[vc_row][vc_column][vc_column_text]එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගයකදී ප්‍රතිවාදී කණ්ඩායම අඩුම ලකුණු සංඛ්‍යාවකට දවා ගනිමින් ශ්‍රී ලංකාව පිහිටුවා තිබූ වාර්තාව සම කිරීමට නේපාල කණ්ඩායම සමත් වුණා. ඒ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සංවිධාන කරන ලෝක ශුරතා ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ අමෙරිකානු කණ්ඩායම ලකුණු 35 කට දවා ගනිමින්.
2004 වසරේදී සිම්බාබ්වේ හරාරේහිදී පැවැති තරගයකදී සිම්බාබ්වේ කණ්ඩායම ලකුණු 35 කට දවා ගනිමින් ශ්‍රී ලංකාව මෙම වාර්තාව පිහිටුවා තිබුණා. අමෙරිකාව සහ නේපාලය අතර තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන්නේ අමෙරිකානු කණ්ඩායමයි. ඔවුන් පන්දු වාර 12 කදී සියලු ක්‍රීඩකයින් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 35 ක්. වැඩිම ලකුණු ලාභියා වූ සේවියර් මාෂල් ලකුණු 16ක් ලබා ගත්තා. පන්දු යැවීමේදී සංදීප් ලැමුචේන් කඩුලු 5 ක් දවා ගත් අතර සුෂාන් හාරි කඩුලු 4 යි. පිලිතුරු ලෙස නේපාල කණ්ඩායම තරගය ජය ගත්තේ පන්දු වාර 5 යි පන්දු 2 ක් අවසානයේ කඩුලු 2 ක් දැවී ලකුණු 36 ක් රැස් කරමින්. තරගයෙන් නේපල කණ්ඩායම කඩුලු 8 ක ජයක් වාර්තා කළා.[/vc_column_text][/vc_column][/vc_row]

