Tag: Cricket

2025 ශූරයන්ගේ කුසලානයට සුදුසුකම් ලැබීම මෙවර ලෝක කුසලානය මත තීරණය වෙයි

2023 ලෝක කුසලානයේ ලීග් අදියර අවසානයේ හොඳම කණ්ඩායම් හත සහ සත්කාරක පාකිස්තානය 2025 ICC ශූරයන් ගේ කුසලානයට තරඟ වදින බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය විසින් තහවුරු කොට ඇත. කණ්ඩායම් අටක් සහභාගි වන මෙම ඉසව්ව අවසන් වරට 2017 වසරේදී පැවැත්විණි. එවර ශූරයන් ලෙසින් කිරුලු දැරුවේ පාකිස්තාන කණ්ඩායමයි.2025 චැම්පියන්ස් කුසලානය සඳහා සුදුසුකම් ලැබීමේ ක්‍රමය 2021 දී ICC මණ්ඩලය […]

ලහිරු කුමාර වෙනුවට දුෂ්මන්ත චමීර ශ්‍රී ලංකා සංචිතයට

පුහුණුවීම් අතරතුර ආබාධයට ලක්වූ වේගපන්දු යවන ක්‍රීඩක ලහිරු කුමාර වෙනුවට දුෂ්මන්ත චමීර ලෝක කුසලාන සංචිතයට එක් කොට ඇත. ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් කළමණාකාරීත්වය විසින් ලෝක කුසලාන තාක්ෂණික කමිටුවෙන් ඒ සදහා අවසර ඉල්ලීමක් කළ අතර ICC තාක්ෂණ කමිටුව එය අනුමත කොට ඇත. පූනේහිදී ඇෆ්ගනිස්ථානයට එරෙහිව පැවැත්වෙන තරගය වෙනුවෙන් පුහුණුවීම් සිදුකරමින් සිටියදී ලහිරු කුමාර ආබාධයට ලක් […]

පරාජයේ වේදනාව මැකීයන්නටත් පෙර පාකිස්තානයට දඩයක් නියම වෙයි

2023 ICC ලෝක කුසලාන තරගාවලියේ දකුණු අප්‍රිකාවට එරෙහි තරගයේදී මන්දගාමී පන්දුවාර වේගයක් පවත්වා ගැනීම හේතුවෙන් පාකිස්තානයට ඔවුන්ගේ තරග ගාස්තුවෙන් සියයට 20 ක දඩයක් නියම කර තිබේ. ඊයේ දිනයේදී තරග තීරක ලෙස කටයුතු කළ රිචී රිචඩ්සන් විසින් තීරණය කළේ පාකිස්තාය නිමමිත පන්දුවාර වේගයට වඩා පන්දුවාර 4ක් පසුපසින් සිටින බවයී. ක්‍රීඩකයින් සහ ක්‍රීඩක සහායක පිරිස් සඳහා වන […]

බංග්ලාදේශ-ශ්‍රී ලංකා නැගී එන ටෙස්ට් ගැටුම ජය පැරදුමෙන් තොරව අවසන් වෙයි.

ශ්‍රී ලංකා නැගි එන කණ්ඩායම සහ බංග්ලාදේශ නැගී එන කණ්ඩායම අතර පළමු නිල නොවන ටෙස්ට් තරගය දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ජය පරාජයෙන් තොරව අවසන් විය. තරගයේ පළමුව පන්දුවට පහර දුන් බංග්ලාදේශය සිය පළමු ඉනීමට කඩුලු 9ක් දැවී ලකුණු 501ක් රැස්කොට සිටියදී ඉනීම අත්හිටුවීමට තීරණය කළහ. එහිදී අනිච් මොල්ලා ලකුණු 147ක්, ශහදත් හුසේන් ලකුණු 93ක්, […]

ලංකා T10 ලීගයේ ක්‍රීඩක වෙන්දේසිය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත් කෙරේ

පළමු වරට පැවැත්වෙන ලංකා T10 ලීග් තරඟාවලිය 2023 දෙසැම්බර් 12 සිට 2023 දෙසැම්බර් 23 දක්වා පැවැත්වීමට නියමිතය. තරගාවලිය සදහා වන ක්‍රීඩක වෙන්දේසිය එළඹෙන නොවැම්බර් මස 10 වනදා පැවැත්වීමට නියමිතය. Lanka T10 සංවිධානය කරනු ලබන්නේ T Ten Sports කළමනාකාරිත්වය විසින් T Ten Global Sports සහ Innovative production Group සමග ඒකාබද්ධව ය. පිරිමි T10 තරගාවලියට අමතරව, ලොව […]

