ශ්‍රී ලංකා හිටපු නායක තිලකරත්න ඩිල්ෂාන්ගේ බාල සොහොයුරා වන තිලකරත්න සම්පත්, මේජර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේදී තවත් විශිෂ්ට පිතිහරඹයක නිරත වෙමින් පොලිස් ක්‍රීඩා සමාජය වෙනුවෙන් නොදැවී ලකුණු 169ක් රැස් කිරීමට සමත් විය.
බදුරලිය ක්‍රීඩා සමාජයට එරෙහිව ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තරගයේ පළමු දිනය නිමාවන විට පොලිස් ක්‍රීඩා සමාජය කඩුලු දෙකක් දැවී ලකුණු 332ක් ලබා ප්‍රබල ස්ථානයක පසුවිය.
44 හැවිරිදි සම්පත් පන්දු 279කට මුහුණ දෙමින් හතරේ පහර 19ක් සහ හයේ පහරක් සමඟින් මෙම ලකුණු සංඛ්‍යාව රැස් කළේය. එය ඔහුගේ පළමු පෙළ ක්‍රිකට් දිවියේ ඉහළම පෞද්ගලික ලකුණු සංඛ්‍යාව ලෙස ද සටහන් විය. දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 216ක සබඳතාවක් ගොඩනැගීමට ඔහු දුලාෂ් උදයංග සමඟ සමත් වූ අතර, ශතකයට ලකුණු දෙකක් මෙපිටින් නතර වූ උදයංග හතරේ පහර 13ක් සමඟ ලකුණු 98ක් ලබා ගත්තේය.
මේ අතර, නුගේගොඩ ක්‍රීඩා සමාජය වෙනුවෙන් ලොහාන් ද සොයිසා සහ අක්රම් මුතාලිබ් ශතක රැස් කරමින් එන්.සී.සී. කණ්ඩායමට එරෙහිව විශිෂ්ට පිතිහරඹයක නිරත වූහ. දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 261ක සබඳතාවක් ගොඩනැගූ ද සොයිසා ලකුණු 144ක් ද, මුතාලිබ් ලකුණු 136ක් ද රැස් කළහ. ඒ අනුව පළමු දිනය නිමාවන විට නුගේගොඩ ක්‍රීඩා සමාජය කඩුලු 4ක් දැවී ලකුණු 383ක් ලබා සිටියේය.
එස්.එස්.සී. කණ්ඩායමට එරෙහිව පන්දු යැවීමෙන් දස්කම් දැක්වූ රමේෂ් මෙන්ඩිස් ලකුණු 65කට කඩුලු 4ක් දවා ගැනීමට සමත් විය. ඒ අනුව එස්.එස්.සී. ඉනිම ලකුණු 244කට සීමා වූ අතර, මංගල පළමු පෙළ තරගයට ක්‍රීඩා කළ මල්ෂ ප්‍රනාන්දු නොදැවී ලකුණු 71ක් රැස් කළේය. පිළිතුරු ඉනිම ක්‍රීඩා කරන මුවර්ස් ක්‍රීඩා සමාජය දිනය නිමාවන විට කිසිවකු නොදැවී ලකුණු 28ක් ලබා සිටියේය.
ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී
පොලිස් ක්‍රීඩා සමාජය – කඩුලු 2ක් දැවී 332යි (තිලකරත්න සම්පත් නොදැවී 169, දුලාෂ් උදයංග 98, භානුක රාජපක්ෂ නොදැවී 35_
හම්බන්තොටදී
නුගේගොඩ ක්‍රීඩා සමාජය – කඩුලු 4ක් දැවී 383යි – (ලොහාන් ද සොයිසා 144, අක්රම් මුතාලිබ් 136, කෙවින් පෙරේරා 63, කවිඳු පතිරන්ත 64/2, ශක්ති උදාර 102/2)
ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී
බී.ආර්.සී. – කඩුලු 5ක් දැවී 256යි – (රමිඳු විජේසූරිය නොදැවී 85, ප්‍රමෝද් මධුවන්ත 58, හෂාන් දුමින්ද 52, චාමිකර එදිරිසිංහ 77/3
එන්.සී.සී. ක්‍රීඩාංගණයේදී
-එස්.එස්.සී. – සියල්ලන් දැවී 244යි – (මල්ෂ ප්‍රනාන්දු නොදැවී 71, ෂෙවෝන් ඩැනියෙල් 41, දසුන් ශානක 41, රමේෂ් මෙන්ඩිස් 65/4, දුවිඳු තිලකරත්න 47/3, සන්තුෂ් ගුණතිලක 45/2)
මුවර්ස් ක්‍රීඩා සමාජය – කිසිවකු නොදැවී 28යි
පල්ලේකැලේදී
ටැමිල් යූනියන් – සියල්ලන් දැවී 179යි – (මිනෝද් භානුක 45, නවෝද් පරණවිතාන 44, තෙවින්දු සෙනරත්න 33, විශ්ව ප්‍රනාන්දු 50/3, දිලුම් සුදීර 39/4
-සී.සී.සී. – කඩුල්ලක් දැවී 199යි – (සරිත් සුදීන නොදැවී 110, දුල්නිත් සිගේරා නොදැවී 77
දඹුල්ල ක්‍රීඩාංගණයේදී
බ්ලූම්ෆීල්ඩ් – කඩුලු 6ක් දැවී 283යි – (ලහිරු මධුශංක නොදැවී 119, කසුන් අබේරත්න 80, ශානික දේශප්‍රිය 40, අසංක මනෝජ් 64/2

