සහජ දක්ෂතා ඇති සෑම ක්‍රිකට් ක්‍රීඩක ක්‍රීඩිකාවකටම ජාතික කණ්ඩායම නියෝජනය කිරීම සඳහා සමාන අවස්ථා ලබා දීමේ, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් දිවයින පුරා සිදුකරනු ලබන ‘ජාතික ගමන් මඟ‘ වැඩසටහනෙහි 2024 වසරේ පළමු අදියර මැයි මස 28 වැනිදා ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පවත්වනු ලැබීය. ක්‍රීඩා අමාත්‍යවරයාගේ මූලිකත්වයෙන් පැවැති […]
වනිඳු සහ දසුන්ගේ උත්සාහය අපතේ යයි
පන්දුවාර විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගිවීම සඳහා ඇමරිකා එක්සත් ජනපදය වෙත ගොස් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම නෙදර්ලන්තය හමුවේ තරග වැදි පළමු පුහුණු තරගයෙන් ලකුණු 20 ක පරාජයක් අත්විඳීමට අද (29 දා) අළුයම සිදුවිය. කාසියේ වාසිය දිනා ගැනීමෙන් පසුව වනිඳු හසරංගගේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දුන් නෙදර්ලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසනදී කඩුලු 5 කට ලකුණු […]
දකුණු ආසියානු යොවුන් මේසපන්දු බාලක ශූරතාවය ශ්‍රී ලංකාවට
වයස අවුරුදු 19න් පහළ දකුණු ආසියානු යොවුන් මේසපන්දු ශූරතාවලිය මහනුවර දී පැවැත්විණි. එහිදී ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ බාලක කණ්ඩායම තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට හැකි විය. ශ්‍රී ලංකා කණ්ඩායම වයස අවුරුදු 19න් පහළ පිරිමි ඉසව්වේ රන් පදක්කම දිනාගැනීමට සමත් වූයේ වසර 8කට පසුව වීම මෙහිදී සුවිශේෂී ය. ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට Ceylon Sports අපි […]
LPL පස්වැන්නේ සන්නාම තානාපති ධුරය මයිකල් ක්ලාර්ක්ට
පස්වැනි වතාවටත් ලබන ජූලි 01 වැනිදා සිට දිග හැරෙන ලංකා ප්‍රිමියර් ලීග් පස්වැනි පන්දුවාර විස්සයි-20 ෆ්‍රැන්චයිස් ක්‍රිකට් තරගාවියේ සන්නාම තානාපතිවරයා ලෙස ලෝක කුසලාන තරගාවලි ජයග්‍රහණයක් කරා ඔස්ට්‍රේලියානු පිල කැඳවාගෙන හිටපු ටෙස්ට් සහ එක්දින නායක මයිකල් ක්ලාක්ව නම් කිරීමට තරග සංවිධායකයින් පියවර ගෙන තිබේ. ජාත්‍යන්තර රසයෙන් යුක්තව මෙරට ක්‍රියාත්මක ප්‍රධානතම ලීග් ක්‍රිකට් තරගාවලිය ලෙසින් සැලකෙන මෙම […]
කොළඹ ආධිපත්‍ය බිඳ දමමින් 23 න් පහළ ශූරතාව දඹුලු ක්‍රීඩිකාවෝ දිනා ගනිති
තරගාවලියේ වැඩි තරග සංඛ්‍යාවකට වර්ෂාවෙන් බාධා පැමිණිනු වයස අවුරුදු 23 න් පහළ කාන්තා සුපිරි ලීග් ක්‍රිකට් තරගාවලියේ 2024 වසරේ ශූරතාව දිනා ගැනීමට දඹුල්ල කණ්ඩායම අද (26 දා) පෙරවරුවේ සමත්විය. ඒ ප්‍රබල කොළඹ ක්‍රීඩිකාවන් කඩුලු 4 ක පරාජයකට ඇද දමමිනි. ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති මෙම අවසන් මහ තරයේදී කාසියේ වාසිය දිනා ගත් දඹුල්ල කණ්ඩායමේ ආරාධනයට […]
දූෂණවලට සම්බන්ධ බවට බලධාරීන්ට එරෙහිව නැගෙන චෝදනා ශ්‍රී ලංකා ක්‍රිකට් තරයේ ප්‍රතික්ෂේප කරයි
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් එල්පීඑල් තරගාවලියේ දූෂණවලට සම්බන්ධ බවට පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා නඟන චෝදනා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තරයේ ප්‍රතික්ෂේප කර සිටියි. ඉකුත් මැයි මස 24 වැනිදා පැවැති මාධ්‍ය හමුවකදී හේෂා විතානගේ මහතා විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා, එල්.පී.එල්. තරගාවලි අධ්‍යක්ෂකවරයා හා ක්‍රිකට් නිලධාරීන් තරග පාවාදීමට සම්බන්ධ බවට පදනම් විරහිත ප්‍රකාශයක් […]
