Tag: Cricket

ඇලන් ඩොනල්ඩ් බංගලාදේශ වේගපන්දු පුහුණුකරු ධූරයෙන් ඉල්ලා අස් වෙයි.

බංගලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු පුහුණුකරු වශයෙන් කටයුතු කරන ඇලන් ඩොනල්ඩ් එළඹෙන 11වන දා පැවැත්වීමට නියමිත ඕස්ට්‍රේලියා බංගලාදේශ තරගයෙන් පසු සිය ධූරයෙන් ඉල්ලා අස් වීමට සූදානමින් සිටියි. පසුගිය බ්‍රහස්පතින්දා පූනේහි පැවති කණ්ඩායම් රැස්වීමක් අතරතුර ඔහු විසින් තමන් ගත් මෙම තීරණය පිළිබඳව දන්වා සිටි බව බංගලාදේශ ක්‍රිකට් පාලන මණ්ඩල ප්‍රධානියෙකු විසින් පැවසීය. 2022 විස්සයි විස්ස ලෝක […]

ශ්‍රී ලංකා ක්‍රිකට් වංශකතාවේ තවත් පුරාවෘත්තයක් ICC Hall of Fame ලයිස්තුවට

ක්‍රිකට් ක්‍රීඩාවේ විශිෂ්ටයන් උදෙසා පිරිනැමෙන ICC Hall of Fame සම්මානය වෙනුවෙන් ශ්‍රී ලංකා හිටපු සුපිරි පිතිකරු අරවින්ද සිල්වා ඇතුළත් කොට ඇත. ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසය තුළ ICC Hall of Fame සම්මානය වෙනුවෙන් නම් කළ සිව්වන ක්‍රීඩකයා බවට පත් වන්නට අරවින්ද සිල්වාට හැකිවිය. අරවින්ද සිල්වා ශ්‍රී ලංකාව බිහිකළ විශිෂ්ටතම පිතිකරුවෙකු ලෙසින් නම් දරා සිටින […]

මැතිව්ස්ගේ දැවී යාම ගැන මයිකල් ඇතර්ටන් සහ මැතිව් හේඩ්න් අදහස් දක්වයි.

2023 ලෝක කුසලාන එක්දින තරගාවලියේ, නිමා වූ ශ්‍රී ලංකා බංගලාදේශ තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රවීණ තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස්ගේ කඩුල්ල, බංගලාදේශ නායක ශකිබ් අල් හසන් විසින් කාලය ඉක්මයාම හේතුවෙන් ලබා ගැනීමට කටයුතු කළ අතර ඒ පිළිබඳව ජාත්‍යන්තරයේ දැඩි කතා බහට ලක් විය. තරගයේ පළමු ඉනිමේ දී පන්දුවට පහර දෙමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායමේ සදීර […]

මගේ අවුරුදු 15 මං දැකලා නෑ කණ්ඩායමක් මෙච්චර පහත් තත්වයට වැටෙනවා – ඇන්ජිලෝ මැතිව්ස්

එක්දින ලෝක කුසලාන තරගාවලියේ බංග්ලාදේශය සමගින් පැවති තරගයේ දී ඉතා අවාසනාවන්ත සිදුවීමකට මුහුණ දීමට ශ්‍රී ලංකා ක්‍රීඩක ඇන්ජිලෝ මැතිව්ස්ටට සිදුවිය. එහිදී ඔහු වාර්තා පොත් අතරටද ඇතුළත් වූයේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ Timed Out ආකාරයට දැවී ගිය පළමු ක්‍රීඩකයා ලෙසිනි. තරගයෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇන්ජිලෝ මේ සම්බන්ධයෙන් අදහස් දක්වා ඇත. “බොහොමත්ම කණගාටුයි බංග්ලාදේශ කණ්ඩායම ඒ […]

පන්දුවට පහරදීමටත් පෙර ඇන්ජිලෝ දැවීගියේ ඇයි ?

ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ Timed Out ආකාරයට දැවී ගිය පළමු ක්‍රීඩකයා ලෙසින් ඉතිහාසයට එක් වන්නට ඇන්ජිලෝ මැතිව්ස්ට අද දිනයේදී සිදු වුණා. ඒ බංග්ලාදේශ කණ්ඩායම සමගින් පැවැත්වෙන ලෝක කුසලාන තරගය අතරතුරයි. මෙම තරගයේදී සදීර සමරවික්‍රම දැවීයාමෙන් අනතුරුව පිටියට පිවිසෙන ඇන්ජිලෝ මැතිව්ස් රැගෙන ආ හිස්වැසුමක් දෝෂ සහිත වූ අතර එය වෙනස් කිරීමට අවශ්‍ය වූ නිසාවෙන් කිසිදු පන්දුවකට මුහුණ […]

ශ්‍රී ලංකා ක්‍රිකට් සදහා අතුරු පාලක කමිටුවක් පත් කරයි

ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව තාවකාලිකව අත්හිටුවීමටත් ඒ සඳහා සාමාජිකයන් 7 දෙනෙකුගෙන් යුත් අතුරු පාලක කමිටුවක් පත් කිරීමට තීරණය කර තිබෙනවා. අතුරු පාලක කමිටුවේ සභාපති ධූරය අර්ජුන රණතුංග මහතාට හිමි වද්දී මෙම කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන් වන එස්.අයි. ඉමාම්, රෝහිනී මාරසිංහ, විශ්‍රමලත් මහාධිකරණ විනිසුරු ඉරංගනී පෙරේරා, උපාලි ධර්මදාස, රකිත රාජපක්ෂ , නීතීඥ […]

ශ්‍රී ලංකා ක්‍රිකට් ලේකම් ඉල්ලා අස්වෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා මහතා සිය ඉල්ලා අස්වීම භාරදී ඇත. එක්දින ලෝක කුසලාන තරගාවලියේදී ලබන පරාජයන් හමුවේ විවිධ පාර්ශව වලින් එල්ල වන චෝදනා හමුවේ ක්‍රිකට් ලේකම් වරයා සිය ඉල්ලා අස්වීමේ ලිපිය බාර දී ඇත ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ මෑත කාලීන පරාජයන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව සහ තේරීම් කමිටුවෙන් ඉල්ලා […]

බංග්ලාදේශ ශ්‍රී ලංකා තරගයට වායු දූෂණය හරස් වන ලකුණු ?

ICC ලෝක කුසලාන 2023 තරඟාවලියේ බංග්ලාදේශය හා ශ්‍රී ලංකාව අතර තරගය එළඹෙන සඳුදා දිනයේදී පැවැත්වීමට නියමිතය. බංග්ලාදේශය මේ වන විටත් ලෝක කුසලානයෙන් ඉවත්ව සිටින අතර ශ්‍රී ලංකාව තරගාවලිය තුළ තවමත් රැදී සිටින නමුත් අවසන් පූර්ව වටය පිළිබඳව බලා තබාගත නොහැකි තතත්වක ශ්‍රී ලංකා කණ්ඩායම රැදී සිටියි. නමුත් මේ අතර තරගය නතර කිරීමට ඉඩ ඇති බවට […]

ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය හා තේරීම් කමිටුව ඉල්ලා අස්විය යුතුයි – ක්‍රීඩා ඇමති

මෙවර ලෝක කුසලාන තරගාවලියේ පරාජයේ වගකීම තේරීම් කමිටුව හා ක්‍රිකට් ආයතනය භාරගත යුතු බවද ක්‍රීඩා අමාත්‍යවරයා සදහන් කොට ඇත. ක්‍රීඩා අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි නිකුත් කළ නිවේදනයක ඒ බව සටහන් කොට ඇත. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දිගින් දිගටම ලබන පරාජයන් හමුවේ, ක්‍රිකට් ක්‍රීඩාවට ආදරය කරන සියල්ලෝම පාහේ මේවන විට දැඩි කණගාටුවකට හා කනස්සල්ලකට පත්ව ඇති බවත් […]

Back To Top