පාකිස්තාන සුපර් ලීගයටත් ක්‍රීඩක වෙන්දේසිය

[vc_row][vc_column][vc_column_text]පාකිස්තාන සුපිර් ලීග් තරගාවලියේ මීළග අදියර වෙනුවෙන් ක්‍රීඩක වෙන්දේසි ක්‍රමය හදුන්වා දීම කෙරෙහි පාකිස්තාන ක්‍රිකට් ආයතනය සිය අවධානය යොමු කොට ඇත. පාකිස්තාන ක්‍රිකට් ආරංචි මාර්ග වලට අනුව පසුගිය සිකුරාදා දිනයේදී නව ක්‍රිකට් සභාපති රමීස් රාජගේ ප්‍රධානත්වයෙන් පැවති හමුවකදී මේ පිළිබදව සාකච්ඡා වී ඇත

පාකිස්තාන නව ක්‍රිකට් සභාපතිවරයා හා කණ්ඩායම් හිමිකරුවන් අතර මෙය පැවැත්වී ඇත. එහිදී ඔහු ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට වඩා පාකිස්තාන සුපර් ලීග් තරගාවලිය පුලුල් කිරීම පිළිබදව අවධානය යොමු කොට ඇත. ඉහළ පෙලේ ක්‍රීඩකයන් තරගාවලියට ආකර්ෂණය කරගැනීමට ක්‍රීඩක වෙන්දේසිය ප්‍රයෝජනවත් වනු ඇතැයි ඔහු විශ්වාස කරයි.

මින් පෙර පාකිස්තාන සුපිර් ලීග් තරගාවලියේ පැවතියේ ක්‍රීඩක තෝරාගැනීමේ ක්‍රියාවලියකි(Player Draft). නමුත් පෙර ක්‍රමයට සාපේක්ෂව වෙන්දේසියක් තුළින් ක්‍රීඩකයන්හට වැඩි වැටුප් ප්‍රමාණයක් හිමිවෙයි. පසුගිය අදියර හය තුළදී කණ්ඩායම් හිමිකරුවන්ට සිදුවූ පාඩු පිළිබදවද මෙහිදී නව සභාපතිවරයා දැනුවත් කොට ඇත.

ඒ හේතුවෙන් ඉදිරියේදී නව මූල්‍ය ආකෘතියක් හදුන්වා දීමට නියමිත අතර එය එළඹෙන සදුදා දිනයේදී ප්‍රකාශයට පත් කෙරෙනු ඇත. ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව ප්‍රාදේශීය ක්‍රීඩාංගණය ප්‍රතිසංස්කරණය කිරීන අතර PSL අටවන අදියරේ තරගය Gilgit-Baltistanහිදී පැවැත්වීම කෙරෙහි රමීස් රාජාගේ අවධානය යොමුවී ඇති බවද එරට ක්‍රිකට් ආරංචිමාර්ග සදහන් කරයි.

Creeda Sports Network[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top