යොදාගත් පරිදිම එල්.පී.එල්. ඉදිරියට ඇදෙයි
තරග පාවාදීම් සම්බන්ධව ක්‍රීඩකයින්ට බලපෑම් සිදුකළේ යැයි සැකපිට දඹුල්ල කණ්ඩායමේ හිමිකරුවකු අත්අඩංගුවට පත් වුවද ලබන ජූලි මස පැවැත්වීමට සැලසුම් කර පරිදිම ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය පැවැත්වීමට පියවර ගනු ලබන බව එහි සංවිධායක අයිතිය හිමි අයි.පී.ජී. ආයතනය නිවේදනය කර සිටියි. සාධාරණ මෙන්ම ක්‍රීඩාවේ ජීවගුණය ආරක්ෂා කිරීම සහ සහතිකය කිරීමට ඇති කැපවීම අලලා තරගාවලිය යොදාගත් පරිදිම […]
ලංකා ප්‍රිමියර් ලීග් ඉතිහාසයේ වැඩිම මිල මතීෂ පතිරණට
ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලි වෙන්දේසි ඉතිහාසයේ වැඩිම මිලකට අලෙවි වූ ක්‍රීඩකයා බවට පත්වීමට වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ සමත්විය. පස්වැනි වතාවටත් පැවැත්වෙන ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය යටතේ අද (21 වැනිදා) කොළඹදී පැවැති ක්‍රීඩක වෙන්දේසියේදී මතීෂව ඇමරිකානු ඩොලර් 120,000 ක මුදලකට හෙවත් ශ්‍රී ලංකා මුදලින් රුපියල් තුන්කෝටි හැටදහසකට අසන්න මුදලකට මිලදී ගනු ලැබුවේ කලම්බු ස්ට්‍රයිකසර් […]
කුසල් මෙන්ඩිස්ට අදාල වීසා ලැබී තිබේ.
විසා ගැටළුවක් හේතුවෙන් කණ්ඩායම සමග ඇමරිකාව බලා පිටත්වීමට නොහැකි වූ කුසල් මෙන්ඩිස්ට අදාල වීසා ලැබී තිබේ. ඒ අනුව ඉදිරි දින කිහිපය තුල කුසල් මෙන්ඩිස් කණ්ඩායම සමග එක්වනු ඇත. ශ්‍රී ලංකාව පළමු තරගය දකුණු අප්‍රිකාවට එරෙහිව තරග වැදීමට නියමිත අතර ඊට පෙර පුහුණු තරග දෙකකට සහභාගී වීමට නියමිතයි
පානදුරට ලකුණු පහක තියුණු ජයක්
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වන මේජර් අන්තර් සමාජ විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ අද (18) පැවැති තරග දෙකකදී තියුණු තරගයකින් පසුව පාණදුර කණ්ඩායම ලකුණු පහකින් ප්‍රබල කෝල්ට්ස් කණ්ඩායම පරාජයට පත් කළේය.පාණදුර කණ්ඩායමේ ළහිරු දවටගේ මේ තරගයේදී අර්ධ ශතකයක් (පන්දු 47කදී හතරේ පහරක් සහ හයේ තුනක් සමඟ ලකුණු 57ක්) රැස් කර පාණදුර ජයග්‍රහණයට මුල් විණි.පොලීසිය සහ […]
ක්‍රීඩකයින් 420 ක් LPL වෙන්දේසියට සුදුසුකම් ලබති
මෙරට පැවැත්වෙන මහා ක්‍රිකට් සැණකෙළිය හේවත් ලංකා ප්‍රිමියර් ලීග් (LPL) පන්දුවාර විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය එළැඹෙන මැයි 21 වැනිදා ප.ව. 12.00 සිට කොළඹ හිල්ටන් හෝටල් පරිශ්‍රෙය්දී පැවැත්වෙන අතර ඒ සඳහා දෙස් විදෙස් ක්‍රීඩකයින් 420 කට වැඩි පිරිසක් සුදුසුකම් ලබා සිටින බව තරගාවලි අධ්‍යක්ෂක සමන්ත දොඩන්වෙල මහතා සදහන් කර සිටියේය. ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ පස්වැනි […]
ක්‍රිකට් රැජන – චමරි අතපත්තුව ඇගැයේ
ශ්‍රී ලංකා ජාතික කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකාව ලෙසින් කටයුතු කරනු ලබන චමරි අතපත්තු ඇගයීමේ උළෙලක් ඇය නියෝජනය කරන හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය විසින් අද (15 වැනිදා ) පස්වරුවේදී කොළඹදී සංවිධානය කිරීමට පියවර ගෙන තිබුණි. එහිදී චමරි අතපත්තු අගයමින් හලාවත මේරියන්ස් ක්‍රීඩා සමාජය විසින් විශේෂ සමරු තිළිණයක් ප්‍රදානය කළ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා […]