ගුජරාට් පහසුවෙන් පැරදවූ බැංගලෝර් පිළ දෙවෙනි තැනට

2026 IPL තරගාවලියේ 34වෙනි තරගය ඊයේ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් සහ ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම් අතර ඊයේ පැවැත්වුණා.එම තරගය කඩුලු 5කින්,පන්දු 7,ක් ඉතිරිව තිබියදී ජයගැනීමට රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සමත් විය.කාසියේ වාසිය දිනාගත් රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් නායක රාජත් පටීදාර් මුලින්ම පන්දු යැවීමට තීරණය කළේය.

ගුජරාට් ඉනිමේ ආරම්භක පිතිකරුවන් ලෙස පිටියට පිවිසි සායි සුදර්ශන් සහ නායක ශුබ්මන් ගිල්.ඔවුන් දෙදෙනා එක්ව පළමු කඩුල්ලට ලකුණු 128ක සබදතාවයක් නිර්මාණය කිරීමට සමත්වූහ.විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ සායි සුදර්ශන් ශතකයක් වාර්තා කිරීමට සමත් විය.ඔහු පන්දු 58කින් හතරේ පහර 11ක් සහ හයේ පහර 5ක් සමගින් ලකුණු 100ක් රැස් කළේය.පන්දුවාර 20 අවසානයේ කඩුලු 3කට ලකුණු 205ක් රැස් කිරීමට ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම සමත් වූහ.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිවිසි රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් ඉනිමේ පළමු කඩුල්ල ලෙස ඊයේ පිල් සෝල්ට් වෙනුවට කණ්ඩායමට කැදවා තිබූ ජේකබ් බෙතෙල් දැවී ගියේය.දෙවෙනි කඩුල්ලට විරාත් කෝලි සහ දෙව්දත් පඩික්කල් අතර ගොඩ නැගුණු ලකුණු 115ක සබදතාවය රෝයල් චැලෙන්ජර්ස් කණ්ඩායමේ ජයග්‍රහණය ඉක්මන් කිරීමට සමත් විය.විරාත් කෝලි පන්දු 44කින් ලකුණු 81ක් රැස් කරගත් අතර දෙව්දත් පඩික්කල් පන්දු 27කින් ලකුණු 55ක් රැස් කළේය.

පන්දුවාර 18.5කදී ලකුණු 206ක් ලබා ගනිමින් කඩුලු 5කින් පහසුවෙන් තරගය ජය ගැනීමට රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සමත් වූහ.මේ ජයග්‍රහණය සමග ඔවුන් ප්‍රසාද ලකුණු සටහනේ දෙවෙනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට සමත් විය.

ලකුණු විස්තරය

ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම පන්දුවාර 20කදී කඩුලු 3කට ලකුණු 205යි

සායි සුදර්ශන් 100,ශුබ්මන් ගිල් 32,ජොස් බට්ලර් 25
බුවනේෂ්වර් කුමාර් 31/1,සුයාෂ් ශර්මා 36/1,ජොස් හෙසල්වුඩ් 40/1

රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම පන්දුවාර 18.5කදී කඩුලු 5කට ලකුණු 206යි.

විරාත් කෝලි 81,දෙව්දත් පඩික්කල් 55,කෘනාල් පාණ්ඩ්‍යා 23.
රශිඩ් ඛාන් 49/2,ජේසන් හෝල්ඩර් 35/1,මොහොමඩ් සිරාජ් 25/1

Back To Top