Category: Cricket

ලංකා T10 ලීගයේ හම්බන්තොට කණ්ඩායම Bangla Tigers හිමිකරුවන්ට

එළඹෙන ලංකා T10 ලීග් තරගාවලියේ එක් කණ්ඩායමක් Bangla Tigers කණ්ඩායම් හිමිකරුවන් විසින් මිළදී ගෙන ඇත. ඒ අනුව හම්බන්තොට කණ්ඩායමේ හිමිකාරීත්වය ඔවුන්ට හිමි වී ඇත. බංග්ලා ටයිගර්ස් කණ්ඩායමේ හිමිකාරීත්වය දරනුයේ Yasin Chowdhury විසිනි. Bangla Tigers කණ්ඩායම අබුඩාබි T10 ලීගයේ ප්‍රමුඛතම කණ්ඩායමකි. පළමු වරට පැවැත්වෙන ලංකා T10 ලීග් තරගාවලිය දෙසැම්බර් මස 12සිට 23 තෙක් පැවැත්වෙයි. ඊට පිරිමි […]

චමරිගේ පිත්ත යළිත් බිග්බෑෂ් ලීගය දෙවනත් කරයි

බිග්බෑෂ් කාන්තා ලීග් තරගාවලියේ සිඩ්නි තන්ඩර්ස් කණ්ඩායම ක්‍රීඩා කළ තවත් තරගයක් අද දිනයේදී පැවැත්විණි. ඒ මෙල්බන් රෙනිගේඩ්ස් කණ්ඩායමට එරෙහිවයි. තරගයේ කාසිය වාසිය දිනූ සිඩ්නි තන්ඩර්ස් කණ්ඩායම පළමුව පන්දු රැකීම තෝරගත්හ. ඒ අනුව පිටියට පිවිසෙන මෙල්බන් රෙනිගේඩ්ස් ක්‍රීඩිකාවන්ට නියමිත පන්දුවාර විස්ස තුළ කඩුලු 5ක් පමණක් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 147ක් පමණයි. එහිදී ජෝජියා වරෙහැම් ලකුණු 47ක් […]

චමීර සහ වනිඳු නැති නිසා එංගලන්තයට ලකුණු 350 ක් ලබාගන්න පුලුවන් – හිටපු ඉන්දීය ක්‍රීඩක ආකාෂ් චොප්‍රා

ජොස් බට්ලර් ප්‍රමුඛ එංගලන්ත කණ්ඩායම ශ්‍රී ලංකාවට එරෙහිව අද දිනයේදී බැංගලෝර්හි දී තරග බිමට අවතීර්ණ වීමට නියමිතය. වත්මන් ශූරයින් ප්‍රසාද ලකුණු සටහනේ අටවැනි ස්ථානයේ පසුවන අතර ඔවුන්ට තරගාවලියට අවතීර්ණ වීමට නම් අද දිනයේදී ශ්‍රී ලංකාව පරාජයට පත් කළ යුතුය. හිටපු ඉන්දීය ක්‍රීඩක මෙන්ම වත්මන් විස්තර විචාරක ආකාෂ් චොප්‍රා සිය යූටියුබ් නාලිකාව ඔස්සේ අදහස් දක්වමින් ජෝස් […]

නායකයා මට පන්දුව දුන්නොත් මම පැහැදිලිවම පන්දු යවනවා – ඇන්ජිලෝ මැතිව්ස්

එක්දින ලෝක කුසලාන තරගාවලියේ තවත් තීරණාත්මක තර්ගයක් හෙට දිනයේදී පැවැත්වීමට නියමිතය. ශ්‍රී ලංකාව හා එංගලන්තය අතර පැවැත්වෙන මෙම තරගයට පෙර පැවති මාධ්‍ය හමුව වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රීඩක ඇන්ජිලෝ මැතිව්ස් සහභාගි විය. එහිදී ඔහු දැක්වූ අදහස් මේ. මම අවසාන අවුරුදු තුනේ වැඩිය සීමිත පන්දුවාර තරග ක්‍රීඩා කරලා නෑ. නමුත් මම බලාපොරොත්තු වෙනවා මගේ අත්දැකීම් උපයෝගී කරගන්න. […]

