2026 IPL තරගාවලියේ 39වෙනි තරගය දිල්ලි කැපිටල්ස් කණ්ඩායම සහ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම අතර ඊයේ දිල්ලිහි අරුන් ජෙට්ලි ක්‍රීඩාංගණයේදී පැවැත්වුණා.
කාසියේ වාසිය දිනාගත් රාජත් පටීදාර්ගේ ආරාධනයෙන් මුලින්ම පන්දුවට පහර දීමට පැමිණි දිල්ලි කණ්ඩායමේ ඉනිමේ කඩුලු අඩකට වැඩි කොටසක් 4වෙනි පන්දුවාරය වන විටත් දිල්ලියට අහිමි කරවන්න රෝයල් චැලෙන්ජර්ස් පන්දු යවන්නන් සමත් වුණා.
මෙහිදී පළමු කඩුලු 6න් තුන බැගින් දවාගත්තේ බුවනේෂ්වර් කුමාර් සහ ජොස් හෙසල්වුඩ්.පවර් ප්ලේ පන්දුවාර 6 අවසන් වීමටත් පෙර දැවී ගිය කඩුලු අතර ලෝකේෂ් රාහුල්,නිතිෂ් රනා,සමීර් රිස්වි වැනි ප්‍රබල කඩුලුත් අන්තර්ගතයි.
කෙසේවෙතත් අභිෂේක් පෝරෙල්ගේ ඉනිම නිසාවෙන් දිල්ලි ඉනිම ලකුණු ලකුණු 75ක් දක්වා පැමිණියා.
ලකුණු 76ක පිළිතුරු ඉනිමක් ක්‍රීඩාකළ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම පන්දු 81ක් ඉතිරිව තිබියදී ලකුණු 77ක් ලබාගෙම ඉතා පහසුවෙන් කඩුලු 9කින් තරගය ජයග්‍රහණය කරා.
පිට පිට තරග තුනක් ජයග්‍රහණය කරමින් ක්‍රීඩා කළ තරග 8න් 6ල් ජයග්‍රහණය කළ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම මේ වන විට ප්‍රසාද ලකුණු සටහනේ දෙවෙනි ස්ථානයට පැමිණුනා.
තරගයේ ලකුණු සටහන
දිල්ලි කැපිටල්ස් කණ්ඩායම පන්දුවාර 16.3කදී සියලුදෙනා දැවී ලකුණු 75යි.
අභිෂේක් පෝරෙල් 30,ඩේවිඩ් මිලර් 19
ජොස් හෙසල්වුඩ් 12/4,බුවනේෂ්වර් කුමාර් 5/3,කෘනාල් පාණ්ඩ්‍යා 9/1.
රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම පන්දුවාර 6.3කදී එක් කඩුල්ලකට ලකුණු 77යි.
දෙව්දත් පඩික්කල් 34,විරාත් කෝලි 23,ජේකබ් බෙතල් 20
කයිල් ජේමිසන් 42/1

