ක්‍රීඩා අමාත්‍ය අමාත්‍යවරයා මූලික කරගනිමින් සාවද්‍ය ප්‍රවෘත්තියක් සම්බන්ධයෙන් අදහස් දක්වයි

තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ අමාත්‍යවරයා මූලික කරගනිමින් පසුගිය දා මාධ්‍ය මගින් ප්‍රචාරය කරන ලද සාවද්‍ය ප්‍රවෘත්තියක් සම්බන්ධයෙන් අදහස් දැක්වීම සඳහා මාධ්‍ය හමුවක්, අද (නොවැ. 11) තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යංශයේ දී පැවැත්විණි.

මෙම මාධ්‍ය හමුවට එක්වෙමින් තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යවරයා පැවසුවේ, පසුගිය නොවැම්බර් 23 වන දින යාපනය දිස්ත්‍රික්කයෙහි ඉදි කිරීමට නියමිත පළමු ගෘහස්ථ ක්‍රීඩාංගණය සඳහා මුල්ගල තැබීමේ අවස්ථාවට තමන් එක් වූ බවයි.

එහිදී ලැබුණු තොරතුරකට අනුව, යාපනය මධ්‍ය විද්‍යාලයේ 2012 වර්ෂයේ දී ඉදිකර, අවුරුදු 12කට ආසන්න කාලයක් වසා දැමුණු කිමිදුම් තටාකය නැවත පිළිසකර කරදීමට හැකි ද යන්න සොයා බැලීම සඳහා සහභාගී වූ අතර, එය ඇතැම් මාධ්‍ය කිහිපයක් විසින් විවෘත කිරීමකට ගොස් නැවතත් හැරී ගිය බව පවසමින් සාවද්‍ය මාධ්‍ය වාර්තාකරණයක් සිදු කර ඇති බව අමාත්‍යවරයා පැවසුවේ ය.

යාපනය මධ්‍ය විද්‍යාලයේ භාවිතයට නොගන්නා මෙම කිමිදුම් තටාකය වෙනුවට බහුතර ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට භාවිතා කළ හැකි පරිදි පිහිනුම් තටාකයක් ඉදි කිරීම පිළිබඳව පාසලේ පරිපාලනයත් සමඟ සාකච්ඡා කළ බවත්, එහිදී වූ සාකච්ඡාවෙන් අනතුරුව එම ස්ථානයේ පවතින පුවරුවක් විවෘත කිරීමට ඔවුන් විසින්, තමන්ට ආරාධනා කෙරූ බවත්, කිසිම පිළිසකර කිරීමක් හෝ ඉදි කිරීමක් සිදු නොකර නාම පුවරුවක් විවෘත කිරීම තමන් ප්‍රතික්ෂේප කළ බවත්, එම විද්‍යාලයේ පිහිනුම් තටාකයක් ගොඩනැගීමට ඉදිරියේදී මුදල් වෙන් කිරීමට බලාපොරොත්තු වන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවේ ය.

එමෙන්ම මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා සියලු මාධ්‍ය වෙත අවධාරණය කළේ, මෙලෙස අසත්‍ය තොරතුරු ප්‍රචාරය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහ ජනතාව නොමග යැවීමට කටයුතු නොකරන ලෙසයි.

Back To Top