Category: Cricket

දසුන් වෙනුවට චාමික එක්දින සංචිතයට

ඇෆ්ගනිස්ථානය සමගින් පැවැත්වෙන එක්දින තරගාවලිය වෙනුවෙන් නම් කොට ඇති ක්‍රීඩකයන් 16 දෙනෙකුගෙන් යුතු ශ්‍රී ලංකා සංචිතය ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය වෙනුවෙන් යොමුකොට ඇත. කුසල් මෙන්ඩිස්ගේ නායකත්වයෙන් යුතු ශ්‍රී ලංකා සංචිතයට හිටපු නායක දසුන් ශානක වෙනුවට චාමික කරුණාරත්න කැදවා ඇත. සිම්බාබ්වේ තරගාවලිය වෙනුවෙන් ක්‍රීඩා නොකළ පැතුම් නිස්සංක යළිත් වරක් එක්දින සංචිතයට කැඳවා ඇත. සිම්බාබ්වේ තරගාවලිය තුළ එතරම් […]

Legends Cricket Trophy තරගාවලියේ දෙවන අදියර ශ්‍රී ලංකාවේදී

දෙවන වරට පැවැත්වෙන Legend Cricket Trophy තරගාවලිය මෙවර ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට තීරණය කොට ඇත. ඒ අනුව කණ්ඩායම් හයක සහභාගීත්වයෙන් පැවැත්වෙන තරගාවලිය වෙනුවෙන් ලොව පුරා සිටින ක්‍රිකට් පුරාවෘත්ත රැසක් එක්වනු ඇත. මෙවර තරගාවලිය පන්දු 90කින් සමන්විත තරගාවලියක් ලෙසින් පැවැත්වෙයි. තරගාවලිය වෙනුවෙන් එක්වන කණ්ඩායම් වනුයේ දිල්ලි ඩෙවිල්ස්, කලම්බු ලයන්ස්, පංජාන් රෝයල්ස්, රාජස්ථාන් කිංග්ස්, නිව්යෝර්ක් ස්ට්‍රයිකර්ස් හා චටිස්ගාර් […]

පූර්ණ තරග සංචාරයක් වෙනුවෙන් ශ්‍රී ලංකාව මාර්තු මස බංග්ලාදේශයට

ටෙස්ට්, එක්දින හා විස්සයි විස්ස තරගාවලියකින් සමන්විත පූර්ණ සංචාරයක් වෙනුවෙන් ශ්‍රී ලංකා එළඹෙන මාර්තු මසදී බංග්ලාදේශ තරග සංචාරකට එක්වීමට නියමිතය. තරග සංචාරයට එක්දින තරග 3ක් විස්සයි විස්ස තරග 3ක් හා ටෙස්ට් තරග 2ක් ඇතුළත් වී ඇත. සංචාරය ආරම්භ කරමින් පළමුව විස්සයි විස්ස තරගාවලිය පැවැත්වෙන අතර ඉන් අනතුරුව එක්දින හා ටෙස්ට් තරගාවලි පැවැත්වෙයි. විස්සයි විස්ස තරගාවලිය […]

ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවන් තුන්කොන් තරගාවලියේ ශූරියන් ලෙසින් කිරුලු දරයි

ශ්‍රී ලංකාව, පාකිස්තානය හා බංග්ලාදේශය අතර පැවති වයස අවුරුදු 19න් පහළ කාන්තා තුන්කොන් තරගාවලියේ ශූරතාවය දිනාගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් පසුගියදා සමත් වුණා. ඒ අවසන් මහා තරගයේදී බංග්ලාදේශ යොවුන් කණ්ඩායම පරාජයට පත් කරමිනි. බංග්ලාදේශයේ ශෙයික් කමාල් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවති අවසන් මහා තරගයේ කාසිය වාසිය දිනූ ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම පළමුව පන්දුවට පහර […]

චාමික ගුණසේකරට ටෙස්ට් වරම්

සංචාරක ඇෆ්ගනිස්ථාන කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පළමු ටෙස්ට් තරගය අද දිනයේදී ආරම්භ විය. මෙම තරගයේදී ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක චාමික ගුණසේකර හට ටෙස්ට් වරම් හිමි විය. ඒ අනුව ඔහු ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් හිස්වැසුම පළදි 165වන ක්‍රීඩකයා ලෙසින් ටෙස්ට්ව්වරම් ලාභී ලැයිස්තුවට ඇතුළත් විය. 24 හැවිරිදි චාමික පළමු පෙළ ක්‍රිකට් පිටිය තුළ මේ […]

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල වාර්ෂික මහා සභාරැස්වීම ශ්‍රී ලංකාවේ දී

ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා සහ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නියෝජිතයින් අතර පැවති සාකච්ඡා වලින් අනතුරුව ශ්‍රී ලංකාවට පනවා තිබූ ජාත්‍යන්තර ක්‍රිකට් තහනම ඉවත් විය. එමෙන්ම මෙරටට අහිමි වීමට තිබූ ICC වාර්ෂික මහ සභා සමුළුව 2024 ජූලි මස 19 වන දින සිට 22 වන දින දක්වා ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමට ICC ය තීරණය කර ඇත. ක්‍රීඩා […]

Asian Legends ලීගයට දින නියම වෙයි

World Sports Group පළමු වරට සංවිධානය කරන Asian Legends ලීග් තරගාවලිය පිළිබඳව නිළ වශයෙන් ප්‍රකාශයට පත් කිරීම ඊයේ දිනයේ සිදුවිය. විස්සයි විස්ස තරග ආකෘතිය යටතේ පැවැත්වෙන මෙම තරගාවලිය වෙනුවෙන් රටවල් 5ක් නියෝජනය කරමින් පැරණි ක්‍රීඩකයන් සහභාගි වීමට නියමිතය. මෙම තරගාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකා ලයන්ස්, ඇෆ්ගනිස්ථාන් පතාන්ස්, බංග්ලාදේශ් ටයිගර්ස්, පාකිස්තාන් ස්ටාර්ස් හා ඉන්දියන් රෝයල්ස් යන කණ්ඩායම් […]

ඇෆ්ගනිස්තානයට එරෙහි ටෙස්ට් සංචිතයට නවකයන් තිදෙනෙක්

ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සමගින් එළඹෙන පෙබරවාරි මස දෙවෙනිදා ආරම්භ වීමට නියමිත ටෙස්ට් තරගාවලිය වෙනුවෙන් ක්‍රීඩකයන් 16කින් සමන්විත ශ්‍රී ලංකා සංචිතයක් මේ වන විට නම්කොට ඇත. ධනංජය සිල්වාගේ නායකත්වයෙන් යුතු මෙම සංචිතයට අත්දැකීම් බහුල ක්‍රීඩකයන් වන දිමුත් කරුණාරත්න ඇන්ජලෝ මැතිව්ස්, කුසල් මෙන්ඩිස් හා දිනේෂ් චන්දිමාල් ඇතුළත් වී ඇත. එමෙන්ම මෙම සංචිතයට අන්තර් සමාජ ක්‍රිකට් පිටියේ දස්කම් පෑ […]

Back To Top