ආසි­යානු යොවුන් මලල ක්‍රීඩා ශූර­තා­ව­ලියට ශ්‍රී ලංකා­වෙන් 22ක්!

2026 ආසි­යානු යොවුන් මලල ක්‍රීඩා උළෙල අද හොංකොංහීදී ආරම්භ වීමට නියමිතයි.අවු­රුදු 20න් පහළ ක්‍රීඩක ක්‍රීඩි­කා­වන් සහභාගී වා මෙම තරගාවලිය පැවැත්වෙන්නේ 22 වෙනි වරටයි.

මෙම තරගාවලිය හොංකොංහි සත්කාරකත්වයෙන් කයි ටැක් යොවුන් ක්‍රීඩාං­ග­ණ­යේදී ආරම්භ වීමට නියමිතයි.

තරග ඉසව් 46ක් වෙනු­වෙන් රට­වල් 40කින් ක්‍රීඩක ක්‍රීඩි­කාවෝ එක්වන මෙම තර­ගා­ව­ලි­යට ශ්‍රී ලංකා­වෙන් ක්‍රීඩක ක්‍රීඩි­කාවෝ 22ක් එක්ව සිටියි.

ඊට ක්‍රීඩ­ක­යන් 15ක් සහ ක්‍රීඩි­කාවෝ හත්දෙ­නකු ඇතු­ළත්ව තිබේ.

අද ආරම්භ වන තර­ගා­ව­ලියේ පළමු දිනයේදී ශ්‍රී ලංකා­ ක්‍රීඩක ක්‍රීඩි­කාවෝ 5 දෙනකු තරග වැදී­මට නිය­මි­තය.

ශ්‍රී ලංකා වේලා­වෙන් පෙර­වරු 7.45ට මීටර් 400 පළමු වටයේ කාන්තා ඉස­ව්වෙන් රොනාලි ඈන් පීරිස් ශ්‍රී ලංකා නියෝ­ජ­නය ආරම්භ කරන අතර, අන­තු­රුව පෙර­වරු 8.10ට ඔමෙල් ශෂින්ත සහ සදෙව් රාජ­ක­රුණා මීටර් 400 පළමු වට­යට එක් වෙනු ඇත.

පස්වරු 2.35ට විදු­ෂාන් රාජේ­න්ද්‍රන් මීටර් 3000 අව­සන් තර­ග­යට එක්වන අතර, 3.10ට ශවිඳු නිමාෂ සහ කල්ප­දිත් හංසජ මීටර් 400 කඩුලු පැනීමේ මූලික වට­යට එක් වේ.පස්වරු 4.00ට මීටර් 1500 ඉස­ව්වෙන් නෙත්සර දිනෙත් තරග බිමට පිවි­සෙන අතර, පස්ව­රුවේ පිරිමි මීටර් 400 අව­සන් පූර්ව වටයේ තරග පැවැ­ත්වී­මට නිය­මි­තයි.

අව­සන් වරට 2024 වසරේදී පැවැති ආසියානු යොවුන් මලල ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාව රිදී පද­ක්කම් 2ක් සහ ලෝකඩ පද­ක්කම් 3ක් දිනා ගැනීමට සමත් වුණා.

තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩා­යම :

ක්‍රීඩකයින් – ඔමෙල් ශෂින්ත සිල්වා 200m, 400m,400m සහය), සදෙව් රාජ­ක­රුණා (200m, 400m,400m සහය), තිසෙන් රන්විදු පති­රගේ (400m සහය, මිශ්‍ර සහය), ඉරේෂ් බෝගොඩ (400m සහය, මිශ්‍ර සහය), ඉරෝෂ එදි­රි­සිංහ (400m සහය, මිශ්‍ර සහය), නෙත්සර දිනෙත් ලිය­නගේ (800m, 1500m), විදු­ෂාන් රාජේ­න්ද්‍රන් (3000m), කවීෂ කුල­තුංග (110m කඩුලු), ශවිඳු නිමාෂ ඩයස් (400m කඩුලු), කල්ප­දිත් හංසජ උය­න්වත්ත (400m කඩුලු), දීසර සෙන්දිල් හේරත් (දුර පැනීම), තරුෂ මෙන්ඩිස් (උස පැනීම), නේත්‍ර චන්දුප ප්‍රනාන්දු (උස පැනීම), තෙහාර රවිශ්ක ප්‍රනාන්දු (තුන් පිම්ම), සසිඳු හංසන ජය­සිංහ (තුන් පිම්ම)

ක්‍රීඩිකාවන් – රිසන්සා හිරු­පමා සිල්වා (200m), ඩිලන්මා රන්සිනි පෙරේරා (200m), තරුෂි අභි­ෂේකා (800m, 1500m, මිශ්‍ර සහය), මිහින්සා දෙව්මිණි අබේ­රත්න (උස පැනීම), ඔෂිනි කාවින්ද්‍යා කොඩි­කාර (තුන් පිම්ම), රොනාලි ඈන් පීරිස් (400m, මිශ්‍ර සහය), වර්ෂා දෙව්මිණි විම­ල­සේ­කර (මිශ්‍ර සහය).

Back To Top