බංග්ලාදේශ-ශ්‍රී ලංකා නැගී එන ටෙස්ට් ගැටුම ජය පැරදුමෙන් තොරව අවසන් වෙයි.
ශ්‍රී ලංකා නැගි එන කණ්ඩායම සහ බංග්ලාදේශ නැගී එන කණ්ඩායම අතර පළමු නිල නොවන ටෙස්ට් තරගය දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ජය පරාජයෙන් තොරව අවසන් විය. තරගයේ පළමුව පන්දුවට පහර දුන් බංග්ලාදේශය සිය පළමු ඉනීමට කඩුලු 9ක් දැවී ලකුණු 501ක් රැස්කොට සිටියදී ඉනීම අත්හිටුවීමට තීරණය කළහ. එහිදී අනිච් මොල්ලා ලකුණු 147ක්, ශහදත් හුසේන් ලකුණු 93ක්, […]
තෙවන එක්දින තරගය ජයගත් පාකිස්තාන යෞවනයන් තරගාවලියේ පෙරමුණ ගනී.
කරච්චිහිදී පැවැති තෙවැනි එක්දින තරගයෙන් ශ්‍රී ලංකා 19න් පහළ පිල කඩුලු 6කින් පරදවා තරග පහකින් සමන්විත තරගාවලිය 2-1ක් ලෙස පෙරමුණ ගැනීමට පාකිස්තාන යොවුන් පිල සමත්විය. කාසියේ වාසිය දිනූ සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට තීරණය කළහ. ඔවුන් නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 289ක් ලබා ගැනීමට සමත් විය. විශිෂ්ට ශතකයක් වාර්තා […]
නවෝද් හා සොනාල් බංග්ලාදේශයට එරෙහිව ශතක වාර්තා කරයි
ශ්‍රී ලංකා නැගි එන කණ්ඩායම සහ බංග්ලාදේශ නැගී එන කණ්ඩායම අතර පළමු නිල නොවන ටෙස්ට් තරගය මේ දිනවල දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙනවා. තරගයේ පළමුව පන්දුවට පහර දෙන බංග්ලාදේශය සිය පළමු ඉනීමට කඩුලු 9ක් දැවී ලකුණු 501ක් රැස්කොට සිටියදී ඉනීම අත්හිටුවීමට තීරණය කළහ. එහිදී අනිච් මොල්ලා ලකුණු 147ක්, ශහදත් හුසේන් ලකුණු 93ක්, මහ්මුදුල් හසන් […]
ලංකා T10 ලීගයේ ක්‍රීඩක වෙන්දේසිය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත් කෙරේ
පළමු වරට පැවැත්වෙන ලංකා T10 ලීග් තරඟාවලිය 2023 දෙසැම්බර් 12 සිට 2023 දෙසැම්බර් 23 දක්වා පැවැත්වීමට නියමිතය. තරගාවලිය සදහා වන ක්‍රීඩක වෙන්දේසිය එළඹෙන නොවැම්බර් මස 10 වනදා පැවැත්වීමට නියමිතය. Lanka T10 සංවිධානය කරනු ලබන්නේ T Ten Sports කළමනාකාරිත්වය විසින් T Ten Global Sports සහ Innovative production Group සමග ඒකාබද්ධව ය. පිරිමි T10 තරගාවලියට අමතරව, ලොව […]
ශ්‍රී ලංකාවට තවත් ආසියානු පදක්කම් හතරක්
ආසියානු පැරා ක්‍රීඩා තරගාවලියේ අද දිනයේදී ද පදක්කම් හතරක් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමත් විය. ඒ ගලීනා බස්නායක, රහීම් නවීඩ්, අනිල් ප්‍රසන්න හා නුවන් ඉන්දික යන ක්‍රීඩක ක්‍රීඩිකාවන් අද දිනයේදී පැවති තරග වලින් පදක්කම් දිනාගැනීමට සමත් විය. මීටර් 400 නිදහස් ආර තරග ඉසව්වේ S9 කාණ්ඩයේ අවසන් මහා තරගයට සහභාගි වූ රහීම් නවීඩ් එහි […]
මම හිතන්නේ එංගලන්තය අපිව අවතක්සේරු කළා – මහීෂ් තීක්ෂණ
එංගලන්තයට එරෙහිව පැවති ජයග්‍රහණයෙන් අනතුරුව මාධ්‍ය හමුවට එක්වූ මහීෂ් තීක්ෂණ තරගය සම්බන්ධයෙන් සිය අදහස් මේ ආකාරයෙන් පළ කළේය. අද පැවති ජයග්‍රාහී තරගයේදී පන්දු යැවීමේ බලඇණිය විශිෂ්ට දස්කම් දැක්වීමට සමත් වුණා. ළහිරු කුමාර ඇතුළත් වීමත් සමඟම ඔහුගේ දක්ෂතාව ගැනත්, ඇන්ජලෝ මැතිව්ස්ගේ පන්දු යැවීම ගැනත් මොනවද කියන්න තියෙන්නේ මුල් ඕවර හතරේ පහේ දී හරි ලෙන්ත් එක සොයා […]
