ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල වාර්ෂික මහා සභාරැස්වීම ශ්‍රී ලංකාවේ දී

ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා සහ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නියෝජිතයින් අතර පැවති සාකච්ඡා වලින් අනතුරුව ශ්‍රී ලංකාවට පනවා තිබූ ජාත්‍යන්තර ක්‍රිකට් තහනම ඉවත් විය. එමෙන්ම මෙරටට අහිමි වීමට තිබූ ICC වාර්ෂික මහ සභා සමුළුව 2024 ජූලි මස 19 වන දින සිට 22 වන දින දක්වා ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමට ICC ය තීරණය කර ඇත.

ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා සිය X ගිණුමෙහි සටහනක් තබමින් මේ බව තහවුරු කොට ඇත. ඒ අනුව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සල වාර්ෂික මහා සම්මේලනය දින තුනක් පුරාවට කොළඹදී පැවැත්වෙනු ඇත.

Back To Top