Category: Cricket

කුසල්, ධනංජය, රමේෂ්, කමිදු හා පැතුම්ට නායකත්වයන් හිමි වෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන නැෂනල් සුපර් ලීග් සිව්දින තරගාවලියේ කාලසටහනට හා කණ්ඩායම් ලැයිස්තුව ප්‍රකාශයට පත් කොට ඇත. මෙවර තරගාවලිය වෙනුවෙන් ද කොළඹ, දඹුල්ල, නුවර, යාපනය හා ගාල්ල කණ්ඩායම් තරග වැදීමට නියමිතය. මෙවර තරගාවලිය වෙනුවෙන් එක්වන කණ්ඩායම් වල නායකත්වය කුසල් මෙන්ඩිස්, රමේෂ් මෙන්ඩිස්, ධනංජය සිල්වා, පැතුම් නිස්සංක හා කමිදු මෙන්ඩිස් යන ක්‍රීඩකයන්ටට හිමි වී […]

අවිශ්කගේ බරඅවි ප්‍රහාරයෙන් SSC පිළ අවසන් මහා තරගයට

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ එක්දින තරගාවලියේ දෙවන අවසන් පූර්ව තරගය අද දිනයේදී ක්‍රියාත්මක වුණා. මෙම තරඟය වෙනුවෙන් කෝල්ට්ස් ක්‍රීඩා සමාජය සහ SSC ක්‍රීඩා සමාජය තරඟ බිමට අවතීර්ණ වූයේ කොළඹ NCC ක්‍රීඩාංගණයේදීය. SSC නායක නිපුන් ධනංජය අද තරඟයට ක්‍රීඩා නොකළ හෙයින් අවිශ්ක ප්‍රනාන්දුගේ නායකත්වය යටතේ SSC කණ්ඩායම තරඟ වැදුණි. කාසිය වාසිය දිනූ […]

යොවුන් ලෝක කුසලානය හේතුවෙන් ශ්‍රී ලංකා නායකයාට උසස්පෙළ විභාගය අහිමි වෙයි

2024 ICC 19 න් පහළ ක්‍රිකට් ලෝක කුසලානය සඳහා වන ශ්‍රී ලංකා සංචිතයේ නායකයා ලෙස පත් කර ඇති සිනෙත් ජයවර්ධනගේ උපදේශකයා වන රියාස් අලුහර් විශ්වාස කරන්නේ සිනෙත් රාජකීය විද්‍යාලයට කීර්තියක් ගෙන එනු ඇති බවයි.සිනෙත් ඉගෙනුම ලබන විද්‍යාලයේ සහකාර විදුහල්පති මෙන්ම ක්‍රීඩා 35 භාරව කටයුතු කරන්නේ රියාස් අලුහර් ය. ” සිනෙත්ට මේ වසරේ උසස් පෙළ විභාගය […]

සෙබස්‍තීයනයිට්ස් ක්‍රීඩා සමාජය අවසන් මහා තරගයට

අන්තර් සමාජ එක්දින තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය අද දිනයේදී පැවැත්විණි. කොළඹ NCC ක්‍රීඩාංගණයේදී පැවති මෙම තරගය වෙනුවෙන් සුදුසුකම් ලබා සිටියේ සෙබස්‍තීයනයිට්ස් ක්‍රීඩා සමාජය හා බදුරලිය ක්‍රීඩා සමාජයයි. තරගයේ කාසිය වාසිය දිනූ සෙබස්‍තීයනයිට්ස් ක්‍රීඩා සමාජය පළමුව පන්දුවට පහර දීමට ප්‍රතිවාදීන්ට ආරාධනා කළහ. නමුත් සෙබස්‍තීයනයිට්ස් පන්දු බලඇණිය හමුවේ බදුරලිය ඉනීම ලකුණු 108කට සීමා විය. ඉනීමේ වැඩිම […]

ශ්‍රී ලංකාවට ලෝක කුසලානයක සත්කාරකත්වය හිමිවන ලකුණු

කණ්ඩායම් 14 සහභාගිත්වයෙන් පැවැත්වෙන වයස අවුරුදු 50න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට හිමිවනු ඇතැයි ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා සඳහන් කොට ඇත. ආසියානු ක්‍රිකට් කවුන්සල සභාපති ජේ ෂා සමගින් පැවති සාකච්ඡාවකින් අනතුරුව මෙම තරගාවලියේ සත්කාරකත්වය පිළිබඳව සදහන් කොට ඇත. ජේ ෂා සිය ඉල්ලීමට යහපත් ප්‍රතිචාර දැක්වූ බවත් මෙම තරගාවලිය කොළඹදී පැවැත්වීම මෙරට […]

