තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා විසින්, සංශෝධිත 1973 අංක 25 දරන ක්‍රීඩා පනතේ 32 සහ 33 වගන්ති අනුව විෂය භාර අමාත්‍යවරයා ලෙස පැවරී ඇති බලතල ප්‍රකාරව ශ්‍රී ලංකා කරාතේ දෝ සම්මේලනයෙහි ලියාපදිංචිය අංක 2451/24 2025-08-27 දරන ගැසට් පත්‍රයෙන් තාවකාලිකව අත්හිටුවන ලදී.
ශ්‍රී ලංකාවේ කරාතේ දෝ සම්මේලන පරිපාලනයේ පවතින අර්බුධකාරී තත්ත්වය විසදීම ඉලක්ක කොටගෙන තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යංශය විසින් මෙලෙස මැදිහත් වීම සිදු`කරනු ලබන්නේ කරාතේ දෝ සම්මේලනයේ පරිපාලනය සම්බන්ධ චෝදනා එල්ල වී ඇති පසුබිමකය.
විශේෂයෙන්ම ජාතික විගණන කාර්යාලය විසින් ශ්‍රී ලංකාවේ කරාතේ දෝ සම්මේලනයේ ක්‍රියාකාරීත්වය පිළිබදව සිදුකළ විශේෂ විගණන පරික්ෂණ වාර්තාව විසින් මතු කරන ලද කරුණු ද අමාත්‍යවරයා මගින් පත් කළ පරීක්ෂණ කමිටුවෙන් දෙන ලද නිර්දේශ පදනම් කරගනිමින් 1973 අංක 25 දරන ක්‍රීඩා පනත සහ එහි සංශෝධනවල 32 සහ 33 වගන්ති යටතේ ඔහු වෙත පවරා ඇති බලතල ප්‍රකාරව, ශ්‍රී ලංකා කරාතේ දෝ සම්මේලනයේ කාර්යයන් කරගෙන යාම සහ කළමනාකරණය කිරීම සඳහා කාර්ය සාධන බලකායක් (Working Task Force) වහාම බල පැවැත්වෙන පරිදි පත් කරන ලදී.
නව රජයේ ක්‍රීඩාව සම්බන්ධ ප්‍රතිපත්තිය අනුව යමින් ජාතික ක්‍රීඩා සංගම්වල පරිපාලනයේ අඛණ්ඩතාව, විනිවිදභාවය සහ වගවීම සහතික කිරීම සහ එහි ප්‍රධාන කොටස්කරුවන් වන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ඉහළම යහපත ආරක්ෂා කිරීම සඳහා මෙම මැදිහත්වීම ගරු තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යතුමන්ගේ උපදෙස් මත වහාම ක්‍රියාත්මක වේ.
මෙම සඳහා කාර්ය සාධන බලකායේ (Working Task Force) සභාපති ධූරයට විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති, එම්. එච්. මාර්සෝ මහතා පත් කොට ඇති අතර ඔහු ශ්‍රී ලංකා පොලීසියේ කීර්තිමත් නිලධාරියෙකි.
මේ අනුව කාර්ය සාධන බලකායක් (Working Task Force) පහත සාමාජිකයින්ගෙන් සමන්විත වේ.
1. විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති, එම්. එච්. මාර්සෝ මහතා – සභාපති
2. ජාතික ඔලිම්පික් කමිටුවේ නියෝජිත, නිලූක කරුණාරත්න මහතාග සාමාජික
3. විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී, ආර්. එම්. එල්. එන්. බණ්ඩාර මහතාග සාමාජික
4. පී. උපුල් අබේවික්‍රම මහතාග සාමාජික
5. නීතිඥ එම්. එච්. ආනන්ද කුමාර මහතාග සාමාජික
ශ්‍රී ලංකා කරාතේ දෝ සම්මේලනය සඳහා නව ව්‍යවස්ථාවක් සම්මත කිරීම, එකී ව්‍යවස්ථාව යටතේ සුදුසුකම් ලත් සාමාජිකයින් ලියාපදිංචි කිරීම සහ නව ව්‍යවස්ථාව යටතේ විශේෂ මහා සභා රැස්වීම සහ වාර්ෂික මහ සභා රැස්වීම පැවැත්වීම යන සීමිත කාරණා සඳහා මෙම කාර්ය සාධන බලකායට (Working Task Force) පත් කොට ඇත.

