ප්‍රේම පින්නවල අභාවප්‍රාප්ත වෙයි!

ශ්‍රී ලංකා ඔලිම්පික් කමිටුවේ හිටපු ප්‍රධාන ලේකම්වරයෙකු මෙන්ම ප්‍රවීණ ක්‍රීඩා පරිපාලකයෙකු වූ ප්‍රේමා පින්නවල මහතා ඊයේ අභාවප්‍රාප්ත වුණා.

1950 දශකයේ කෝට්ටේ ක්‍රිස්තියානි විද්‍යාලයෙන් බිහිවූ දක්ෂ ක්‍රීඩකයෙකු වූ ඔහු,පසුව ක්‍රීඩා පරිපාලනය වෙත යොමු වුණා.පින්නවල මහතාගේ ක්‍රීඩා පරිපාලන ගමන පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ක්‍රීඩා කවුන්සිලයේ සභාපති ධුරයට පත්වීමත් සමඟ ආරම්භ වූ අතර 1963 වසරේ එතැන් සිට ඔහු ප්‍රධාන තනතුරු කිහිපයක් දරා තිබේ.

1960 දශකයේ අගභාගයේ ලංකා මලල ක්‍රීඩා සංගමයේ කමිටු සාමාජිකයෙකු ලෙස සම්බන්ධ වූ ඔහු 1978 වසරේදී ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ උප සභාපති ධුරයට පත්වුණා. 1983 – 1998 වසර 15ක් පුරා ජාතික ඔලිම්පික් කමිටුවේ ප්‍රධාන ලේකම්වරයා ලෙස ද කටයුතු කළ ඔහු 1998 වසරේ සිට 2023 වසර දක්වා ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ ප්‍රධාන ලේකම්වරයා ලෙස වසර 25ක් සේවය කර 2023 වසරේදී විශ්‍රාම ලබාගත්තා.

ඔහු මෙරට ක්‍රීඩාවට කළ මෙහෙවර වෙනුවෙන් මෑතකදී ලෝක මලල ක්‍රීඩා සංගමය මගින් පිරිනමන ඉහළම ගෞරවයක් වන “Senior Veteran Pin of Honor” සම්මානයෙන්ද පිදුම් ලැබුවා. එමෙන්ම දකුණු ආසියානු ක්‍රීඩා කවුන්සිලයේ ලේකම් ධූරයත් ආසියානු ඔලිම්පික් කවුන්සිලයේ මාධ්‍ය කමිටු ලේකම් ධූරයත් දැරූ ඔහු ආසියානු මලල ක්‍රීඩා සංගමයේ විධායක සභිකයෙකු ලෙසද ඔහු කටයුතු කරා.දකුණු ආසියානු ක්‍රීඩා උළෙල (South Asian Games) ආරම්භ කිරීමෙහිලා පුරෝගාමී මෙහෙවරක් ඉටුකළ ඔහු මිය යන විට 88වන වියේහි පසු වුණා.

Back To Top