පංජාබ් කිංග්ස් පල්ලම් බසී!

IPL තරගාවලියේ 58වෙනි තරගය ඊයේ පංජාබ් කිංග්ස් කණ්ඩායම සහ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම අතර පැවැත්වුණා.එම තරගය කඩුලු 6කින් ජයග්‍රහණය කිරීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමත් වුණා.පංජාබ් කිංග්ස් කණ්ඩායම පිට පිට පරාද වූ 5වෙනි තරගය මෙයයි.මේවර IPL තරගාවලියේ තරග අඩකට වඩා අවසන් වන විටත් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ නොකඩවාම පසුවූ පංජාබ් කිංග්ස් කණ්ඩායම මේ වන විට 4වෙනි ස්ථානය දක්වා පසුබැස තිබෙනවා.

ඊයේ මුලින්ම පන්දුවට පහර දුන් පංජාබ් කිංග්ස් කණ්ඩායම ලකුණු 200ක් රැස් කිරීමට සමත් වුණා.එහිදී ආරම්භක පිතිකරු වන පබ්සිම්රාන් සිංග් ලකුණු 57ක් රැස් කරමින් හොද ආරම්භයක් පංජාබ් ඉනිමට ලබා දුන්නා.කෙසේවෙතත් ඔහුගේ දැවී යාමෙන් පසු ලකුණු 33ක් තුළ කඩුලු 6ක් අහිමි වීමත් සමග පංජාබ් ඉනිමේ ලකුණු ලබාගැනීමේ වේගයද අඩුවීමට පටන් ගත්තා.

කෙසේවෙතත් තරග 11කට පසු පළමු වරට ඊයේ තරගයට කැදවීම් ලැබූ අස්මටුල්ලාහ් ඔමර්සායිගේ වේගවත් ඉනිමත්,බාර්ට්ලට්ගේ වේගවත් ලකුණු කිහිපයත් සමග යාන්තමින් ලකුණු 200 සීමාවට පැමිණීමට පංජාබ් කිංග්ස් කණ්ඩායම වුණා.

ලකුණු 201ක ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසි මුම්බායි ඉනිමට ආරම්භක පිතිකරු රයන් රෙකිල්ටන් හොද ආරම්භයක් ලබා දීමට සමත් වුණා.ඉන් පසු තිලක් වර්මාගේ පැමිණීමත් සමග ඔහු හයේ පහර හයක් සහ හතරේ පහර හයක් සමග පන්දු 33කින් නොදැවී රැස් කළ ලකුණු 75ත් සමග එක් පන්දුවක් ඉතිරිව තිබියදීම තරගය් ජය ගැනීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමත් වුණා.

මේ වන විටත් Play-offs සටනින් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම ඉවත් වී ඇති අතර පංජාබ් කිංග්ස් කණ්ඩායම මේ පෙන්වන තත්වය සමග ඔවුන්ද දැන් අවධානමක පසුවේ.

තරගයේ ලකුණු සටහන

පංජාබ් කිංග්ස් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 8කට ලකුණු 200යි.

පබ්සිම්රාන් සිංග් 57,අස්මටුල්ලාහ් ඔමර්සායි 38,ප්‍රියාන්ෂ් ආර්යා 22
ශාර්දුල් තාකූර් 39/4,දීපක් චහර් 36/2,කොර්බින් බොස්ච් 42/1,රාජ් බාවා 11/1

මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම පන්දුවාර 19.5කදී කඩුලු 4කට ලකුණු 205යි.

තිලක් වර්මා නොදැවී 75,රයන් රෙකිල්ටන් 48,රෝහිත් ශර්මා 25
අස්මටුල්ලාහ් ඔමර්සායි 36/2,යුස්වෙන්ද්‍ර චෙහෙල් 32/1,මාර්කෝ ජැන්සන් 55/1

Back To Top