Category: Cricket

නැමීබියාව විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබයි.

2024 විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙන් අප්‍රිකානු කලාපයෙන් සුදුසුකම් ලැබූ පළමු කණ්ඩායම බවට පත් වන්නට නැමීබියාව අද දිනයේදී සමත් විය. ඒ ටැන්සානියාවට එරෙහිව පැවති තරගය ලකුණු 58කින් ජයග්‍රහණය කරමින්. ඒ අනුව ඔවුන් තෙවන වරටත් විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියකට සුදුසුකම් ලබාගැනීමට සමත් විය. 2024 විස්සයි විස්ස ලෝක කුසලානයට සුදුසුකම් ලැබීමේ අප්‍රිකානු තරගාවලිය මේ දිනවලදී […]

අතුරු කමිටුවට එරෙහි නඩුව සතියකින් කල් යයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට පත් කළ අතුරු කමිටුවට එරෙහිව නිකුත් කර ඇති අතුරු තහනම් නියෝගය බල රහිත කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති මෝසම දෙසැම්බර් 05 වැනිදා විභාගයට ගැනීමට අභියාචනාධිකරණය තීරණය කොට ඇත. එම මෝසම අද දිනයේදී සළකා බැලූ අධිකරණය, ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාට දන්වා සිටියේ නියමිත දිනට ඒ සම්බන්ධයෙන් ඔහුගේ අදහස ඉදිරිපත් කරන […]

ප්‍රතික්ෂේප වීම් වලට දස්කම් වලින් පිළිතුරු දුන් චමරිට තරගාවලියේ වීරයා සම්මානය

මෙවර බිග්බෑෂ් කාන්තා ලීග් තරගාවලියේ ක්‍රීඩක තෝරාගැනීමේ ක්‍රියාවලිය පසුගිය සැප්තැම්බර් මස පැවත්විණි. එහිදී කිසිදු කණ්ඩායමක් විසින් චමරි අතපත්තු තෝරා නොගත් අතර ඉන් අනතුරුව ක්‍රීඩක ආදේශනයක් ලෙසින් චමරි අතපත්තු සිඩ්නි තන්ඩර්ස් කණ්ඩායමට එක් කොට ගැනුණි. ක්‍රීඩක තෝරාගැනීමේ ක්‍රියාවලියේදී ඇයව කණ්ඩායම් වලට තෝරා නොගැනීමේ වාඩුවට දස්කම් වලින්ම පිළිතුරු සපයන්නට චමරි අතපත්තු වගබලාගන්නේ තරගාවලියේ වීරයා බවට ද පත් […]

සිම්බාබ්වේ තරගාවලිය කොළඹදී පැවැත්වෙන ලකුණු ?

සිම්බාබ්වේ කණ්ඩායම එළඹෙන ජනවාරි මස මෙරට සංචාරය කිරීමට නියමිතය.ඒ එක්දින හා විස්සයි විස්ස තරගාවලි ද්විත්වයක් ක්‍රීඩා කිරීමේ අරමුණිනි. තරගාවලියේ එක්දින තරග 3 පල්ලෙකැලේහිදී ද විස්සයි විස්ස තරග 3 දඹුල්ලේදී ද පැවැත්වෙන බවට මින් පෙර නිවේදනය කොට තිබුණි. නමුත් වවයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන තරගාවලි සත්කාරකත්වය දකුණු අප්‍රිකාවට හිමිවීමත් සමග සිම්බාබ්වේ තරගාවලිය කොළඹදී පැවැත්වීම කෙරෙහි […]

නවසීලන්ත තරගාවලිය තරුණ ක්‍රීඩකයන්ට හොද අවස්ථාවක් – චන්දික හතුරුසිංහ

නවසීලන්තය සමගින් පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය තරුණ ක්‍රීඩකයන්ට හොද අවස්ථාවක් බව බංග්ලාදේශ ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ සදහන් කොට ඇත. බංග්ලාදේශය හා නවසීලන්තය අතර තරග 2කින් සමන්විත ටෙස්ට් තරගාවලිය එළඹෙන නොවැම්බර් මස 28 වනදා ආරම්භ වීමට නියමිතය. මෙම තරගාවලිය වෙනුවෙන් ශකිබ් අල් හසන්, ලිටන් ඩාස් හා ටස්කින් අහමඩ් වැනි අත්දැකීම් සහිත බංග්ලාදේශ ක්‍රීඩකයන් එක් නොවේ. ” ඕනෑම […]

ශ්‍රී ලංකා කණ්ඩායමේ දුර්වල ක්‍රීඩා විලාශය මුරලි විවේචනය කරයි

නිමාවට පත් වූ එක්දින ලෝක කුසලාන තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායම පෙන්නුම් කළ දුර්වල ක්‍රීඩා විලාශය, හිටපු සුපිරි දගපන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන්ගේ විවේචනයට ලක්වී ඇත. ෆස්ට්පෝස්ට් සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් මුරලිදරන් සදහන් කොට ඇත්තේ මෙය ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක කුසලාන ඉතිහාසය තුළ පෙන්නුම් කළ දුර්වලතම ක්‍රීඩා විලාශය බවයි. තරගාවලියේ තරග 9 න් තරග දෙකක් […]

