දිල්ලි කැපිටල්ස් කණ්ඩායම තවත් ඉදිරියට

[vc_row][vc_column][vc_column_text]පන්දු යවන්නන්ගේ දක්ෂතා හා ශ්‍රෙයාස් අයියර්ගේ පිතිහරඹය හේතුවෙන් රාජ්ස්ථාන් රෝයල්ස් කණ්ඩායම සමගින් පැවති තරගයෙන් ලකුණු 33ක ජයක් හිමිකරගැනීමට දිල්ලි කැපිටල්ස් කණ්ඩායම සමත් විය. අබුඩාබිහිදී පැවති තරගයේ කාසිය වාසිය හිමිකරගත් රාජස්ථාන් නායක සංජු සැම්සන් පළමුව පන්දු රැකීමට තීරණය කළේය.

ඒ අනුව සිය ඉනීම වෙනුවෙන් පිටියට පිවිසෙන දිල්ලි කැපිටල්ස් කණ්ඩායම නියමිත පන්දුවාර විස්ස තුළදී කඩුලු 6ක් දැවී ලකුණු 154ක් රැස්කිරීමට සමත් වූහ. ඊයේ දිනයේදී අගනා ඉනීමක් ක්‍රීඩා කළ ශ්‍රෙයාස් අයියර් පන්දු 32ක් තුළදී එක් හතරේ පහරක් හා හයේ පහර 2ක් සමගින් ලකුණු 43ක් රැස්කිරීමට සමත් විය. ශිම්රන් හේට්මයර් පන්දු 16ක් තුළදී හතරේ පහර 8ක් සමගින් ලකුණු 28ක් රැස්කළේය. රාජස්ථාන් පිළ,වෙනුවෙන් චේතන් සකාරියා හා මුෂ්ටෆීසර් රහ්මාන් කඩුලු 2 බැගින් බිදහෙලීය.

ඊයේ දිනයේදී රාජස්ථාන් ඉනීම ඇරඹුවේ ලියම් ලිවින්ග්ස්ටෝන් සමගින් යශස්වි ජයිසිවාල්ය. නමුත් ඔවුන් දෙදෙනා මුලු ලකුණු 6ක් වන විට ක්‍රීඩාගාරයේ තරග නරඹන්නන් බවට පත් විය. අනිකුත් පිතිකරුවන්ගේ කිසිදු සහයක් සංජු සැම්සන්ට හිමි නොවූයෙන් නියමිත පන්දුවාර විස්ස තුළදී කඩුලු 6ක් දැවී ඔවුනට රැස්කිරීමට හැකිවූයේ ලකුණු 121ක් පමණි.

රාජ්ස්ථාන් රෝයල්ස් කණ්ඩායම වෙනුවෙන් නායකත්වයේ ඉනීමක් ක්‍රීඩා කළ සංජු සැම්සන් පන්දු 53කදී හතරේ පහර 8ක් හා එක් හයේ පහරක් සමගින් නොදැවුනු ලකුණු 70ක් රැස්කිරීමට සමත් විය. මහීපාල් ලොම්රෝ ලකුණු 19ක් සිය කණ්ඩායමට එක් කරද්දී සෙසු පිතිකරුවන් ලකුණු 10,සීමාව ඉක්මවන්නට අසමත් වූහ. පන්දු යැවීමේදී ඇන්‍රිච් නෝකියා ලකුණු 18කට කඩුලු 2ක් බිදහෙලීය.

දිල්ලි කැපිටල්ස් : 154-6 (20.0)
ශ්‍රෙයාස් අයියර් 43(32), ශිම්රන් හේට්මයර් 28(16)
මුෂ්ටෆීසර් රහ්මාන් 2/22, චේතන් සකාරියා 2/33

රාජස්ථාන් රෝයල්ස් : 121-6 (20.0)
සංජු සැම්සන්* 70(53), මහීපාල් ලොම්රෝ 19(24)
ඇන්රිච් නෝකියා 2/18, රවිචන්ද්‍රන් අශ්වින් 1/20

Creeda Sports Network[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top