ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අයවැය ප්‍රතිපාදන වලින් සකසන ලද නැගෙනහිර පළාත් ක්‍රීඩා සංකීර්ණයේ ක්‍රීඩා පිටිය විවෘත කිරීම පෙරේදා දින (27) තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.
මෙම අවස්ථාවට විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර, පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් අක්මීමන, ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් වී. ප්‍රේමචන්දිරන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් සහභාගි විය.


