සුපිරි අට වටයේ තරග 4ම ජය පැරදුමෙන් තොරයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන අන්තර් ක්‍රීඩා සමාජ මේජර් ලීග් තුන්දින ක්‍රිකට් තරගාවලියේ මේ සති අන්තයේ පැවැති සුපිරි 8 වටයේ තරග 4ම අද (8) ජය පරාජයෙන් තොරව නිමාවට පත්විය. අවසන් දිනය වූ අද දිනයේ බ්ලුම්ෆීල්ඩ් පිලේ ජනිත් ලියනගේ ලකුණු 136ක්, බීආර්සී පිලේ හෂාන් දුමින්ද නොදැවී ලකුණු 152ක් හා කෝල්ට්ස් පිලේ රවිඳු රසාන්ත ලකුණු 111ක් ලබා ශතක වාර්තා කළහ.

බ්ලුම්ෆීල්ඩ් පිලේ ජනිත් ලියනගේ ඊයේ දෙවැනි දිනයේදී නොදැවී ලකුණු 100ක් ලබා සිටි අතර, අද දිනයේදී පන්දු 146කදී හයේ පහර 2ක් හා හතරේ පහර 17ක් සමඟ ලකුණු 136කට දැවී ගියේය. බීආර්සී පිලේ හෂාන් දුමින්ද පන්දු 269කදී හයේ පහරක් හා හතරේ පහර 16ක් සමඟ නොදැවී ලකුණු 152ක් හා කෝල්ට්ස් පිලේ රවිඳු රසාන්ත පන්දු 239කදී හයේ පහරක් හා හතරේ පහර 11ක් සමඟ ලකුණු 111ක් එක් කළහ.

මෙයට පෙර පොලිස් ක්‍රීඩා සමාජයේ අෂේන් බණ්ඩාර පන්දු 232කදී හයේ පහර 2ක් හා හතරේ පහර 18ක් සමඟ ලකුණු 158ක්, ඒස් කැපිටල් ක්‍රිකට් සමාජයේ නිමේෂ ගුණසිංහ බ්ලුම්ෆීල්ඩ් පිලට එරෙහිව පන්දු 272කදී හතරේ පහර 15ක් සමඟ නොදැවී ලකුණු 148ක් හා පළමු දිනයේදී එන්සීසී පිලේ අහන් වික්‍රමසිංහ සීසීසී පිලට එරෙහිව පන්දු 134කදී හයේ පහර 3ක් හා හතරේ පහර 5ක් සමඟ ලකුණු 102ක් ලබා ගැනීමට සමත් විය.

අද අවසන් දිනයේ අර්ධ ශතක වාර්තා කළ පිතිකරුවන් අතර, බ්ලුම්ෆීල්ඩ් පිලේ තරිඳු හර්ෂණ ලකුණු 89ක්, කෝල්ට්ස් පිලේ සංගීත් කුරේ ලකුණු 54ක් හා දිනේෂ් චන්දිමාල් ලකුණු 75ක්, බීආර්සී පිලේ සමින්ද ලකුණු 83ක්, ප්‍රමෝද් මධුවන්ත ලකුණු 50ක්, සීසීසී පිලේ කමිඳු මෙන්ඩිස් ලකුණු 62ක් හා මුවර්ස් පිලේ සහන් ප්‍රනාන්දු ලකුණු 57ක් ලෙස සටහන් විය.

එන්සීසී පිලේ නිරෝෂන් දික්වැල්ල පළමු ඉනිමේදී ලකුණු 58ක් ලැබූ අතර, අද දිනය නිමාවෙද්දී ඔහු දෙවැනි ඉනිමේදී ලකුණු 54ක් ලබා සිටියේය. එමෙන්ම එන්සීසී පිලේ කමීල් මිෂාර ලකුණු 90කට දැවී ගිය අතර, ඒස් කැපිටල් ක්‍රිකට් සමාජයේ පවන්ත වීරසිංහ පළමු ඉනිමේදී ලකුණු 74ක් හා දෙවැනි ඉනිමේදී ලකුණු 58ක් ලබා ගත්තේය.

