යාපනය මධ්‍ය විද්‍යාලයේ 2012 වර්ෂයේ දී ඉදිකර අවුරුදු 12කට ආසන්න කාලයක් වසා දැමුණු කිමිදුම් තටාකය වෙනුවට පොදුවේ සියලුම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට භාවිතයට ගැනීමට හැකි පරිදි පිහිනුම් තටාකයක් ඉදිකිරීම සඳහා නිරීක්ෂණ චාරිකාවක් ඊයේ දින තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.
මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී කේ. ඉලංකුමාරන්, ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජෙනරාල් වී.ප්‍රේමචන්දිරන් සහභාගී විය.


