2026 IPL තරගාවලියේ 60වෙනි තරගය ඊයේ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සහ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම අතර පැවැත්වුණා. කණ්ඩායම් දෙකම ලකුණු 200ට වඩා වැඩි ලකුණු වාර්තා කළ එම තරගය ලකුණු 29කින් ජයග්රහණය කරේ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම.
මුලින්ම පන්දුවට පහර දුන් කොල්කටා කණ්ඩායමේ ආරම්භක පිතිකරු ෆින් ඇලන්ගේ අතිප්රවේගකාරී ඉනිමත්,ෆින් සහ රඝුවංශි අතර දෙවෙනි කඩුල්ලට ගොඩ නැගුණු ලකුණු 95ක සබදතාවයත් සමගින් කැමරන් ග්රීන් නොදැවී වාර්තා කළ අර්ධ ශතකයත් එකතුව ලකුණු 247ක දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කිරීමට කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සමත් වුණා.
ලකුණු 248ක අපහසු ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසි ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමේ සායි සුදර්ශන්ගේ,ශුබ්මන් ගිල්ගේ සහ ජොස් බට්ලර්ගේ අර්ධ ශතක සියල්ල අපතේ හරිමින් ලකුණු 218කට ගුජරාට් ඉනිම සීමා උනේ ඔවුන්ට ලකුණු 29ක පරාජයක් අත්කර දෙමින්.මතීෂ පතිරණ Impact Player ලෙස ඊයේ කොල්කටා කණ්ඩායමට ක්රීඩා කළ අතර පාදයේ ආබාධයකට ලක්වීම නිසා ඔහුට ක්රියාත්මක කළ හැකි වූවේ පන්දු 8ක් පමණයි.
ඊයේ තරගයේ වීරයා ලකුණු 29කට ගුජරාට් ඉනිමේ කඩුලු 2ක් දවාගත් සුනිල් නරේන්.
ඊයේ තරගයේ ලකුණු සටහන
කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 2ට ලකුණු 247යි.
ෆින් ඇලන් 93(35),අංග්ක්රිෂ් රඝුවංශි 82(44),කැමරන් ග්රීන් නොදැවී 52(28)
මොහොමඩ් සිරාජ් 50/1,සායි කිශෝරේ 38/1
ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 4කට ලකුණු 218යි.
ශුබ්මන් ගිල් 85(49),සායි සුදර්ශන් 53(28),ජොස් බට්ලර් 57(35)
සුනිල් නරේන් 29/2,කැමරන් ග්රීන් 25/1,සෞරබ් ඩූබේ 23/1

