ශ්රී ලංකා නැගීඑන කණ්ඩායමට එරෙහිව නිල නොවන සිව්දින සහ සීමිත පන්දුවාර ක්රිකට් තරගාවලියකට සහභාගිවීම සඳහා බටහිර ඉන්දීය කොදෙව් නැගිඑන කණ්ඩායම ලබන ජූනි මසදී ශ්රී ලංකාවට පැමිණෙනු ඇත. එම තරගාවලිය යටතේ සිව්දින නිල නොවන ටෙස්ට් තරග 2 ක් සහ සීමිත පන්දුවාර තරග 3 ක් පැවැත්වෙනු ඇත.
තරගාවලිය ජූනි මස 08 වැනිදා හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්රීඩාංගණයේ පැවැත්වෙන පළමු සිව්දින තරගයෙන් ආරම්භ වන අතර දෙවැනි තරගයද 15 වැනිදා එම ක්රීඩාංගණයේදීම පැවැත්වෙනු ඇත.
එක්දින තරගාවලිය ජුනි 22 වනදා කොළඹ එස්. එස්. සී. ක්රීඩාංගණයේදී ආරම්භ වන අතර, දෙවන එක්දින තරගය ජුනි 24 වනදා එහිදීම පැවැත්වෙනු ඇත. තෙවන හා අවසන් එක්දින තරගය ජුනි 26 වනදා ඊට යාබද එන්.සී.සී. ක්රීඩාංගනයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.
ජුනි 08 – 11 – පළමු සිව්දින තරගය හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්රීඩංගණය
ජුනි 15 – 18 – දෙවැනි සිව්දින තරගය හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්රීඩාංගණය
ජුනි 22 – පළමු එක්දින තරගය එස්. එස්. සී. ක්රීඩාංගණය
ජුනි 24 – දෙවැනි එක්දින තරගය එස්. එස්. සී. ක්රීඩංගංණය
ජුනි 26 – තෙවැනි එක්දින තරගය එන්.සී.සී. ක්රීඩාංගණය