ඉන්දු ශ්‍රී ලංකා තරගයේදී ප්‍රේක්ෂකයන්ට තෑගි

නොවැම්බර් මස 2 වැනිදා මුම්බායි හි වැන්කඩේ ක්‍රීඩාංගණයේ පැවැත්වෙන එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 33 වැනි තරගයේදී සෑම රසිකයෙකුටම නොමිලේ පොප්කෝන් සහ සිසිල් බීම ලබා දීමට මුම්බායි ක්‍රිකට් සංගමය තීරණය කර ඇත. එම තරගය ප්‍රබල ඉන්දීය කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙයි. නිවේදනයක් නිකුත් කරමින් MCA සභාපති අමෝල් කේල් කියා සිටියේ රසිකයින්ට ඔවුන්ගේ ප්‍රවේශපත්‍ර […]

පාකිස්තාන යෞවනයන් දෙවන එක්දින තරගය ජය ගනී

ශ්‍රී ලංකා වවයස අවුරුදු 19න් පහළ කණ්ඩායම හා පාකිස්තාන වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම අතර දෙවන එක්දින තරගය ඊයේ කරච්චිහිදී පැවැත්විණි. තරගයේ කාසිය වාසිය දිනූ පාකිස්තානය පළමුව පන්දුවට පහර දීමට තීරණය කළහ. ඒ අනුව පිටියට පිවිසෙන ඔවුන් පන්දුවාර 46 පන්දු 5ක් තුළ කඩුලු 10ම දැවී ලකුණු 254ක් රැස්කිරීමට සමත් විය. එහිදී අරෆට් මින්හාස් පන්දු 66කදී […]

මහීෂ් තීක්ෂණ එංගලන්ත තරගයට ක්‍රීඩා කිරීමට සූදානමින්

ශ්‍රී ලංකා කණ්ඩායමේ දඟ පන්දු යවන ක්‍රීඩක මහේෂ් තීක්ෂණ, එංගලන්තයට එරෙහිව පැවැත්වෙන තරගයේදී තේරීම් සදහා එක්වන බව ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ් පවසයි. ඔහු මේ බව ප්‍රකාශ කළ බැංගලෝර් හි පැවති ශ්‍රී ලංකා පුහුණු සැසියෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දකවමින්. මහේෂ් තීක්ෂණ නෙදර්ලන්ත තරගයෙන් පසු ස්කෑන් පරීක්ෂණයකට භාජනය කරන ලද අතර ආබාධ තත්වය […]

ජයසූරිය සතුව තිබූ වාර්තාවක් ඩිකොක්ගේ නමට ලියැවෙයි

මුම්බායි හි වැන්කඩේ ක්‍රීඩාංගණයේ වසර 26ක් ඉපැරැණි වාර්තාවක් බිදහෙලන්නට ක්වින්ටන් ඩි කොක් අද දිනයේදී සමත් විය. ඒ මුම්බායිහි වැන්කඩේ ක්‍රීඩාංගණයේදී පිතිකරුවකු විසින් එක්දින ඉනීමක රැස්ජළ ඉහළම ලකුණු සංඛ්‍යාව වාර්තා කරමින් ඩිකොක් බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව ලකුණු 174ක් රැස්කිරීමට සමත් වූ අතර පන්දු 140කදී හතරේ පහර 15ක් හා හයේ පහර 7ක් සමගින් එම ලකුණු 144 රැස්කිරීමට ඔහු […]

මතීෂ වෙනුවට ඇන්ජි ශ්‍රී ලංකා සංචිතයට

ආබාධයට ලක්වූ වේගපන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ වෙනුවට තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ජිලෝ මැතිව්ස් ශ්‍රී ලංකා සංචිතයට එක් කොට ඇත. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මැතිව්ස්ගේ නම අද දිනයේදී ICC ඉසව් තාක්ෂණික කමිටුව වෙත යවා ඇත. ICC බොහෝ විට අද දිනය තුළ එය අනුමත කිරීමට ඉඩ ඇත. ආදේශක ක්‍රීඩකයෙකු ලෙස ඇන්ජිලෝ මැතිව්ස් පසුගිය සතියේ ඉන්දියාවට පැමිණි අතර […]

Back To Top