සන්රයිසස් පිළේ අවසන් වටයේ බලාපොරොත්තු ගිලිහි යයි.

[vc_row][vc_column][vc_column_text]ක්‍රීඩා කළ තරග 9න් 8ක් පරාජයට පත් වීම හේතුවෙන් ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ Playoffs වටයට සුදුසුකම් ලැබීමට තිබූ අවස්ථාව සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමට අහිමි වෙයි. ඊයේ රාතියේදී පැවති පංජාබ් කිංග්ස් කණ්ඩායමට එරෙහි තරගය ලකුණු 5කින් පරාජයට පත්වන්නට සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමට සිදුවිය.

කාසිය වාසිය හිමිකරගත් සන්රයිසස් හයිද්‍රාබාද් නායක කේන් විලියම්සන් පළමුව පන්දු යැවීම තෝරාගත්තේය. මෙම තරගය වෙනුවෙන් කොදෙව් සුපිරි ක්‍රීඩක ක්‍රිස් ගේල් කැදවා තිබුණි. නමුත් ඔහුට ඊයේ දිනයේදී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 14ක් පමණි. නියමිත පන්දුවාර විස්ස තුළදී පංජාබ් කිංග්ස් ලකුණු පුවරුව දිස්වූයේ ලකුණු 125කට කඩුලු 7ක් ලෙසිනි.

ඉනීමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වූ ඒඩ්න් මක්‍රම් පන්දු 32කදී ලකුණු 27ක් රැස්කළේ හතරේ පහර 2ක් සමගිනි. ලෝකේෂ් රාහුල් ලකුණු 21ක් රැස්කළ අතර පන්දු යැවීමේදී ජේසන් හෝල්ඩර් ලකුණු 19ට කඩුලු 3ක් දවාගන්නට සමත් විය. නව පන්දුව අතට ගත් මොහොමඩ් ශාමි ඩේවිඩ් වෝනර් හා කේන් විලියම්සන් ක්‍රීඩාගාරයට හරවායවන්නට සමත් විය.

මැදපෙල පිතිකරුවන්ට ලකුණු අතරට පිවිසෙන්නට රවී බිෂ්නෝයි ඉඩ නොතැබීය. නමුත් ජේසන් හෝල්ඩර් හා ව්රිදිමන් සහා තරගය අත්නොහරින්නට වගබලාගත්හ. සහා ලකුණු 31කට අවාසනාවන්ත ලෙසින් දැවීයාමත් සමගින් සන්රයිසස් පිලේ බලාපොරොත්තු සුන් විය. නමුත් ජේසන් හෝල්ඩර් අවසන් පන්දුව තෙක් සටන් කළේය. නියමිත පන්දුවාර විස්ස අවසානයේදී කඩුලු 7ක් දැවී ඔවුනට රැස්කිරීමට හැකිවූයේ ලකුණු 120ක් පමණි. ජේසන් හෝල්ඩර් පන්දු 29කදී හයේ පහර 5ක් සමගින් නොදැවුනු ලකුණු 47ක් රැස්කළේය. පන්දු යැවීමේදී රවී බිෂ්නෝයි කඩුලු 3ක් හා මොහොමඩ් ශාමි කඩුලු 2ක් බිදහෙලීය.

පංජාබ් කිංග්ස් : 125-7 (20.0)
ඒඩ්න් මක්‍රම් 27(32), ලෝකේෂ් රාහුල් 21(21)
ජේසන් හෝල්ඩර් 3/19, අබ්දුල් සමාඩ් 1/9

සන්රයිසස් හයිද්‍රාබාද් : 120-7 (20.0)
ජේසන් හෝල්ඩර් * 47(29), ව්රිදිමන් සහා 31(37)
රවී බිෂ්නෝයි 3/24, මොහොමඩ් ශාමි 2/14

Creeda Sports Network

[/vc_column_text][/vc_column][/vc_row]

Back To Top