2026 IPL තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම ඊයේ සමත් වුණා.ඒ දෙවෙනි සුදුසුකම් ලැබීමේ තරගයෙන් රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම කඩුලු 7කින් පරාජය කරමින්.Play Offs වටයේ අවසන් තරගය වූ මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම කඩුලු 6කට ලකුණු 214ක ලකුණු පුවරුවක් නිර්මාණය කිරීමට සමත් වුණා.
එහිදී ඊයේත් කැපීපෙනෙනම ඉනිම ක්‍රීඩා කරේ වෛබව් සූර්යවංශි විසින් වීම විශේෂයි.සූර්යවංශි පන්දු 47කින් ලකුණු 96ක් රැස් කරේ හතරේ පහර 8ක් සහ හයේ පහර 7ක් සමගින්.ඒ අනුව ඔහුට පිට පිට තරග දෙකකදී ශතක දෙකක් මග හැරී ගියා.සූර්යවංශි එල්ල කළ හයේ පහර 7 සමගින් ඔහු මෙවර තරගාවලිය තුළ එල්ල කළ හයේ පහර සංඛ්‍යාව 72 දක්වා ඉහළ ගියා.රවීන්ද්‍ර ජඩේජාගේ සහ ඩොනොවන් ෆෙරෙයිරාගේ වේගවත් සහ නොදැවුණු ඉනිම් සමගින් ලකුණු 214ක ලකුණු පුවරුව පහසුවෙන්ම නිර්මාණය වුණා.
ලකුණු 215ක ඉලක්කයක් හඹා ගිය ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම දියත් කළ ප්‍රහාරයට වඩා දැඩි ප්‍රහාරයක් එල්ල කරා.ලකුණු 219ක් ඔවුන් ලබාගත්තේ පන්දු 8ක් ඉතිරිව තිබියදී කඩුලු 7ක්ම අතැතිව තිබියදී.
ගුජරාට් කණ්ඩායම පහසුවෙන් ජයග්‍රහණය කරා ගෙන ගියේ නායක ශුබ්මන් ගිල්ගේ විශිෂ්ට ඉනිම,ඔහු පන්දු 53කින් ලකුණු 104ක් රැස් කරේ හතරේ පහර 15ක් සහ හයේ පහර තුනක් සමගින්.ගිල් සමගින් ආරම්භක කඩුල්ලක්ට ලකුණු 167ක සබදතාවයක් ගොඩ නැගූ සායි සුදර්ශන්ද අර්ධ ශතකයක් රැස් කළ අතර ඔහු දැවී ගියේ පිත්ත කඩුල්ලේ වැදීමෙන්.ඔහු පිට පිට තරග දෙකකදී එසේ දැවී ගියා.
තරගය කඩුලු 7කින් ජයගනිමින් අවසන් මහා තරගයට සුදුසුකම් ලැබූ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම හෙට රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සමග අවසන් මහා තරගයේදී තරග වැදීමට නියමිතයි.
තරගයේ ලකුණු සටහන
රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 6කට ලකුණු 214යි.
වෛබව් සූර්යවංශි 96(47), රවීන්ද්‍ර ජඩේජා නොදැවී 45(35), ඩොනොවන් ෆෙරෙයිරා 38(11)
ජේසන් හෝල්ඩර් 27/2, කගීසෝ රබාඩා 35/2, මොහොමඩ් සිරාජ් 42/1, ප්‍රසිධ් ක්‍රිෂ්ණා 42/1
ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම පන්දුවාර 18.4කදී කඩුලු 3ක් දැවී ලකුණු 219යි.
ශුබ්මන් ගිල් 104(53), සායි සුදර්ශන් 58(32)
නන්ඩ්‍රේ බර්ගර් 35/1,ජොෆ්රා ආචර් 45/1,බ්‍රිජේෂ් ශර්මා 44/1

