ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ සීමිත පන්දුවාර තරගාවලියේ තවත් තරග නමයක් අද දිනයේදී පැවැත්වුණා. නමුත් මෙම තරග සියල්ලටම වර්ෂාවෙන් බාධා එල්ල වීම හේතුවෙන් තරග සියල්ලම ප්‍රතිඵලයකින් තොරව අවසන් වුණා.අද දිනයේ පැවති තරඟ වලදී දස්කම් පෑ ක්‍රීඩකයන් පිළිබඳව මෙම ලිපියෙන් අවධානය යොමු කරමු. ටැමිල් යුනියන් ක්‍රීඩා සමාජයට එරෙහිව පැවැත් තරඟයේදී කුරුණෑගල යුත් පිල […]
පුහුණු උපදේශකවරුන් දෙදෙනකු ඇයි ? දෙදෙනාගේ කාර්‍යභාරයන් පිළිබඳව SLC පැහැදිලි කරයි
හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් වන සනත් ජයසූරිය සහ මහේල ජයවර්ධන ශ්‍රී ලංකා ක්‍රිකට් උපදේශකවරුන් ලෙස කටයුතු කරන නමුත් ඔවුන් දෙදෙනාට වෙනස් කාර්‍යභාරයන් පැවරී ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් උපසභාපති රවීන් වික්‍රමරත්න සදහන් කොට ඇත. මෙරට රූපවාහිනී නාලිකාවක් සමග පැවති සාකච්ඡාවකදී ඔහු සදහන් කොට සිටියේ ජාතික කණ්ඩායම්වල දක්ෂතා පිළිබඳව සාකච්ඡා කිරීම සහ උපායමාර්ග නිර්මාණය කිරීමේ කාර්‍යභාරය මහේල […]
පසුගියවර අනුශූරයන් පළමු වටයෙන්ම ඉවතට විසිවෙයි
ආසියානු කුසලාන වයස අවුරුදු 19න් පහළ තරගාවලියෙන් ඉවත්වීමට ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට අද දිනයේදී සිදුවුණා. ඒ බංගලාදේශ කණ්ඩායම හමුවේ ලද අවමන් සහගත පරාජය හේතුවෙන්. මෙම තරඟයේ කාසියවා සිය දිනූ බංග්ලාදේශ වයස අවුරුදු 19 පහළ කණ්ඩායම පළමුව පන්දු රැකීමට තීරණය කළා. ඒ අනුව පිටියට පිවිසෙන ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමට නියමිත පන්දු වාර පනහ […]
මහේල, ශ්‍රී ලංකා ක්‍රිකට් ඉහළ නිළධාරීන් හමුවෙයි
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ උපදේශකයෙකු ලෙස කටයුතු කරන හිටපු නායක මහේල ජයවර්ධන අඟහරුවාදා දිනයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් අධ්‍යක්ෂ මණ්ඩල නිලධාරීන් හමුවී ඇති බවට අභ්‍යන්තර ක්‍රිකට් ආරංචිමාර්ග සදහන් කොට ඇත. පසුගියදා පැවති ලෝක කුසලාන තරගාවලියේ ලද පරාජයන් පිළිබඳව එහිදී සාකච්ඡා කොට ඇත. එමෙන්ම මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ ඉදිරිය සම්බන්ධයෙන් වන සැලසුම් පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කොට ඇත. […]
යළිත් ජාත්‍යන්තර ක්‍රිකට් පිවිසීමට කිසිදු සූදානමක් නොමැති බව ඉසුරු උදාන පවසයි
එළඹෙන විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය ඉලක්ක කොට ගනිමින් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගත් ශ්‍රී ලංකා ක්‍රීඩකයන් නැවත කණ්ඩායමට කැදවීමේ සූදානමක් පවතින බවට මෙරට ප්‍රමුඛ පෙළේ පුවත්පත් වාර්තාවක සදහන් විය. ඒ අනුව ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගත් තිසර පෙරේරා හා ඉසුරු උදානද ඊට අමතරව කණ්ඩායමේ ස්ථානය අහිමි වූ ක්‍රීඩකයන් වූ ඇන්ජිලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල් හා නුවන් ප්‍රදීප් […]
ශ්‍රී ලංකා-සිම්බාබ්වේ තරගාවලි කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී
සිම්බාබ්වේ කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයට අදාළ තරගකාල සටහන අද දිනයේදී ප්‍රකාශයට පත් කොට ඇත. ඒ අනුව මෙම තරගාවලියට එක් දින තරග තුනක් සහ විස්සයි විස්ස තරග තුනක් ඇතුළත්ය. තරගාවලියේ සියලුම තරග කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පැවැත්වෙනු ඇත. සිම්බාබේ කණ්ඩායමේ ජනවාරි මස තුන්වන දා මෙරටට පැමිණීමට නියමිතය. දෙරට අතර පළමුවෙන්ම එක්දින තරගාවලිය පැවැත්වෙන අතර […]
ශ්‍රී ලංකා යෞවනයෝ පහසු ජයකින් තරගාවලිය අරඹති.
වයස අවුරුදු 19න් පහළ ආසියානු කුසලාන එක්දින තරගාවලියේ තවත් තරඟ දෙකක් අද දිනයේදී පැවැත්විණි. එම තරග වලින් ජයග්‍රහණ වාර්තා කිරීමට ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම සහ බංග්ලාදේශ වයස අවුරුදු 19න් කණ්ඩායම් සමත් වූහ. තරගාවලියේ තෙවන තරගය වෙනුවෙන් තරග බිමට අවතීර්ණ වූයේ බංගලාදේශ කණ්ඩායම සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායමයි. තරගයේ කාසිය වාසිය දිනූ […]
ආසියානු කුසලාන තරගාවලිය සදහා එක්වන යොවුන් ශ්‍රී ලංකා සංචිතය ප්‍රකාශයට පත් කරයි
දෙසැම්බර් 8 වනදා සිට 17 වනදා දක්වා ඩුබායිහිදී පැවැත්වෙන වයස අවුරුදු 19න් පහළ ආසියානු කුසලාන තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම සිනෙත් ජයවර්ධනට පැවරී ඇත. ක්‍රීඩකයන් 15 දෙනෙකු හා අතිරේක ක්‍රීඩකයන් දෙදෙනකුගෙන් සංචිතය සමන්විතය. තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම B කාණ්ඩය යටතේ තරග වදින අතර එහිදී ශ්‍රී ලංකාව සමගින් බංග්ලාදේශය, ජපානය හා එක්සත් අරාබි එමීර් […]
ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණු කාර්‍යමණ්ඩලයේ දෙදෙනෙක් ඉල්ලා අස්වෙයි
ශ්‍රී ලංකා ක්‍රිකට් ජාතික කණ්ඩායමේ ශාරීරික කාර්ය සාධන කළමනාකරු (Physical Performance Manager) ලෙස කටයුතු කක ග්‍රාන්ට් ලූඩන් එම තනතුරෙන් ඉල්ලා අස්වී ඇත. එමෙන්ම ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ භෞතචිකිත්සකවරයා ලෙසින් කටයුතු කළ ක්‍රිස් ක්ලාක් ද සිය ධූරයෙන් ඉල්ලා අස්වී ඇත. ග්‍රාන්ට් ලූඩ්න් 2021 වසරේ සිට ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ ශාරීරික කාර්ය සාධන කළමනාකරු ලෙසින් කටයුතු […]
අතුරු කමිටුවට එරෙහි නඩුව සතියකින් කල් යයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට පත් කළ අතුරු කමිටුවට එරෙහිව නිකුත් කර ඇති අතුරු තහනම් නියෝගය බල රහිත කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති මෝසම දෙසැම්බර් 05 වැනිදා විභාගයට ගැනීමට අභියාචනාධිකරණය තීරණය කොට ඇත. එම මෝසම අද දිනයේදී සළකා බැලූ අධිකරණය, ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාට දන්වා සිටියේ නියමිත දිනට ඒ සම්බන්ධයෙන් ඔහුගේ අදහස ඉදිරිපත් කරන […]
සිම්බාබ්වේ තරගාවලිය කොළඹදී පැවැත්වෙන ලකුණු ?
සිම්බාබ්වේ කණ්ඩායම එළඹෙන ජනවාරි මස මෙරට සංචාරය කිරීමට නියමිතය.ඒ එක්දින හා විස්සයි විස්ස තරගාවලි ද්විත්වයක් ක්‍රීඩා කිරීමේ අරමුණිනි. තරගාවලියේ එක්දින තරග 3 පල්ලෙකැලේහිදී ද විස්සයි විස්ස තරග 3 දඹුල්ලේදී ද පැවැත්වෙන බවට මින් පෙර නිවේදනය කොට තිබුණි. නමුත් වවයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන තරගාවලි සත්කාරකත්වය දකුණු අප්‍රිකාවට හිමිවීමත් සමග සිම්බාබ්වේ තරගාවලිය කොළඹදී පැවැත්වීම කෙරෙහි […]
ශ්‍රී ලංකා කණ්ඩායමේ දුර්වල ක්‍රීඩා විලාශය මුරලි විවේචනය කරයි
නිමාවට පත් වූ එක්දින ලෝක කුසලාන තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායම පෙන්නුම් කළ දුර්වල ක්‍රීඩා විලාශය, හිටපු සුපිරි දගපන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන්ගේ විවේචනයට ලක්වී ඇත. ෆස්ට්පෝස්ට් සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් මුරලිදරන් සදහන් කොට ඇත්තේ මෙය ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක කුසලාන ඉතිහාසය තුළ පෙන්නුම් කළ දුර්වලතම ක්‍රීඩා විලාශය බවයි. තරගාවලියේ තරග 9 න් තරග දෙකක් […]

