වීසා ලබා ගැනීමේදී මතු වූ ගැටලුවක් හේතුවෙන් හෙල්ල විසි කිරීමේ ජාතික ශූර රුමේෂ් තරංගට “SEIKO GOLDEN GRAND PRIX 2026” රන් කාණ්ඩයේ තරගාවලිය මග හැරී තිබෙනවා.
ලොව ප්රමුඛ පෙළේ ජවන සහ පිටිය ක්රීඩා මළල ක්රීඩකයින් සහභාගී වන මෙම තරගාවලිය මැයි මස 17වෙනිදා ජපානයේ ටෝකියෝහීදී ආරම්භ වීමට නියමිතයි.රුමේෂ් තරංග යනු මේ වසර තුළ හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් ලෝක මට්ටමේ තරගාවලි වලදී කැපී පෙනෙන දක්ෂතා දැක්වූ ක්රීඩකයෙක්.
රුමේෂ්ට මෙන්ම ශ්රී ලංකා යොවුන් වොලිබෝල් කණ්ඩායම් දෙකටද මීට පෙර වීසා සම්බන්ධ ගැටලු ඇතිවී තිබුණා.