පොලිස් පිලේ දිලුම් සුධීර ඉනිම දෙකේදීම බීආර්සී පිලේ කඩුලු 9ක් බිදහෙළූ අතර, බ්ලූම්ෆීල්ඩ් පිලේ වැන්ඩර්සේ ඉනිම දෙකේදී ඒස් කැපිටල් පිලේ කඩුලු 8ක් බිඳ හෙලිමට සමත් විය.

ලකුණු සාරාංශය

බීආර්සී පිල හා පොලිස් ක්‍රීඩා සමාජය අතර තරගය කොළඹ සීසීසී ක්‍රීඩා පිටියේදී

බීආර්සී පිල පළමු ඉනිම ඕවර් 53කදී සියලු දෙනා දැවී ලකුණු 180
හෂාන් දුමින්ද 24, ප්‍රමෝද් මධුවන්ත 18, මොවින් සුබසිංහ 65, යසිරු රුද්‍රිගූ 24 ( දිලුම් සුධීර 85/5, නලීන් ප්‍රියදර්ශන 16/3)

පොලිස් ක්‍රීඩා සමාජය පළමු ඉනිම ඕවර් 106.4කදී සියලු දෙනා දැවී ලකුණු 412
ධනුජ ඉදුවර නොදැවී 76, රශ්මික හිරුෂාන් 22, අෂේන් බණ්ඩාර 158, විශාද් රන්දික 48, සුපුන් මධුසංඛ 48 (සිතුක ගුණවර්ධන 151/2, යසිරු රැද්‍රිගූ 74/5)

බීආර්සී පිල ‍දෙවැනි ඉනිම ඕවර් 104කදී කඩුලු 7ක් දැවී ලකුණු 384
සමින්ද ප්‍රනාන්දු 83, හෂාන් දුමින්ද නොදැවී 152, ප්‍රමෝද් මධුවන්ත 50, රමින්ද විජේසූරිය 36, මොවින් සුබසිංහ 34 ( දිලුම් සුධීර 142/4)

එන්සීසී හා සීසීසී අතර තරගය කොළඹ කෝල්ට්ස් ක්‍රීඩා පිටියේදී

එන්සීසී පළමු ඉනිම ඕවර් 70. 5කදී සියලු දෙනා දැවී ලකුණු 274
නිරෝෂන් දික්වැල්ල 58, අහන් වික්‍රමසිංහ 102, චාමික කරුණාරත්න 39, අශේන් ඩැනියෙල් 17, චාමික ගුණසේකර 26‍ (දෙවිඳු රණතුංග 44/3, නිශාන් පීරිස් 64/2)

සීසීසී පළමු ඉනිම ඕවර් 62.4කදී සියලු දෙනා දැවී ලකුණු 262
ලසිත් කෘස්පුල්‍ලේ 28, ධනංජය ද සිල්වා 36, පවන් රත්නායක 24, සොනාල් දිනූෂ 86, දෙවිඳු රණතුංග 29 (ශක්ති උදාර 68/2, චාමික ගුණසේකර 46/2, සහන් ආරච්චිගේ 7/2)

එන්සීසී දෙවැනි ඉනිම ඕවර් 72කදී කඩුලු 6ක් දැවී (ඉනිම අත්හි‍ටුවා) ලකුණු 350
නිරෝෂන් දික්වැල්ල 54, ළහිරු උදාර 45, කමීල් මිෂාර 90, අහන් වික්‍රමසිංහ 48, සහන් ආරච්චිගේ 38, කවීන් බණ්ඩාර නොදැවී 26, චාමික කරුණාරත්න නොදැවී 20 (නිශාන් පීරිස් 100/3)

සීසීසී දෙවැනි ඉනිම ඕවර් 20කදී කඩුලු 3ක් දැවී ලකුණු 124
ලසිත් කෘස්පුල්‍ලේ 27, කමිඳු මෙන්ඩිස් 62, ධනංජය ද සිල්වා නොදැවී 16 (ශක්ති උදාර 46/2)

