කැනෝයිං සහ කායාකිං (Canoeing and Kayaking ) , ඔරු පැදීම (rowing ) , යාත්‍රා කිරීම ( Sailing ), සර්ෆින් කිරීම ( Surfing ) යන සම්මේලන 04 හි සාමාජිකයින් හා තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ අතර හමුවක් අද (27) තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ දී පැවැත්විණි.
ඉදිරියේ දී මෙරට තුළ ජාතික ජල ක්‍රීඩා මධ්‍යස්ථානයක් ඉදි කිරීම පිළිබඳ මූලික පියවරක් වශයෙන් මෙම සාකච්ඡාව සිදු කෙරිණි. මෙම අවස්ථාවට ක්‍රීඩා සංවර්ධන අධ්‍යක්ෂ ජෙනරාල් ශෙමාල් ප්‍රනාන්දු සහ ඉහත සම්මේලන 04 හි, සභාපතිවරුන් සහ ලේකම් වරුන් ඇතුළු නිලධාරීන් සහභාගී විය.