කවීෂා දිල්හාරි 8/2, නිමාෂා මීපගේ 13/2
ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම – 58/1 (පන්දුවාර 7.2යි) – විශ්මි ගුණරත්න නොදැවී 29, හර්ෂිතා සමරවික්‍රම නොදැවී 21