පාකිස්තාන සුපර් ලීගයට දින නියම වෙයි

පාකිස්තාන සුපර් ලීග් තරගාවලියේ නවවන අදියරේ කාලසටහන ප්‍රකාශයට පත් කොට ඇත. තරගාවලිය පෙබරවාරි මස 17වනදා ආරම්භ වීමට නියමිතය. තරගාවලියේ සමාරම්භක තරගය වෙනුවෙන් ලාහෝර් ක්ලැන්ඩර්ස් කණ්ඩායම හා ඉස්ලාමාබාද් යුනයිටඩ් කණ්ඩායම තරග වැදීමට නියමිතය. මෙවර තරගාවලිය ලාහෝර්, මුල්තාන්, රාවල්පිණ්ඩි හා කරච්චි ක්‍රීඩාංගණ කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙයි. කණ්ඩායම් හයක් සහභාගි වන තරගාවලියේ අවසන් මහා තරගය මාර්තු මස 18 වනදා […]

ඩේවිඩ් ටීගර්ට දකුණු අප්‍රිකානු 19න් පහළ නායකත්වය අහිමි වෙයි

එළඹෙන වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන තරගාවලියට දකුණු අප්‍රිකානු කණ්ඩායම් නායකත්වයෙන් ඩේවිඩ් ටීගර් ඉවත් කිරීමට එරට ක්‍රිකට් ආයතනය තීරණය කොට ඇත. ගාසාතීරයේ පවතින යුධමය තත්වය හේතුවෙන් ලෝක කුසලානයට අවශ්‍ය ආරක්ෂාව නිරන්තරයෙන් ලබාදීම කෙරෙහි දකුණු අප්‍රිකානු ක්‍රිකට් ආයතනය අවදානය යොමු කොට ඇති බවට නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් සදහන් කොට ඇත. එමෙන්ම තරග පැවැත්වෙන ක්‍රීඩාංගණ අවට […]

ඒ දේ කරනකල් ඉන්දියාවට ලොකු තරගාවලි දිනන්න බෑ – ඉර්ෆාන් පතාන්

හිටපු ඉන්දීය තුන් ඉරියව් ක්‍රීඩක ඉර්ෆාන් පතාන් විශ්වාස කරන්නේ මෙම වසරේ අගභාගයේදී බටහිර ඉන්දීය කොදෙව් සහ ඇමරිකා එක්සත් ජනපදයේදී පැවැත්වීමට නියමිත T20 ලෝක කුසලානය වැනි ICC තරඟාවලි ජයග්‍රහණය කිරීමට අවශ්‍ය නම් ඉන්දීය කණ්ඩායම ප්‍රබල පන්දු යැවීමේ බලඇණියක් කෙරෙහි අවදානය යොමු කළ යුතු බව යි. ඉන්දියාවට ප්‍රබල පන්දු යැවීමක වැදගත්කම පැහැදිලි කරමින් ඉර්ෆාන් පතාන් ස්ටාර් ස්පෝර්ට්ස් […]

IPL තරගාවලියේ තරග කිහිපයක් ශ්‍රී ලංකාවේ පවත්වන්නැයි ඉල්ලීමක්

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ කාලසටහන සම්බන්ධයෙන් මේ වන විට පුවත් රැසක් නිර්මාණය වී පවතී. ඊට හේතුව බවට පත් ව ඇත්තේ මෙම වසරේ අගභාගයේදී ඉන්දියාවේ පැවැත්වෙන ලෝක් සභා මැතිවරණය සමඟ තරඟාවලිය ගැටෙන බැවිනි. ඉන්දීය ප්‍රිමියර් තරඟාවලියේ තරඟ කිහිපයක් ශ්‍රී ලංකාව තුළ පවත්වන BCCI ලේකම් ජේ ෂාගෙන් ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ඉල්ලා ඇති බවට ඉන්දීය මාධ්‍ය […]

ක්‍රිකට් තහනම නුදුරේදීම ඉවත් වන ලකුණු?

ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත පනවා ඇති ජාත්‍යන්තර ක්‍රිකට් තහනම එළඹෙන මාසය පමණ වන විට ඉවත් කිරීමට සූදානමක් පවතින බව ක්‍රීඩා ආරංචිමාර්ග තොරතුරු වාර්තා කොට ඇත. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ප්‍රධාන විධායක නිලධාරී Geoff Allardice මහතා ඇතුලු නියෝජිතයන් කිහිපදෙනෙකු මේ දිනවල කොළඹ රැදී සිටින අතර ඔවුන් ඊයේ දිනයේ දී ක්‍රීඩා අමාත්‍යවරයා සහ ජනාධිපතිවරයා හමුවී සාකච්ඡා පවත්වා ඇත. […]

Back To Top