මම හිතන්නේ එංගලන්තය අපිව අවතක්සේරු කළා – මහීෂ් තීක්ෂණ

එංගලන්තයට එරෙහිව පැවති ජයග්‍රහණයෙන් අනතුරුව මාධ්‍ය හමුවට එක්වූ මහීෂ් තීක්ෂණ තරගය සම්බන්ධයෙන් සිය අදහස් මේ ආකාරයෙන් පළ කළේය. අද පැවති ජයග්‍රාහී තරගයේදී පන්දු යැවීමේ බලඇණිය විශිෂ්ට දස්කම් දැක්වීමට සමත් වුණා. ළහිරු කුමාර ඇතුළත් වීමත් සමඟම ඔහුගේ දක්ෂතාව ගැනත්, ඇන්ජලෝ මැතිව්ස්ගේ පන්දු යැවීම ගැනත් මොනවද කියන්න තියෙන්නේ මුල් ඕවර හතරේ පහේ දී හරි ලෙන්ත් එක සොයා […]

චමරිගේ පිත්ත යළිත් බිග්බෑෂ් ලීගය දෙවනත් කරයි

බිග්බෑෂ් කාන්තා ලීග් තරගාවලියේ සිඩ්නි තන්ඩර්ස් කණ්ඩායම ක්‍රීඩා කළ තවත් තරගයක් අද දිනයේදී පැවැත්විණි. ඒ මෙල්බන් රෙනිගේඩ්ස් කණ්ඩායමට එරෙහිවයි. තරගයේ කාසිය වාසිය දිනූ සිඩ්නි තන්ඩර්ස් කණ්ඩායම පළමුව පන්දු රැකීම තෝරගත්හ. ඒ අනුව පිටියට පිවිසෙන මෙල්බන් රෙනිගේඩ්ස් ක්‍රීඩිකාවන්ට නියමිත පන්දුවාර විස්ස තුළ කඩුලු 5ක් පමණක් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 147ක් පමණයි. එහිදී ජෝජියා වරෙහැම් ලකුණු 47ක් […]

චමීර සහ වනිඳු නැති නිසා එංගලන්තයට ලකුණු 350 ක් ලබාගන්න පුලුවන් – හිටපු ඉන්දීය ක්‍රීඩක ආකාෂ් චොප්‍රා

ජොස් බට්ලර් ප්‍රමුඛ එංගලන්ත කණ්ඩායම ශ්‍රී ලංකාවට එරෙහිව අද දිනයේදී බැංගලෝර්හි දී තරග බිමට අවතීර්ණ වීමට නියමිතය. වත්මන් ශූරයින් ප්‍රසාද ලකුණු සටහනේ අටවැනි ස්ථානයේ පසුවන අතර ඔවුන්ට තරගාවලියට අවතීර්ණ වීමට නම් අද දිනයේදී ශ්‍රී ලංකාව පරාජයට පත් කළ යුතුය. හිටපු ඉන්දීය ක්‍රීඩක මෙන්ම වත්මන් විස්තර විචාරක ආකාෂ් චොප්‍රා සිය යූටියුබ් නාලිකාව ඔස්සේ අදහස් දක්වමින් ජෝස් […]

ඉන්දු ශ්‍රී ලංකා තරගයේදී ප්‍රේක්ෂකයන්ට තෑගි

නොවැම්බර් මස 2 වැනිදා මුම්බායි හි වැන්කඩේ ක්‍රීඩාංගණයේ පැවැත්වෙන එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 33 වැනි තරගයේදී සෑම රසිකයෙකුටම නොමිලේ පොප්කෝන් සහ සිසිල් බීම ලබා දීමට මුම්බායි ක්‍රිකට් සංගමය තීරණය කර ඇත. එම තරගය ප්‍රබල ඉන්දීය කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙයි. නිවේදනයක් නිකුත් කරමින් MCA සභාපති අමෝල් කේල් කියා සිටියේ රසිකයින්ට ඔවුන්ගේ ප්‍රවේශපත්‍ර […]

පාකිස්තාන යෞවනයන් දෙවන එක්දින තරගය ජය ගනී

ශ්‍රී ලංකා වවයස අවුරුදු 19න් පහළ කණ්ඩායම හා පාකිස්තාන වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම අතර දෙවන එක්දින තරගය ඊයේ කරච්චිහිදී පැවැත්විණි. තරගයේ කාසිය වාසිය දිනූ පාකිස්තානය පළමුව පන්දුවට පහර දීමට තීරණය කළහ. ඒ අනුව පිටියට පිවිසෙන ඔවුන් පන්දුවාර 46 පන්දු 5ක් තුළ කඩුලු 10ම දැවී ලකුණු 254ක් රැස්කිරීමට සමත් විය. එහිදී අරෆට් මින්හාස් පන්දු 66කදී […]

Back To Top