අගෝස්තු-සැප්තැම්බර් මාසවලදී පැවති ආසියානු කුසලානය අතරතුරදී පකිස්තානය සහ ශ්‍රී ලංකාව අතර ගුවන් ගමන් සංවිධානය කිරීමට සිදුවීම හමුවේ ආසියානු ක්‍රිකට් කවුන්සලයෙන් අමතර වන්දියක් ඉල්ලා සිටීමට පාකිස්තාන ක්‍රිකට් ආයතනය කටයුතු කොට ඇත. තරඟාවලියේ සත්කාරක ගාස්තුව ඩොලර් 250,000 ක් පමණ වන අතර ප්‍රවේශපත්‍ර සහ අනුග්‍රාහක ගාස්තු වලින්ද පාකිස්තාන ක්‍රිකට් ආයතනය වෙත මුදල් හිමි විය. නමුත් ඔවුන් අමතර වන්දි […]
මැක්ස්වෙල්ගේ පිත්ත ඕස්ට්‍රේලියානු කණ්ඩායම ජය මාවතට රැගෙන යයි
සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායම හා ඉන්දියානු කණ්ඩායම අතර දෙවන 2020 ජාත්‍යන්තර තරඟය අද දිනයේ දී පැවැත්විණි. තරගාවලියේ පළමු තරග 2කම ජයගත් ඉන්දියාව අද තරගයට පිවිසෙන්නේ තරගාවලි ජයග්‍රහණය අපේක්ෂාවෙනි. කාසිය වාසිය දිනූ ඕස්ට්‍රේලියාව පළමුව පන්දුවට පහර දීමට ප්‍රතිවාදීන්ට ආරාධනා කළහ. ඒ අනුව පිටියට පිවිසෙන ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර විස්ස අවසානයේ කඩුලු 3ක් පමණක් දැවී ලකුණු 222ක් රැස්කිරීමට […]
Northern Warriors නායක ඇන්ජිලෝ මැතිව්ස්ගෙන් කඩුලු ත්‍රිත්වයක්
අබුඩාබි T10 ලීග් තරගාවලිය ඊයේ දිනයේ දී ආරම්භ විය. තරගාවලියේ ආරම්භක තරගය වෙනුවෙන් තරග බිමට අවතීර්ණ වූයේ නිව්යෝර්ක් ස්ට්‍රයිකර්ස් කණ්ඩායම සමගින් ඩෙකෑන් ග්ලැඩියේටර්ස් කණ්ඩායමයි. තරගයේ පළමුව පන්දුවට පහර දුන් ඩෙකෑන් ග්ලැඩියේටර්ස් කණ්ඩායම පන්දුවාර දහය තුළ ලකුණු 118ක් රැස්කිරීමට සමත් විය. එහිදී ටොම් කැඩ්මෝර් පන්දු 33කදී ලකුණු 60ක් රැස්කළේය. පන්දු යැවීමේදී නිව්යෝර්ක් පිළ වෙනුවෙන් චාමික කරුණාරත්න […]
නැමීබියාව විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබයි.
2024 විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙන් අප්‍රිකානු කලාපයෙන් සුදුසුකම් ලැබූ පළමු කණ්ඩායම බවට පත් වන්නට නැමීබියාව අද දිනයේදී සමත් විය. ඒ ටැන්සානියාවට එරෙහිව පැවති තරගය ලකුණු 58කින් ජයග්‍රහණය කරමින්. ඒ අනුව ඔවුන් තෙවන වරටත් විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියකට සුදුසුකම් ලබාගැනීමට සමත් විය. 2024 විස්සයි විස්ස ලෝක කුසලානයට සුදුසුකම් ලැබීමේ අප්‍රිකානු තරගාවලිය මේ දිනවලදී […]
අතුරු කමිටුවට එරෙහි නඩුව සතියකින් කල් යයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට පත් කළ අතුරු කමිටුවට එරෙහිව නිකුත් කර ඇති අතුරු තහනම් නියෝගය බල රහිත කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති මෝසම දෙසැම්බර් 05 වැනිදා විභාගයට ගැනීමට අභියාචනාධිකරණය තීරණය කොට ඇත. එම මෝසම අද දිනයේදී සළකා බැලූ අධිකරණය, ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාට දන්වා සිටියේ නියමිත දිනට ඒ සම්බන්ධයෙන් ඔහුගේ අදහස ඉදිරිපත් කරන […]
ප්‍රතික්ෂේප වීම් වලට දස්කම් වලින් පිළිතුරු දුන් චමරිට තරගාවලියේ වීරයා සම්මානය
මෙවර බිග්බෑෂ් කාන්තා ලීග් තරගාවලියේ ක්‍රීඩක තෝරාගැනීමේ ක්‍රියාවලිය පසුගිය සැප්තැම්බර් මස පැවත්විණි. එහිදී කිසිදු කණ්ඩායමක් විසින් චමරි අතපත්තු තෝරා නොගත් අතර ඉන් අනතුරුව ක්‍රීඩක ආදේශනයක් ලෙසින් චමරි අතපත්තු සිඩ්නි තන්ඩර්ස් කණ්ඩායමට එක් කොට ගැනුණි. ක්‍රීඩක තෝරාගැනීමේ ක්‍රියාවලියේදී ඇයව කණ්ඩායම් වලට තෝරා නොගැනීමේ වාඩුවට දස්කම් වලින්ම පිළිතුරු සපයන්නට චමරි අතපත්තු වගබලාගන්නේ තරගාවලියේ වීරයා බවට ද පත් […]
සිම්බාබ්වේ තරගාවලිය කොළඹදී පැවැත්වෙන ලකුණු ?
