තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යංශය සහ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව එක්ව සංවිධානය කරනු ලබන ක්‍රීඩා සතියත්, එයට සමගාමීව Clean Sri Lanka වැඩසටහන හා එක්ව සංවිධානය කළ පාපැදි රැලියත් පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුව අද (ජූලි 24) දින තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යංශයේ දී පැවැත්විණි.
මෙහිදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යවරයා පැවසුවේ වත්මන් රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්” යන සංකල්පයට අනුව ‘ දියුණු ක්‍රීඩා සංස්කෘතියක් ඇති කිරීමට ක්‍රීඩා සතිය මූලික කරගන්නා බවයි. ඒ අනුව ක්‍රීඩා සතියෙහි තේමාව වන්නේ ‘ ජව සම්පන්න පුරවැසියෙක්, ජයග්‍රාහී ජනතාවක්’ යන්නයි.
මෙරට බොහෝදෙනෙක් ක්‍රීඩාව තේරුම්ගෙන පවතිනුයේ තරග මානසිකත්වයෙන් සහ ජයග්‍රාහී මානසිකත්වයකින් බවත්, ක්‍රීඩාවේ එකම අරමුණ එලෙස තරග කිරීම සහ ජයග්‍රහණ ලැබීම පමණක් නොවන බවත් තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යවරයා මෙහිදී පැවසුවේ ය.
සාමූහිකත්වය, සහජීවනයෙන් යුක්ත නීරෝගිමත් ජනතාවක් බිහි කර ගැනීමටත් ක්‍රීඩා සංස්කෘතියක් පැවතීමේ වැදගත්කම පිළිබඳවත්, මානසික ආතතීන්ගෙන් පෙළෙමින් පීඩනයෙන් ජීවත්වෙන ජනතාවට ඉන් මිදීමට ක්‍රීඩාව ඉතා වැදගත් වන බවත් අමාත්‍යවරයා පැවසුවේ ය.
තවදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ, තරගකරුවන්, ජයග්‍රාහකයන් නිර්මාණය කිරීම මෙන්ම ශරීර සෞඛ්‍ය පවත්වා ගැනීමටත්, විනෝදයටත් ක්‍රීඩාව ජනතාවට හුරු කළ යුතු බවත්, කුසලාන, ජයග්‍රහණ,ත්‍යාග අරමුණු කරගත් තරග නොමැති වීම සහ ප්‍රදර්ශනාත්මක තරඟ පමණක් පැවතීම මෙම ක්‍රීඩා සතියෙහි විශේෂත්වයක් ලෙස දැකිය හැකි බවත් ය.
2025.07.26 සිට 2025.07.31 දක්වා ක්‍රීඩා සතිය පැවැත්වෙන අතර එමඟින් ක්‍රීඩාව ජනතාව අතරට ගෙනයාමටත්, මෙරට ජනතාව ක්‍රීඩා සංස්කෘතියකට යොමු කරවීමටත් බලාපොරොත්තු වේ. මෙහිදී ප්‍රදර්ශනාත්මක තරඟ කිහිපයක් පැවැත්වීමට නියමිත අතර ක්‍රීඩා සතියෙහි ආරම්භක වැඩසටහන වශයෙන් ,Clean Sri Lanka වැඩසටහනට සමගාමීව පාපැදි රැලිය 2025.07.26 වන දින පෙ.ව. 6.00 ට කොළඹ 07, තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශය අසලින් ආරම්භවීමට නියමිත අතර මෙම පාපැදි සවාරියේ උපරිම දුර කි.මී. 100 ක් වන අතර, කි.මී.50, කි.මී.25 කි.මී.10, සහ කි.මී.05ක දුරක් වුවද ධාවනයට එක්විය හැකියි. එමෙන්ම එදින ජිම්නාස්ටික්, වූෂු,ටයිකොන්ඩෝ,කරාතේ,පාපන්දු ප්‍රදර්ශනාත්මක තරඟ වශයෙන් පැවැත්වීමට ද නියමිතය.

