ඩයලොග් ආසිආටා පුරා දස වසක් ශාන්තුවරයන්ගේ සටනට සවිදෙයි

ඩයලොග් ආසිආටා හෙවත් ශ්‍රී ලංකාවේ අංක එකේ සබඳතා සම්පාදකයා,  හෙට දිනයේ ශූරයන් බලගැන්වීම සඳහා සිය නොසැලෙන සහයෝගය පෙරට රැගෙන යමින් 92 වැනි ‘ශාන්තුවරයන‍්ගේ සටන’ සාඩම්බරයෙන් යුතුව බලගන්වනු ලබයි. පුල පුලා බලා සිටි, කොළඹ ප්‍රමුඛතම කතෝලික අධ්‍යාපන ආයතන දෙකක් වන ශාන්ත ජොසප් විදුහල සහ ශාන්ත පීතර විදුහල් අතර ‘ගරු මොරිස් ජේ ලොගොක් පියතුමන් කුසලාන’ වෙනුවෙන් පවත්වනු ලබන ‘ශාන්තුවරයන්ගේ සටන’ මාර්තු 19,20 සහ 21 යන දිනවල, කොළඹ එස්.එස්.සී පිටියේදී පැවැත්වීමට නියමිතය.

ගරු පීටර් ඒ පිල්ලේ පියතුමන් නමින් වන කුසලාන වෙනුවෙන් පවත්වනු ලබන 52 වැනි ශාන්ත ජෝසප්- ශාන්ත පීතර වාර්ෂික එක්දින සටන අප්‍රේල් 25 වැනිදා එස්.එස්.සී පිටියේදී පැවැත්වීමට යෙදී තිබේ.මෙවර ශාන්ත ජෝසප් කණ්ඩායමේ නායකත්වය රිශ්ම අමරසිංහ විසින් දරනු ලබන අතර ශාන්ත පීතර කණ්ඩායම, ඉකුත්වර වාර්ෂික එක්දින තරගයේ වීරයා බවට පත්වූ එනෝෂ පීටර්සන් විසින් මෙහෙයනු ලබයි.

මෙම මහ තරග ඉතිහාසයේ අවස්ථා 12ක් ජයගනිමින් ජයග්‍රහණ අතින් පෙරමුණේ රැඳීමට ශාන්ත ජෝසප් විදුහල සමත්ව සිටින අතර එම විදුහල අවසන් වරට ජයග්‍රහණයක් වාර්තා කරන ලද්දේ 2008 වසරේදී රුවන්ත ප්‍රනාන්දුපුල්ලේගේ නායකත්වයෙනි. ශාන්ත පීතර විදුහල මේ දක්වා ජයග්‍රහණ 10ක් වාර්තා කර ඇති අතර අවසන් වරට හෙවත් 2016 වසරේ විනූ මොහොට්ටිගේ නායකත්වය යටතේ දිනාගන්නා ලදි. මෙම ඓතිහාසික ආකර්ශනීය එදිරිවාදීන්ගේ ඉතිහාසයේ තරග 68ක් ජය පරාජයෙන් තොරව අවසන්ව ඇත. දෙදින තරගයක් ලෙසින් පැවැති ඉකුත්වර හෙවත් 2024 තරගයද ජය පැරදුමෙන් තොරව අවසන් විය.

‘පීටර් ඒ. පිල්ලේ පියතුමන් අනුස්මරණ කුසලානය’ සඳහා පැවැත්වෙන, සියල්ලන් නොයිවසිල්ලෙන් බලා සිටි ජෝසප්-පීතර සීමිත පන්දුවාර වාර්ෂික ක්‍රිකට් ගැටුම 2026 අප්‍රේල් 25 වන දින පැවැත්වීමට නියමිතය. මේ දක්වා ජයග්‍රහණ 25ක් සමගින් එම එක්දින තරග ඉතිහාසයේ පෙරමුණේ පසුවීමට ශාන්ත ජෝසප් සමත්ව සිටින අතර තරග 23ක ජයග්‍රහණ ශාන්ත පීතර විදුහල ඉදිරියේ සටහන් වද්දී තරග දෙකක් ප්‍රතිඵල රහිතව නිමවී තිබේ. ඉකුත් වසරේ එම 51 වැනි එක්දින සටනේදී කඩුලු 4ක තියුණු ජයක් ලැබූ ශාන්ත පීතර විදුහල ගරු පීටර් පිල්ලේ අනුස්මරණ පළිහ තම සන්තකයේ තබා ගැනීමට සමත්විය.

මෙම පාසල් ද්විත්වයම ශ්‍රී ලංකාව නියෝජනය කළ ක්‍රිකට් තරු රැසක් බිහිකිරීමේ කීර්තිය උසුලයි. දිමුත් කරුණාරත්න, ඇන්ජලෝ මැතිව්ස්, චමින්ද වාස්, දුනිත් වෙල්ලාලගේ, ෂෙවෝන් ඩැනියෙල්, තිසර පෙරේරා, ඈෂ්ලි ද සිල්වා, මයිකල් වැන් ඩෝට්, රොෂේන් සිල්වා, ප්‍රියමාල් පෙරේරා සහ සධීර සමරවික්‍රම ශ්‍රී ලංකාව නියෝජනය කළ ජෝසප් ක්‍රීඩකයින් වන අතර රෝයි ඩයස්, රූමේෂ් රත්නායක ශ්‍රී  විනෝදන් ජෝන්, අමල් සිල්වා, රසල් ආනල්ඩ්, කෞෂාල් ලොකුආරච්චි, මලින්ද වර්ණපුර, ඇන්ජලෝ පෙරේරා, ජනිත් ලියනගේ සහ දුෂාන් හේමන්ත එම අවස්ථාව ලැබූ ශාන්ත පීතර ක්‍රීඩකයෝ වෙති.

“මෙම 92 වැනි ශාන්තුවරයන්ගේ සටන, විශිෂ්ටත්වය, විනය සහ අන්‍යෝන්‍ය ගෞරවය තුළින් තරුණ ක්‍රීඩක පරම්පරා බැගින් හැඩගස්වා ඇති ඓතිහාසික සම්ප්‍රදායන් සාඩම්බරයෙන් පෙරට රැගෙන යයි.  මෙම සුවිශේෂී තෙදින තරගය මෙන්ම දීර්ඝතම වාර්ෂික එක්දින තරගයේ 52 වැන්න සමඟ එක්ව, ප්‍රමුඛ කතෝලික අධ්‍යාපන ආයතන දෙකක් වන ශාන්ත ජෝසප් විද්‍යාලය සහ ශාන්ත පීතර විද්‍යාලය විසින් බෙදා ගන්නා ලද දීර්ඝ කාලීන ජීවගුණය  සහ උරුමය විදහා දක්වයි.

මෙය තරගකාරීත්වයෙන් ඔබ්බට ගොස් සහෝදරත්වය, ප්‍රතිරූපය මෙන්ම පාසල් ක්‍රිකට් ක්‍රීඩාවේ ඉහළම ප්‍රමිතිය සංඛේතවත් කරන ඉසව්වකි. මේ වසරේ තරගය ධෛර්යය, පරිපූර්ණත්වය සහ අභිමානය කැටිකරගත්, පොහොසත් සංස්කෘතියේ ගරුත්වයන් ඔප්නැංවෙන්නක් වේවායි පතමි” යනුවෙන් ශාන්ත පීතර විදුහල වෙනුවෙන් ගරු රෝහිත රොද්‍රිගෝ පියතුමන් පවසා සිටියි.

” 92වැනි වාර්ෂික ශාන්ත ජෝසප්- පීතර ක්‍රිකට් තරගය යනු ආශ්වාදය මෙන්ම උද්‍යෝගයෙන් සපිරි තෙදිනකින් ඔබ්බට යන්නකි. එය මිත්‍රශීලී එදිරිවාදිකම්, ආදරණීය මතකයන්න සහ විශිෂ්ට විනෝදාශ්වාදය ආදී සියල්ල කැටිකරගත් සාඩම්බර ක්‍රිකට් සම්ප්‍රදායක් සැමරීමකි.

එය සහෝදරත්වය, විනය, කණ්ඩායම්හැඟීම, ක්‍රීඩාශීලීත්වය, සහ මිත්‍රත්වය ආදී ක්‍රීඩාවේ ගැඹුරු වටිනාකම්ද අපට සිහිපත්කරදෙන්නකි. එසේම මෙය ක්‍රීඩකයන්ගේ මෙන්ම ක්‍රීඩා ලෝලීන්ගේද පරම්පරා බැගින් ඒකාත්මික කරවන්නක් මෙන්ම සිය පාසලට සහ මව්බිමට ගරුත්වය ගෙන දුන් අතීත දක්ෂයන් ගෞරවයට ලක්කරනු ලබන ඉසව්වක්ද වේ” යැයි පවසනුයේ ශාන්ත ජොසප් විදුහලේ ගරු රංජිත් අන්ද්‍රාදී පියතුමන්ය.

‘මහ තරග සමය යනු ශ්‍රී ලංකාවේ ක්‍රීඩා උරුමයේ ලකුණක් වන අතර , අපගේ රට නියෝජනය කරනු ලබන අනාගත ශූරයන්ගේ වැඩීම වෙනුවෙන් උපකාරී වන ලෙසින් මෙම සුවිශේෂී ක්‍රිකට් සටන වෙනුවෙන් අපගේ සහයෝගය අඛණ්ඩව පිිනැමීමට හැකිවීම ගැන අප බෙහෙවින් සතුටට පත්වනවා’’ යැයි මෙම මහ තරගය සම්බන්ධයෙන් අදහස් දක්වමින් පැවසූ ඩයලොග් ආසිආටා හී සමූහ ප්‍රධාන අලෙවි නිලධාරී ලසන්ත තෙවරප්පෙරුම මහතා  ‘‘ විශිෂ්ට ක්‍රිකට් තරගයක් වෙනුවෙන් මෙම කණ්ඩායම් දෙක වෙත මගේ හෘදයාංගම සුබපැතුම් පිරිනමනවා’’ යනුවෙන්  වැඩිදුරටත් පවසන ලදි.

ඩයලොග් ටෙලිවිෂන් නාලිකා අංක 126 ඔස්සේ මෙන්ම Dialog Play Mobile App සහ ThePapare.com ඔස්සේ රාජකීය-ශාන්ත තෝමස් සටනේ සෑම දසුනක්ම සජීවීම නැරඹීම පිණිස ශ්‍රී ලංකාවේ අංක එකේ 5G ජාලය හිමි ඩයලොග් ආසිආටා පීඑල්සී විසින් ක්‍රීඩාලෝලී ජනතාවට ආරාධනා කර සිටියි.

Back To Top