ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ලබන ඉරිදා (13 වැනිදා) රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිත දෙවැනි විස්සයි-20 ක්‍රිකට් තරගයේසියලුම ප්‍රවේශපත් විකිණී අවසන්ව ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කර සිටියි.
මෙම තත්ත්වය මත ප්‍රවේශපත්‍ර අළෙවිය වෙනුවෙන් රංගිරි දඹුලු ක්‍රීඩාංගණයෙහි ප්‍රවේශපත්‍ර කවුලුව අද ප.ව. 3.30 සිට නිල වශයෙන් වසා දැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගත් බැවින් එය තවදුරටත් ක්‍රියාත්මක නොවනු ඇත.
ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතයන අද (11 දා) පස්වරුවේ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටින්නේ අද ප.ව. 3.00 වන විට සියලුම ප්‍රවේශපත් විකිණී අවසන් බැවින් තවදුරටත් ප්‍රවේශපත් මිලදි ගැනීම සඳහා පෝලිම්වල රැඳී නොසිටින ලෙසයි.
දෙරට අතර දෙවැනි පන්දුවාර විස්සයි-20 ජාත්‍යන්තර තරගය ලබන ඉරිදා (13 වැනිදා) ප.ව. 7.00 ට රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනු ඇති අතර ක්‍රීඩාංගණයේ දොරටු ප.ව. 5.00 සිට විවෘත කෙරෙනු ඇත.