ආසියානු කුසලානයේදී ශ්‍රී ලංකා පිළ මෙහෙයවීමේ වගකීම සිනෙත් ජයවර්ධනට

දෙසැම්බර් 8 වනදා සිට 17 වනදා දක්වා ඩුබායිහිදී පැවැත්වෙන වයස අවුරුදු 19න් පහළ ආසියානු කුසලාන තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම සිනෙත් ජයවර්ධනට පැවරී ඇත. ක්‍රීඩකයන් 15 දෙනෙකු හා අතිරේක ක්‍රීඩකයන් දෙදෙනකුගෙන් යුතු සංචිතය ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය වෙනුවෙන් ඉදිරිපත් කොට ඇත. තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම B කාණ්ඩය යටතේ තරග වදින අතර එහිදී ශ්‍රී ලංකාව […]

තාරුකා ශෙහානි කඩුලු 5ක් දවාගනිද්දී ක්‍රීඩිකාවන් කිහිපදෙනෙකුම පන්දුවෙන් දස්කම් පායි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ කාන්තා එක්දින තරගාවලියේ තවත් තරග 6ක් ඊයේ දිනයේ දී පැවැත්විණි. ඒ අතුරින් පැවති තරග 4ක්ම ඉතා අඩු ලකුණු පුවරු පෙන්නුම් කළ තරග බවට පත් වූයේ පිතිකාරිණියන්ගේ දුර්වල පිතිහරඹය හේතුවෙනි. හලාවත මේරියන්ස් හා ඒස් කැපිටල්ස් කණ්ඩායම අතර තරගයේදී පළමුව පන්දුවට පහර දුන් ඒස් කැපිටල් ක්‍රීඩිකාවන් රැස්කළේ ලකුණු 54ක් […]

වනිදු, ඩිල්ෂාන් ඇතුලු පස්දෙනෙකු අබුඩාබි T10 ලීගය අතහරී

එළඹෙන නොවැම්බර් මස 28වනදා සිට දෙසැම්බර් මස 9වනදා තෙක් පැවැත්වීමට නියමිත අබුඩාබි T10 ලීග් තරගාවලියෙන් ඉවත් වීමට ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩකයන් 5 දෙනෙකු තීරණය කොට ඇත. ඒ අනුව වනිදු හසරංග, දුෂ්මන්ත චමීර, ලහිරු කුමාර, මතීෂ පතිරණ හා ඩිල්ෂාන් මධුසංඛ මෙවර තරගාවලියෙන් ඉවත් වී ඇත. නිමා වූ එක්දින ලෝක කුසලාන තරගාවලියේ තෙවන වැඩිම […]

පාකිස්තාන කණ්ඩායමේ පන්දු යැවීමේ අංශය හිටපු ක්‍රීඩකයන් දෙදෙනකු යටතට

පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් එරට ජාතික කණ්ඩායමේ පන්දු යැවීමේ පුහුණුකරුවන් ලෙස හිටපු ක්‍රීඩකයන් වන උමාර් ගුල් සහ සයීඩ් අජ්මාල් පත් කර තිබේ. ඒ අනුව උමාර් ගුල් වේග පන්දු පුහුණුකරු ලෙස පත් කර ඇති අතර අජ්මාල් දඟ පන්දු අංශය මෙහෙයවනු ඇත. උමාර් ගුල් ටෙස්ට් තරග 47කදී කඩුලු 163ක්, එක්දින තරග 130කදී කඩුලු 179ක් සහ විස්සයි20 […]

අන්තර් පාසල් 19න් පහළ එක්දින කිරුල මෙවරත් සෙංකඩගල පුරවරයට

වයස අවුරුදු 19න් පහළ අන්තර් පාසල් එක්දින තරගාවලියේ A කොටසේ අවසන් මහා තරගය ඊයේ දිනයේ නිමාවට පත් වූයේ මහනුවර ත්‍රිත්ව විද්‍යාලයට ශූරතාවය හිමිකරදෙමිනි. තරගාවලියේ අවසන් මහා තරගය වෙනුවෙන් කොළඹ ශාන්ත ජෝසප් විද්‍යාලය හා පසුගිය වර ශූරයන් වූ මහනුවර ත්‍රිත්ව විද්‍යාලය ඊයේ දිනයේ තරග බිමට අවතීර්ණ වූයේ කොළඹ තර්ස්ටන් විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී ය. තරගයේ කාසිය වාසිය දිනූ […]

ක්‍රිකට් තහනම තවදුරටත්. ජාත්‍යන්තර තරග ක්‍රීඩා කිරීමටත් අවස්ථාවක්.

ශ්‍රී ලංකාවට පනවා තිබෙන ජාත්‍යන්තර ක්‍රිකට් තහනම ඉවත් නොකිරීමට අද දිනයේදී රැස්වූ ICC මණ්ඩල රැස්වීමේදී තීරණය වී ඇත. ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත පැනවූ ICC තහනම තවදුරටත් බලාත්මක වනු ඇත. නමුත් ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට ජාත්‍යන්තර ක්‍රිකට් තරග, දේශීය ක්‍රිකට් තරග ක්‍රීඩා කිරීමට තවමත් අවස්ථාව හිමි වී ඇති බව ESPNCRICINFO වෙබ් අඩවිය වාර්තා කොට ඇත. […]

Back To Top