නවසීලන්තය පිල විස්සයි20 ලෝක කුසලාන අවසන් මහා තරගයට !

ඊඩ්න් ගාර්ඩන්ස් හි පැවති පළමු අවසන් පූර්ව තරගයේදී දකුණු අප්‍රිකාව කඩුලු 9කින් බිඳ දමමිනි නවසීලන්තය පිල විස්සයි20 ලෝක කුසලාන කුසලාන අවසන් මහා තරගයට පිවිසියේය.

පළමුව පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකාව ලකුණු 77-5ක් ලෙසින් ලකුණු පුරුව අසරණ තත්ත්වයට පත් වූ අතර මාර්කෝ ජැන්සන් නොදැවී ලකුණු 55ක් ලබා ගනිමින් සිය පිල තරගකාරී ලකුණු 169-8ක් කරා ගෙන ගියහ.

පිළිතුරු ඉනිම ක්‍රියාත්මක කර නවසීලන්ත පල ඉතා පහසුවෙන් තම ඉලක්කය කර ලගවුහ. ආරම්භක පිතිකරු ෆින් ඇලන් පන්දු 33කදී නොදැවී ලකුණු 100ක් රුස්කරමින් තම පිල අවසන් මහා තරගය කරා ගෙනගියහ. නවසීලන්තය ඕවර 12.5කදී පමණක් තම ඉලක්කය කරා ගමන් කරන විට ටිම් සීෆර්ට් (58) සමඟින් ලකුණු 117ක ආරම්භක සබඳතාවයක් බෙදා ගත්තේය.

අද දෙවන අවසන් පූර්ව තරගය මුම්බායි ක්‍රීඩාංගනයේ දී සත්කාර ඉන්දීය කණ්ඩායම සහා එංගලන්තය අතර රාත්‍රී 7ට ආරම්භ වීමට ඇත.

Back To Top