සිම්බාබ්වේ කණ්ඩායම එළඹෙන ජනවාරි මස මෙරට සංචාරය කිරීමට නියමිතය.ඒ එක්දින හා විස්සයි විස්ස තරගාවලි ද්විත්වයක් ක්‍රීඩා කිරීමේ අරමුණිනි. තරගාවලියේ එක්දින තරග 3 පල්ලෙකැලේහිදී ද විස්සයි විස්ස තරග 3 දඹුල්ලේදී ද පැවැත්වෙන බවට මින් පෙර නිවේදනය කොට තිබුණි. නමුත් වවයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන තරගාවලි සත්කාරකත්වය දකුණු අප්‍රිකාවට හිමිවීමත් සමග සිම්බාබ්වේ තරගාවලිය කොළඹදී පැවැත්වීම කෙරෙහි […]
නවසීලන්ත තරගාවලිය තරුණ ක්‍රීඩකයන්ට හොද අවස්ථාවක් – චන්දික හතුරුසිංහ
නවසීලන්තය සමගින් පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය තරුණ ක්‍රීඩකයන්ට හොද අවස්ථාවක් බව බංග්ලාදේශ ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ සදහන් කොට ඇත. බංග්ලාදේශය හා නවසීලන්තය අතර තරග 2කින් සමන්විත ටෙස්ට් තරගාවලිය එළඹෙන නොවැම්බර් මස 28 වනදා ආරම්භ වීමට නියමිතය. මෙම තරගාවලිය වෙනුවෙන් ශකිබ් අල් හසන්, ලිටන් ඩාස් හා ටස්කින් අහමඩ් වැනි අත්දැකීම් සහිත බංග්ලාදේශ ක්‍රීඩකයන් එක් නොවේ. ” ඕනෑම […]
ශ්‍රී ලංකා කණ්ඩායමේ දුර්වල ක්‍රීඩා විලාශය මුරලි විවේචනය කරයි
නිමාවට පත් වූ එක්දින ලෝක කුසලාන තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායම පෙන්නුම් කළ දුර්වල ක්‍රීඩා විලාශය, හිටපු සුපිරි දගපන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන්ගේ විවේචනයට ලක්වී ඇත. ෆස්ට්පෝස්ට් සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් මුරලිදරන් සදහන් කොට ඇත්තේ මෙය ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක කුසලාන ඉතිහාසය තුළ පෙන්නුම් කළ දුර්වලතම ක්‍රීඩා විලාශය බවයි. තරගාවලියේ තරග 9 න් තරග දෙකක් […]
ආසියානු කුසලානයේදී ශ්‍රී ලංකා පිළ මෙහෙයවීමේ වගකීම සිනෙත් ජයවර්ධනට
දෙසැම්බර් 8 වනදා සිට 17 වනදා දක්වා ඩුබායිහිදී පැවැත්වෙන වයස අවුරුදු 19න් පහළ ආසියානු කුසලාන තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම සිනෙත් ජයවර්ධනට පැවරී ඇත. ක්‍රීඩකයන් 15 දෙනෙකු හා අතිරේක ක්‍රීඩකයන් දෙදෙනකුගෙන් යුතු සංචිතය ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය වෙනුවෙන් ඉදිරිපත් කොට ඇත. තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම B කාණ්ඩය යටතේ තරග වදින අතර එහිදී ශ්‍රී ලංකාව […]
තාරුකා ශෙහානි කඩුලු 5ක් දවාගනිද්දී ක්‍රීඩිකාවන් කිහිපදෙනෙකුම පන්දුවෙන් දස්කම් පායි
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ කාන්තා එක්දින තරගාවලියේ තවත් තරග 6ක් ඊයේ දිනයේ දී පැවැත්විණි. ඒ අතුරින් පැවති තරග 4ක්ම ඉතා අඩු ලකුණු පුවරු පෙන්නුම් කළ තරග බවට පත් වූයේ පිතිකාරිණියන්ගේ දුර්වල පිතිහරඹය හේතුවෙනි. හලාවත මේරියන්ස් හා ඒස් කැපිටල්ස් කණ්ඩායම අතර තරගයේදී පළමුව පන්දුවට පහර දුන් ඒස් කැපිටල් ක්‍රීඩිකාවන් රැස්කළේ ලකුණු 54ක් […]
වනිදු, ඩිල්ෂාන් ඇතුලු පස්දෙනෙකු අබුඩාබි T10 ලීගය අතහරී
එළඹෙන නොවැම්බර් මස 28වනදා සිට දෙසැම්බර් මස 9වනදා තෙක් පැවැත්වීමට නියමිත අබුඩාබි T10 ලීග් තරගාවලියෙන් ඉවත් වීමට ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩකයන් 5 දෙනෙකු තීරණය කොට ඇත. ඒ අනුව වනිදු හසරංග, දුෂ්මන්ත චමීර, ලහිරු කුමාර, මතීෂ පතිරණ හා ඩිල්ෂාන් මධුසංඛ මෙවර තරගාවලියෙන් ඉවත් වී ඇත. නිමා වූ එක්දින ලෝක කුසලාන තරගාවලියේ තෙවන වැඩිම […]