ICC World Cup 2023 | Sri Lanka Vs England – 5th Match
ලංකා T10 ලීගයේ හම්බන්තොට කණ්ඩායම Bangla Tigers හිමිකරුවන්ට
එළඹෙන ලංකා T10 ලීග් තරගාවලියේ එක් කණ්ඩායමක් Bangla Tigers කණ්ඩායම් හිමිකරුවන් විසින් මිළදී ගෙන ඇත. ඒ අනුව හම්බන්තොට කණ්ඩායමේ හිමිකාරීත්වය ඔවුන්ට හිමි වී ඇත. බංග්ලා ටයිගර්ස් කණ්ඩායමේ හිමිකාරීත්වය දරනුයේ Yasin Chowdhury විසිනි. Bangla Tigers කණ්ඩායම අබුඩාබි T10 ලීගයේ ප්‍රමුඛතම කණ්ඩායමකි. පළමු වරට පැවැත්වෙන ලංකා T10 ලීග් තරගාවලිය දෙසැම්බර් මස 12සිට 23 තෙක් පැවැත්වෙයි. ඊට පිරිමි […]
චමරිගේ පිත්ත යළිත් බිග්බෑෂ් ලීගය දෙවනත් කරයි
බිග්බෑෂ් කාන්තා ලීග් තරගාවලියේ සිඩ්නි තන්ඩර්ස් කණ්ඩායම ක්‍රීඩා කළ තවත් තරගයක් අද දිනයේදී පැවැත්විණි. ඒ මෙල්බන් රෙනිගේඩ්ස් කණ්ඩායමට එරෙහිවයි. තරගයේ කාසිය වාසිය දිනූ සිඩ්නි තන්ඩර්ස් කණ්ඩායම පළමුව පන්දු රැකීම තෝරගත්හ. ඒ අනුව පිටියට පිවිසෙන මෙල්බන් රෙනිගේඩ්ස් ක්‍රීඩිකාවන්ට නියමිත පන්දුවාර විස්ස තුළ කඩුලු 5ක් පමණක් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 147ක් පමණයි. එහිදී ජෝජියා වරෙහැම් ලකුණු 47ක් […]
චමීර සහ වනිඳු නැති නිසා එංගලන්තයට ලකුණු 350 ක් ලබාගන්න පුලුවන් – හිටපු ඉන්දීය ක්‍රීඩක ආකාෂ් චොප්‍රා
ජොස් බට්ලර් ප්‍රමුඛ එංගලන්ත කණ්ඩායම ශ්‍රී ලංකාවට එරෙහිව අද දිනයේදී බැංගලෝර්හි දී තරග බිමට අවතීර්ණ වීමට නියමිතය. වත්මන් ශූරයින් ප්‍රසාද ලකුණු සටහනේ අටවැනි ස්ථානයේ පසුවන අතර ඔවුන්ට තරගාවලියට අවතීර්ණ වීමට නම් අද දිනයේදී ශ්‍රී ලංකාව පරාජයට පත් කළ යුතුය. හිටපු ඉන්දීය ක්‍රීඩක මෙන්ම වත්මන් විස්තර විචාරක ආකාෂ් චොප්‍රා සිය යූටියුබ් නාලිකාව ඔස්සේ අදහස් දක්වමින් ජෝස් […]
නායකයා මට පන්දුව දුන්නොත් මම පැහැදිලිවම පන්දු යවනවා – ඇන්ජිලෝ මැතිව්ස්
එක්දින ලෝක කුසලාන තරගාවලියේ තවත් තීරණාත්මක තර්ගයක් හෙට දිනයේදී පැවැත්වීමට නියමිතය. ශ්‍රී ලංකාව හා එංගලන්තය අතර පැවැත්වෙන මෙම තරගයට පෙර පැවති මාධ්‍ය හමුව වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රීඩක ඇන්ජිලෝ මැතිව්ස් සහභාගි විය. එහිදී ඔහු දැක්වූ අදහස් මේ. මම අවසාන අවුරුදු තුනේ වැඩිය සීමිත පන්දුවාර තරග ක්‍රීඩා කරලා නෑ. නමුත් මම බලාපොරොත්තු වෙනවා මගේ අත්දැකීම් උපයෝගී කරගන්න. […]
ශ්‍රී ලංකාවට ආසියානු පැරා ක්‍රීඩා උළෙලේ තවත් පදක්කම් ත්‍රිත්වයක්
ආසියානු පැරා ක්‍රීඩා උළෙල මේ දිනවලදී චීනයේ Hangzhouහිදී පැවැත්වෙයි. තරගාවලියේ අද දිනයේදී පැවති මළල ක්‍රීඩා ඉසව්වලින් තවත් පදක්කම් ත්‍රිත්වයක් දිනාගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමත් විය. ඒ අනුව පාලිත බණ්ඩාර,ජනනී ධනංජනා හා කුමුදු ප්‍රියංකා මෙලෙසින් පදක්කම් ජයග්‍රහණය කිරීමට සමත් විය. පාලිත බණ්ඩාර සිය පුද්ගලික හොඳම දක්ෂතාව දක්වමින් ආසියානු පැරා උළෙලේ F63 යගුලිය දැමීම ඉසව්වෙන් ලෝකඩ […]

