Author: editor

පුහුණුවීම් වෙනුවෙන් සමර්සෙට් කණ්ඩායම ශ්‍රී ලංකාවට

සමර්සෙට් ප්‍රාන්ත කණ්ඩායමේ ක්‍රීඩකයින් සහ පුහුණුකරුවන් උණුසුම් කාලගුණික ක්‍රිකට් පුහුණුවක් ලබා ගැනීම සඳහා ලබන මස මුලදී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය. ප්‍රධාන පුහුණුකරු, ජේසන් කෙර් පැවසුවේ, හොඳ පරිසරයක් තුළ දැඩි පුහුණුවක් සිදු කිරීම සඳහා කණ්ඩායම සති දෙකක් ශ්‍රී ලංකාවේ රැදී සිටින බවයි. ” ශීත ඍතුවේ දී තණකොළ මත පුහුණු වීමට හැකි වීමයි කදිම අවස්ථාවක්, නමුත් පිරිවැය […]

ශ්‍රී ලංකා ඇෆ්ගනිස්තාන ටෙස්ට් තරගය නොමිලේ නැරඹීමට අවස්ථාවක්

සංචාරක ඇෆ්ගනිස්තාන කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු හා එකම ටෙස්ට් තරගය එළඹෙන පෙබරවාරි මස 2වනදා කොළඹ SSC ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි. මෙම තරගය නොමිළේ නැරඹීමේ අවස්ථාවක් මෙරට ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ට අවස්ථාව සලසා දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කොට ඇත. ගේට්ටු අංක 4 හා 9 ඔස්සේ ප්‍රේක්ෂකයන්ට ක්‍රීඩාංගණයට ඇතුලු වීමේ අවස්ථාව හිමි වනු ඇත. ටෙස්ට් […]

සුපිරි හය වටයේ තියුණු තරගයකින් අනතුරුව ශ්‍රී ලංකාවට පරාජයක්

වයස අවුරුදු දහනමයෙන් පහළ එදින ලෝක කුසලාන තරගාවලියේ සුපිරි කණ්ඩායම් හය තරඟ වටයේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වූ පළමු තරඟය අද දිනයේදී පැවැත්වුණා. ඒ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිවයි. තරගයේ කාසිය වයසේ දිනූ ශ්‍රී ලංකා නායකයා පළමු පන්දුවට පහරදීමට තීරණය කළේය. පිටියට පිවිසෙන ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේදී සියලු ක්‍රීඩකයින් දැවී ලකුණු 231ක් […]

ජේ ෂා ICC සභාපති ධූරයට තරග කිරීමට සැරසෙයි

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ලේකම් ජේ ෂා නොවැම්බර් මාසයේදී ICC සභාපති ධුරය සඳහා තරඟ කිරීම සඳහා ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ (ACC) සභාපති ධුරයෙන් ඉල්ලා අස්වීමට සූදානමින් පසුවෙයි. දැනට, එම තනතුර නවසීලන්තයේ ග්‍රෙග් බාර්ක්ලේ සතු අතර ඔහු 2020 නොවැම්බර් මාසයේ සිට ICC සභාපතිවරයා ලෙස කටයුතු කරයි. ජේ ෂා තේරී පත් වුවහොත්, ඔහු එන් ශ්‍රීනිවාසන් සහ ශෂාන්ක් මනෝහර්ට […]

ලංකා ආරියදාස ඩකා මැරතන් තරගයේ ලෝකඩ පදක්කම දිනා ගනී.

බංග්ලාදේශයේ පැවැති 5 වැනි ඩකා මැරතන් තරගයේ කාන්තා අංශයේ 3 වැනි ස්ථානය දිනාගැනීමට ලංකා ආරියදාස සමත් විය. ඇය මෙම තරගය නිමාවට පත් කළේ පැය 2 මිනිත්තු 55 තත්පර 28ක කාලයකිනි. මෙම තරගයේ සිව්වන ස්ථානය දිනාගැනීමට සමත් වූයේ ශ්‍රී ලංකා ක්‍රීඩිකා S.N. නිදර්ශනීටයි. ඇය මෙම තරගය පැය 3 තත්පර 54කදී නිමාවට පත් කළාය. ලංකා ආරියදාසට ටකා […]

මීළග ආසියානු කුසලාන තරගාවලිය විස්සයි විස්ස ආකෘතියෙන් ?

2025 ආසියානු කුසලානය T20 ආකෘතියෙන් පැවැත්වෙයි. 2023 ODI ලෝක කුසලානය සඳහා සූදානම් වීම සඳහා අවසන් වරට පැවති ආසියානු කුසලාන තරගාවලිය පන්දුවාර 50 ආකෘතිය යටතේ ශ්‍රී ලංකාවේ පැවැත්වීය. 2026 T20 ලෝක කුසලානය සඳහා වඩා හොදින් සූදානම් වීම සදහා මීළඟ ආසියානු කුසලාන තරගාවලි T20 ආකෘතියකින් ක්‍රීඩා කිරීමට ආසියානු ක්‍රිකට් කවුන්සිලය (ACC) තීරණය කර ඇත. ඒ අනුව 2016 […]

