Author: Sameera Peiris

පිතිකරණයෙ දුර්වලතාවය නැවතත්

ශ්‍රී ලංකාව සමග පැවති දෙවැනි 20 – 20 ක්‍රිකට් තරගය ලකුණු 45කින් ජයගැනීමට නවසීලන්තය අද සමත් වුණා. තරගය පැවැත්වුණේ, නවසීලන්තයේ බේ ඕවල් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී. තරගයේ කාසිය වාසිය දිනූ ශ්‍රී ලංකා නායක චරිත් අසලංක, පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව ප්‍රතිවාදීන්ට ලබාදුන්නා. ඒ අනුව නවසීලන්ත ඉනිම ආරම්භ කළේ ටිම් රොබින්සන් සහ රචින් රවීන්ද්‍ර. ආරම්භක කඩුල්ලේ සබඳතාව ලකුණු 13 […]

වසරේ විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩිකාවට හිමි සම්මානයට චමරිගේ නම

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සංවිධාන කරන අයී සී සී සම්මාන උළෙලේ 2024 වසරේ විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩිකාවට හිමි සම්මානය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ නායිකා චමරි අතපත්තුගේ නම නිර්දේශ වි තිබෙනවා. ඇය මෙම සම්මාන උළෙලේදි නිර්දේශ වු තෙවැනි සම්මානය මෙයයි. වසරේ විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩිකාවට හිමි සම්මානය සඳහා චමරි අතපත්තු සමග ඕස්ට්‍රේලියාවේ ඇනබල් සදර්ලන්ඩ්, දකුණු අප්‍රිකාවේ ලවුරා වොල්වර්ඩ් සහ […]

දකුණු අප්‍රිකාව ලෝක ශුරතා ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයට

දකුණු අප්‍රිකාව ලෝක ශුරතා ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලබා ගැනීමට සමත් වුණා.ඒ පකිස්තානය සමග පැවැති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය කඩුලු 2 කින් ජය ගැනීමට අද සමත් වීමත් සමගින්. සෙන්වූරියන්හිදී පැවැති තරගයේ පළමු ඉනිමට පකිස්තානය ලකුණු 211 ක් රැස් කළා.දකුණු අප්‍රිකා පළමු ඉනිම ලකුණු 301 යි.පකිස්ථානය දෙවැනි ඉනිම සදහා ලකුණු 237ක් රැස් කළා. තරගය […]

ICC සම්මානය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක කමිඳු මෙන්ඩිස්ගේ නම නිර්දේශ වෙයි

2024 වසරේ නැගී එන ක්‍රීඩකයාට හිමි ICC සම්මානය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක කමිඳු මෙන්ඩිස්ගේ නම නිර්දේශ වී තිබෙනවා. මෙම සම්මානය සදහා ක‍‍‍මිදු මෙන්ඩිස් ඇතුලු තවත් ක්‍රීඩකයින් 3 දෙනෙකුගේ නම් නිර්දේශ වුණා. කමිදු මෙන්ඩිස් 2024 වසරේදී වැඩි දක්ෂතා දැක්වීමට සමත් වුණේ ටෙස්ට් තරගවලින්.ඔහු මෙම කාලසීමාව තුළ ටෙස්ට් තරග 9ක් ක්‍රීඩා කරමින් ලකුණු 1049ක් ලබා ගැනීමට […]

සිංහ පුතුන්ට ලෝක කුසලානයට වරම් හිමි වෙයිද ?

2027 රග්බි ලෝක ලෝක කුසලාන තරගාවලියට සෘජුවම සුදුසුකම් ලබාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට අවස්ථාවක් උදා වී ඇත. ඒ අනුව මලයාසියාව සමගින් පැවැත්වෙන තරගය ජයග්‍රහණය කළහොත් ශ්‍රී ලංකාව ආසියානු සුපිරි කණ්ඩායම් හතර අතරට පිවිසෙන අතර, ආසියානු සුපිරි කණ්ඩායම් හතර තරගාවලියේ ශූරතාවය ජයග්‍රහණය කළහොත් ලෝක කුසලානයට ඍජුවම සුදුසුකම් ලබාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට අවස්ථාව උදාවනු ඇත. ආසියානු රග්බි ඉහළ […]

පුහුණු තරග වලින් පහසු ජයක්

නවසීලන්ත ක්‍රිකට් ආයතන කණ්ඩායම සමග පැවති පළමු 20-20 පුහුණු තරගය කඩුලු 7 කින් ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුණා.තරගය අද පැවැත්වුණේ නවසීලන්තයේදී. පළමුවෙන් පන්දුවට පහර දුන් නවසීලන්ත ක්‍රිකට් ආයතන කණ්ඩායම පන්දුවාර 13 යි පන්දු 4 කදී සියලු ක්‍රීඩකයින් දැවී ලකුණු 94 ක් රැස් කළා. බී ජාකොබ්ස් ලකුණු 39 යි. පන්දු යැවීමේදී වනිදු හසරංග කඩුලු 3 […]

Back To Top