කෝල්ට්ස් හා මුවර්ස් පිල අතර තරගය මග්‍ගොන සරේ ක්‍රීඩා පිටියේදී

කෝල්ට්ස් පිල පළමු ඉනිම ඕවර් 63.3කදී සියලු දෙනා දැවී ලකුණු 288
සංගීත් කුරේ 19, දිනේෂ් චන්දිමාල් 20, ධනංජය ලක්ෂාන් 79, මුදිත ලක්ෂාන් 69, යොහාන් මෙන්ඩිස් 31, අකිල ධනංජය 26 (මිලාන් රත්නායක 63/3‍, ශිරාන් ප්‍රනාන්දු 46/5)

මුවර්ස් පිල පළමු ඉනිම ඕවර් 54.3කදී සියලු දෙනා දැවී ලකුණු 173
සදීර සමරවික්‍රම 18, ජනිෂ්ක පෙරේරා ‍44, පසිඳු සූරියබණ්ඩාර 71 (උදිත් මධුෂාන් 34/4, කවිෂ්ක අංජුල 47/2, ධනංජය ලක්ෂාන් 23/2, අකිල ධනංජය 31/2)

කෝල්ට්ස් පිල දෙවැනි ඉනිම ඕවර් 74.4කදී කඩුලු 4දැවී (ඉනිම අත්හි‍ටුවා) ලකුණු 287
සංගීත් කුරේ 54, රවිඳු රසාන්ත 111, දිනේෂ් චන්දිමාල් 75, ධනංජය ලක්ෂාන් නොදැවී 20 (ප්‍රවීන් ජයවික්‍රම 79/3)

මුවර්ස් පිල දෙවැනි ඉනිම ඕවර් 51කදී කඩුලු 4ක් දැවී ලකුණු 162
සහන් ප්‍රනාන්දු 57, සදීර සමරවික්‍රම 20, පසිඳු සූරියබණ්ඩාර 24, රමේෂ් මෙන්ඩිස් නොදැවී 42 (සංගීත් කුරේ 4/1)

ඒස් කැපිටල් ක්‍රිකට් සමාජය හා බ්ලුම්ෆීල්ඩ් අතර තරගය රංගිරි දඹුලු ක්‍රීඩා පිටියේදී

ඒස් කැපිටල් ක්‍රිකට් සමාජය පළමු ඉනිම ඕවර් 122.3කදී සියලු දෙනා දැවී ලකුණු 436
පවන්ත වීරසිංහ 74, නිමේෂ ගුණසිංහ 161, තීරක රණතුංග 36, කවිඳු කුලසේකර 54, රවීන් ද සිල්වා නොදැවී 38, රොෂාන් ජයතිස්ස 24 (රවිඳු ප්‍රනාන්දු 82/2, ජෙෆ්රි වැන්ඩර්සේ 116/4, දෙවිඳු තිලකරත්න 68/2)

බ්ලුම්ෆීල්ඩ් පිල පළමු ඉනිම ඕවර් 84.5කදී සියලු දෙනා දැවී ලකුණු 357
කසුන් අබේරත්න 39, රොන් චන්ද්‍රගුප්ත 27, ජනිත් ලියනගේ 136, තරිඳු හර්ෂණ 89, රවිඳු ප්‍රනාන්දු 21 ( ඉසිත විජේසුන්දර 96/4, වනුජ සහන් 124/3, ‍රොෂාන් ජයතිස්ස 58/2)

ඒස් කැපිටල් ක්‍රිකට් සමාජය දෙවැනි ඉනිම ඕවර් 51කදී කඩුලු 6ත් දැවී ලකුණු 203
පවන්ත වීරසිංහ 58, වනුජ සහන් 18, ර‍නේෂ් සිල්වා 34, කවිඳු කුලසේකර නොදැවී 42, ඉසිත විජේසුන්දර 20 (රවිඳු ප්‍රනාන්දු 75/2, ජෙෆ්රි වැන්ඩර්සේ 72/4)

Back To Top