CES Cyprus තරගාවලියේ ශූරතාවය Sri Lanka Lions කණ්ඩායමට

යුරෝපීය ක්‍රිකට් ලීග් තරගාවලි මාලාව යටතේ පැවති සයිප්‍රස් අදියරේ ශූරතාවය දිනාගැනීමට ශ්‍රී ලංකා ලයන්ස් කණ්ඩායම ඊයේ දිනයේ සමත් වුණා. ඒ අවසන් මහා තරගයේදී පංජාබ් ලයන්ස් කණ්ඩායම පරාජයට පත් කරමින්. කණ්ඩායම් 10ක් තරඟ වැදුනු මෙම තරගාවලියේ දී ශ්‍රී ලංකා ලයන්ස් කණ්ඩායම සියලු තරග ජයගෙන අපරාජිතව ශූරතාවය දිනාගැනීමට සමත් වුණා. මෙම තරගයේ පළමුව පන්දුවට පහර දුන් පංජාබ් […]

ශ්‍රී ලංකාවට එරෙහි තරගාවලිය වෙනුවෙන් ඇෆ්ගනිස්තාන ටෙස්ට් සංචිතය නම් කරයි

ශ්‍රී ලංකා කණ්ඩායම සමගින් පැවැත්වෙන ටෙස්ට් තරගය සඳහා වන ඇෆ්ඝනිස්ථාන සංචිතය නම් කොට ඇත. හස්මටුල්ලා සහීඩිගේ නායකත්වයෙන් යුතු ඇෆ්ගනිස්තාන සංචිතයට ක්‍රීඩකයන් 16 දෙනෙකු ඇතුළත්ය. නමුදු ඇෆ්ඝනිස්ථාන සංචිතය වෙනුවෙන් නම් දැරූ විස්සයි විස්ස ක්‍රීඩකයන් කිසිවෙකු ඇතුළත් වී නොමැත. ආබාධයකට ලක්වී සිටින රශීඩ් ඛාන් ටෙස්ට් තරගාවලියට ඇතුළත් වී නොමැති අතර ක්වයිස් අහමඩ් ශ්‍රී ලංකාවට එරෙහි තරගය වෙනුවෙන් […]

නිල්මහා සටන වාර්ෂික ක්‍රිකට් තරගයට දින නියම වෙයි

ලොව දෙවන දීර්ඝතම ක්‍රිකට් තරගාවලිය ලෙසින් සැලකෙන් නිල්මහා සටන වාර්ෂික ක්‍රිකට් තරගාවලියේ 145වන අදියරට දින නියම ඇත. ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය හා කොළඹ රාජකීය විද්‍යාලය අතර පැවැත්වෙන වාර්ෂික නිල්මහා සටන ක්‍රිකට් සංග්‍රාමය මෙවර ද කොළඹ SSC ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි. මෙවර තුන්දින ක්‍රිකට් තරගය මාර්තු මස 7,8 හා 9 යන තෙදින තුළ පැවැත්වීමට සැලසුම් කොට ඇති අතර […]

සුපිරි කණ්ඩායම් හය වටයේ තරග කාලසටහන නිකුත් කෙරේ

වයස අවුරුදු දහනමයෙන් පහළ එක් දින ලෝක කුසලාන තරගාවලියේ සුපිරි කණ්ඩායම් හය තරඟ වටයේ කාලසටහන ප්‍රකාශයට පත්කොට ඇත. සුපිරි කණ්ඩායම් හය වටයේදී සෑම කණ්ඩායමක්ම තරග දෙකක් ක්‍රීඩා කරනු ඇත. එනම් ඒ කාන්ඩයේ ප්‍රමුඛයා වූ කණ්ඩායම ඩී කාණ්ඩයේ දෙවන හා තෙවන ස්ථාන ලබාගත් කණ්ඩායම් දෙක සමගින් තරග වදිනු ඇත. සුපිරි කණ්ඩායම් හය වටයේ දී ශ්‍රී ලංකා […]

ඇෆ්ගනිස්තානයට එරෙහි ටෙස්ට් තරගයට 16කින් යුතු සංචිතයක්

ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සමගින් එළඹෙන පෙබරවාරි මස දෙවෙනිදා ආරම්භ වීමට නියමිත ටෙස්ට් තරගාවලිය වෙනුවෙන් ක්‍රීඩකයන් දාසයකින් සමන්විත ශ්‍රී ලංකා සංචිතයක් මේ වන විට නම්කොට ඇත. තරංගගේ ප්‍රධානත්වයෙන් යුතු නව තේරීම් කමිටුව විසින් නම් කළ මෙම සංචිතය ක්‍රීඩා අමාත්‍යවරයාගේ නිර්දේශය වෙනුවෙන් යොමු කොට ඇත. ධනංජය සිල්වාගේ නායකත්වයෙන් යුතු මෙම සංචිතයට අත්දැකීම් බහුල ක්‍රීඩකයන් වන දිමුත් කරුණාරත්න ඇන්ජලෝ […]

පළමු පෙළ ක්‍රිකට් වාර්තාවක් අලුත් වෙයි

පළමු පෙළ ක්‍රිකට් පිටියේ වේගවත්ම ත්‍රිත්ව ශතකය වාර්තා කිරීමට ඉන්දියාවේ Tanmay Agarwal සමත්ව තිබෙනවා. රාංජි කුසලාන තරගාවලියේ අරුනාචල් කණ්ඩායමට එරෙහිව පැවති තරගයෙදී හයිද්‍රාබාද් කණ්ඩායම නියෝජනය කළ මොහු පන්දු 181කදී හතරේ පහර 34ක් හා හයේ පහර 26ක් සමගින් ලකුණු 366ක් රැස්කිරීමට සමත් විය. ඔහු ත්‍රිත්ව ශතකය වාර්තා කළේ පන්දු 147ක් පමණක් වැය කරමිනි.

Back To Top