මාර්තු 13 වන දින එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ආරම්භ වීමට නියමිතව තිබූ ඇෆ්ගනිස්ථාන එදිරිව ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික තරගාවලිය 2026 අවසාන කාර්තුව දක්වා කල් දමා ඇති බව ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් මණ්ඩලය නිවේදනය කර තිබේ. ඒ කලාපීය තත්ත්වය හේතුවෙන් ඇති වූ සැපයුම් අභියෝග සහ ගුවන් ගමන් සීමාවන් හේතුවෙන් මෙම තීරණය ගෙන ඇත. මෙම තරගාවලියේදී ඇෆ්ගනිස්ථාන ජාතික ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම අතර විස්සයි විස්ස තරග 3 සහා එක්දින තරග 3ක් පැවැත්වීමට සැලසුම් කොට තිබුහ

