2013 අංක 33 දරණ ක්‍රීඩාවල යෙදීමේ දී උත්තේජක ද්‍රව්‍ය ගැනීමට එරෙහි සම්මුති පනත III කොටස මගින් පිහිටුවා ඇති, ශ්‍රී ලංකා උත්තේජක මර්දන නියෝජ්‍ය ආයතනයේ නව සභාපතිවරයා වශයෙන් ආචාර්ය දුෂාන් ලලීෂ කහටපිටිය, තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ අතින් අද (23) දින තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශයේ දී සිය පත්වීම් ලිපිය භාර ගන්නා ලදී. මෙම පත්වීම් භාර ගන්නා අවස්ථාවට, ශ්‍රී ලංකා උත්තේජක මර්දන නියෝජ්‍ය ආයතනයේ අධ්යක්ෂ ජෙනරාල් වෛද්‍ය ශිරෝමි පිලපිටිය ද අල්විස් ද සහභාගී විය.
ශ්‍රී ලංකා උත්තේජක මර්දන නියෝජ්‍ය ආයතනයේ නව සභාපතිවරයා වශයෙන් පත්වීම් ලද ඔහු, ක්‍රීඩා විද්‍යාව පිළිබඳ කියුබාවේ “මැනුවෙල් ෆජාර්ඩෝ” ජාත්‍යන්තර භෞතික, සංස්කෘතික හා ක්‍රීඩා විද්‍යා විශ්ව විද්‍යාලයෙහි ආචාර්ය උපාධියක් සහිතව ඉක්වදෝරයේ ක්විටෝ හි “ඩි’ෆර්නැන්ඩා” ක්‍රීඩා පුහුණු මධ්‍යස්ථානයෙහි පරිපාලන කළමනාකරුවෙකු වශයෙන් ද කලක් සේවය කර ඇති අතර ජාත්‍යන්තර බොක්සිං සංගමයෙහි (IBA) ක්‍රීඩා සංවර්ධන වැඩසටහනේ සාමාජිකයෙකු වශයෙන් ද මේ දක්වා කටයුතු කර ඇත.
එමෙන්ම, කියුබා යොවුන් ජාතික බොක්සිං කණ්ඩායම් සහකාර පුහුණුකරුවෙකු වශයෙන් ද කටයුතු කර ඇති ඔහු, දකුණු ආසියානු කනිෂ්ඨ බොක්සිං ශූරතාවලිය සහ
ජාත්‍යන්තර “YMCA” බොක්සිං ශූරතාවලියන්හි, පදක්කම් ලාභියෙක් මෙන්ම ජාතික බොක්සිං කණ්ඩායමේ හිටපු ක්‍රීඩකයෙක් ද වේ.